(නාලක සංජීව දහනායක)
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා දෙදින රාජ්ය සංචාරයක් සඳහා හෙට (12) ඉරානය බලා පිටත්ව යයි.
ඉරාන ජනාධිපති හසන් රූහානි මහතාගේ විශේෂ නිල ඇරයුමකට අනුව එරටට යන ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුරදි ඉරාන - ශ්රී ලංකා ආර්ථික හා වෙළඳ සබඳතා වැඩිදියුණු කර ගැනීම මෙන්ම මෙරටෙහි ඉරාන ආයෝජන දිරිමත් කිරීම පිළිබ`දවද මෙම සංචාරයේදී අවධානය යොමු කෙරේ.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හා ඉරාන ජනාධිපතිවරයා අතර නිල හමුව අනිද්දා (13) සිදුවන අතර දෙරටේ ආර්ථික සහ වෙලෙඳ සබඳතා වර්ධනය කෙරෙන නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමටද නියමිතය.
ඉරාන වාණිජ මණ්ඩලය සංවිධානය කෙරෙන විශේෂ ආයෝජන සහ ව්යාපාරික සමුළුවකටද ජනාධිපතිවරයා සහභාගී වන අතර ඉරාන පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමටද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරාන මිනිස්සුන්ට මේ දවස් වල වෙන ගැටළු බොහොමක් තියනවා... රැවුල ගිනිඅරන් ඉන්න අතර මෙතුමා ගිහිල්ල මොනවා කරන්න හදනවාද ?
අපට හංගන්න එපා. පිනට යමක් ඉල්ලගන්න නේද යන්නේ?
ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්රධානියා කල වැඩේ නිසා ආයෝජකයන් මෙතුමා ගැන විශ්වාසය තියයිද මන්දා ? පස්සේ පත් කරපු කෙනාවත් දුෂණ චෝදනා තිබිලා ඉවත් කලානේ. පසුව හරි ඒ තනතුර අත්හිටුවීම සතුටට කරුණක්. ඒ අත්හිටුවීමට මං ස්තුති කළා කියලා අනුන්ගේ වරද විතරක් දකින හොඳ නොපෙනෙන කිහිප දෙනෙකු දොස් කියා තිබුණා. ඒකට ඉතින් මොනවා කරන්නද ? " තමන්ගේ මට්ටන් තං මට්ටන් " කියා තියෙනවානේ.
එතකොට මේ අවුරුද්දේ මුල වගේ ගියේ කවුද? අගමැතිද? ජනාධිපතිද? එනවා යනවා අන්තිමට අපි අඬනවා (ඇන්ජලීන්ගේ සින්දුවක් මතක් වුණා). මීට වඩා හොඳයි මේ ලොක්කෝ දෙන්න ශ්රී ලන්කන් එකේ ගුවන් සේවක සේවිකා රස්සාවල් ගත්තා නම්. ඇවිදින එ්කමනේ කරන්නේ. ඉතින් පුදුමයක්ද පත්තරේ බැලුවේ නැත්නම් රටේ වෙන දේවල් නොදන්නා එක...?
ලෝකේ වටේ සවාරි ගහමින් රටේ මුදල් කාබාසිනියා කරමින් රට විනාශ කරනවා.
තෙල් ගේන්නද යන්නේ? මට ලීටර් 5ක් ඇති අපි ලිස්ට් එකක් දෙන්නද?
මෙයාලා ලෝකෙ වටේ රවුම් ගහනවා. කට මැත දොඩවා දොඩවා ...රටේ ජනතාවට මොකද වෙන්නේ කියා දන්නෙත් නෑ. මීට නරකද ? රට පාලනය කරන්න පඹයෙක් ඔය පුටුවේ ඉන්දවා ගත්තා නම්... කුඹින්ටත් රජෙක් ඉන්නවා. අපේ රටට පිටකොන්දක් තියෙන පාලකයෙක් නැති අඩුව මෙයින්ම පේනවා.