හර්ෂණ තුෂාර සිල්වා
ලෝකයේ අනෙක් රටවල බුද්ධි මට්ටම් හා සැලකීමේදී අප සිටින්නේ ඉතා කනගාටුදායක තත්ත්වයක යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය අසන්තා අත්තනායක මහත්මිය අද (10) ප්‍රකාශ කළාය.
සාක්ෂාරතාව සියයට 98ක් යැයි මහ ඉහළින් කීවත් බුද්ධි මට්ටම අතින් අප පහළ මට්ටමක සිටින්නේ යැයි ද සාක්ෂරතාව සහ බුද්ධි මට්ටම යනු හාත්පසින්ම වෙනස් මිණුම් දඬු දෙකක් යැයි ද ඇය කීවාය.
ලෝකයේ සම්මත ආකාරවලට අනුව බුද්ධි මට්ටම ගණනය කරන බවත් එහිදි අප අයත් වන්නේ 72ත් 82ත් අතර බුද්ධි මට්ටම් ස්ථරයට බවත් තවත් පහළට වැටුණහොත් අපි මන්ද බුද්ධික මට්ටමට පත්වෙනවා යැයි ද ආචාර්ය අත්තනායක මහත්මිය පැවැසුවාය.
බී.ඒ.ඩී ජයන්තර වීරසිංහ මහතා රචිත ‘ජීවිතය ජයගන්නට මා ආ ගමන් මඟ’ කෘතිය සම්බන්ධයෙන් රාජගිරිය ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පැවැති කතිකාවකදී අදහස් දක්වමින් ආචාර්ය අසන්තා අත්තනායක මහත්මිය එම කරුණු කීවාය.
“අපිට සමාජයේ වෙන දේවල් දැක්කම ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. බුද්ධි මට්ටම ඉහළම රටවල් අතර ඉදිරියෙන්ම ඉන්නේ දකුණු කොරියාව. ඉන් අනතුරුව ජපානයත් ඊට පසු යුරෝපා රටවල් සිටිනවා. ඉන්දියාවත් අපට වඩා ඉදිරියෙන් ඉන්නවා. දකුණු කොරියාවේ බුද්ධි මට්ටම 102. ඉන්දියාවේ 84යි. අපි ඉන්දියාවටත් පස්සෙන් ඉන්නේ.
අපි සාක්ෂරතාව වැඩි කියලා මහ ලොකුවට කියනවා. සාක්ෂරතාව කියන්නේ තමන්ගේ නම ලිවීමට හා කියවීමට ඇති හැකියාවයි. සාක්ෂරතාව සහ බුද්ධි මට්ටම කියන්නේ හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ නිසා අපේ අධ්‍යාපන ක්‍රමවේද ගැන සතුටු වෙන්න බැහැ.
බුද්ධි මට්ටම ගත්තාම මේවා ජාත්‍යන්තර ඒවා බටහිර දේවල් කියලා ඕනෑම කෙනෙක්ට කියන්න පුළුවන්. විවේචන කරන්න පුළුවන්. එහෙත් අපි ඉන්නේ කනගාටුදායක තත්ත්වයක. මේ මිණුම් දඬු ජාත්‍යන්තරය පිළිගන්නවා.
මේ ගැන බොහෝ දේ අන්තර්ජාලයෙන් බලාගන්න පුළුවන්. බුද්ධි මට්ටම දර්ශකයක් තිබෙනවා. මෙය අපේ සමාජයේ අපේ රටේ හරස්කඩක්.
අපි ඉන්නේ මන්දබුද්ධික මට්ටම් සීමාවේ. අපි තවත් පහළට ගියොත් මන්ද බුද්ධික මට්ටමට පත්වෙනවා. මේවා මම කියන දේවල් නෙමෙයි. අන්තර්ජාලයෙන් හෝ පත පොතින් මේ දේවල් බලන්න පුළුවන්.
මගේ ස්වාමිපුරුෂයා විදේශිකයෙක්. ඔහුත් මේ දේවල් සම්බන්ධයෙන් උනන්දුයි. ඔහු අපේ රට දෙස බලන්නේ වෙනස් විදියකට. විදේශිකයෙක් විදියට. රටක් දියුණු කරන්නට සමාජ ස්ථර දෙකක් පිරිස් වර්ග දෙකක් අවශ්‍ය බව ඔහු කියනවා. එහෙත් ඒ කොට්ඨාශ දෙකම අපේ රටේ නැති නිසා අපේ රට දියුණු කරන්න බැහැ කියලා ඔහු කියනවා.
මේ කොටස් දෙකෙන් පළමු වැන්නෝ චින්තකයෝ, දාර්ශනිකයෝ හා බුද්ධිමත්තු. ඔවුන්ට රටේ බැරි තත්ත්වයක් ඇති කරලා තියෙනවා. අනෙක් කොටස දුප්පත් ජනතාව. දරිද්‍රතාවයේ පහළම ඉන්න ජනතාව. ඔවුන්ට ඉවසන්න බැරිම තැන අරගල කරනවා.
එහෙත් අරගල කරන්න මිනිස්සු නැහැ අපේ රටේ. හිතන්න මිනිස්සු නැහැ. දැක්මක් තිබෙන බුද්ධිමතුන් නැහැ. ඉහත කියපු ස්ථර දෙක නැතිනම් කොටස් දෙකම අපේ රටේ නැහැ.
අපේ චින්තකයෝ, දාර්ශනිකයෝ, බුද්ධිමතුන් බොහෝමයක් රට අත්හැරලා ගිහින්. අපේ රටේ දුප්පත් ජනතාවගෙන් බොහෝමයක් මැද පෙරදිග හෝ වෙනත් රටවල ශ්‍රමික සේවයට ගිහින්. අපේ රටේ දැන් ඉන්නේ මැද ජනතාව නැතිනම් සාමාන්‍ය ජනතාව. ඔවුන් සාමාන්‍යයි. ඔවුන්ට ඕනෑම සාමාන්‍යය තත්ත්වයක ජීවත් වෙන්න පුළුවන්. ඔවුන්ට ගැටලුවක් නැහැ.
දුප්පත් ජනතාව සිටියා නම් අරගල කරනවා. සාමාන්‍ය ජනතාව අතින් එය සිදුවන්නේ අඩුවෙන්. අපේ රටේ තාර්කිකව හිතන මිනිස්සු අඩුයි. හේතු සොයාගන්නා ඒවා සාධාරණීයකරණය කරන ඒ වෙනුවෙන් පෙනී සිටින මිනිස්සු අඩුයි. අපේ ළමයි බුද්ධිමය අතින් ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. අපේ දරුවන්ව ඒ දේවල්වලින් මුදා ගන්න ඕනේ. ඒ සඳහා කළ යුතු බොහෝමයක් දේ තිබෙනවා.
අපිට වරදින්න ගොඩක් හේතු තිබෙනවා. අපේ අධ්‍යාපනය විශාල අර්බුදයකට ගිහින් තියෙනවා. වෙනත් රටවල විභාග ක්‍රම වෙනස්. අධ්‍යාපන ක්‍රම වෙනස්. ඒ අතින් බලද්දි අපි ඉන්නේ ගොඩාක් පහළින්. අපි තවත් බොහෝ දේවල් කළ යුතුයි. අපි ආකල්පය අතිනුත් විශාල පිරිහීමකට ලක්වෙලා” යැයි ද ආචාර්යවරිය තවදුරටත් කීය.
දේශපාලකයන් හැසිරෙන ආකාරයෙන් සමාජයේ මිනිසුන් හැසිරෙන ආකාරයෙන් මේ ගැන හොඳ අවබෝධයක් ලබාගත හැකි බවත් ඉහත කරුණු සම්බන්ධයෙන් පුදුමයට පත්විය යුතු නැති බවත් කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා මෙහිදි අදහස් දක්වමින් පැවැසීය.
කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා ඇතුළු තවත් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඡායාරූප ඉෂාන් සංජීව



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නම් සම්පූර්ණ ඇත්තක්, පක්ෂ පාට බෙදා ගෙන බදා ගෙන, හොරුන්ටම කඩේ යන, හොරුන්ටම ඡන්දෙ දෙන, හැමදාම අපිම රැවටෙන, කොදෙව් මානසික මට්ටමක ඉන්නා, ජාති වාදය, ආගම් වාදය, කුල බේද,උඩරට පහත රට කියා වෙනස් ලෙස සලකන එකම ජාතිය අපි ,
හොද පැහැදිලි කිරීමක්. ඇත්ත අපේ කැම්පස් ලෝකේ පහලම මට්ටමේ තියෙන්නේ.. ඒත් හිතන් ඉන්නේ අපි තමා ලෝකෙටම දැනුම දෙන්නේ කියලා. සාමාන්‍ය ජනතාවට හොද බුද්ධියක් තිබුන නම් මේ වගේ දේශපාලකයෝ පත් වෙන්නේ නෑනේ. අපේ අධ්‍යාපනය අන්තිමයි. බිහිකරන්නේ , තනිකරම ආත්මාර්ථකාමි, තමන්ගේ දෙමව්පියන් ගැන නොහිතන, රට ගැන නොහිතන මිනිසුන්.. පේනවනේ දොස්තරවරුන්ගේ උද්ගෝෂණ, ලෙඩ මැරුණත් කමක් නෑ තමන් ගැන විතරයි හිතන්නේ. ගුරුවන්ගේ පඩිය කම්කරුවන්ගේ පඩිය ගානට වැටිලා, වැඩිදුර ඉගෙන ගන්න ගුරුවන්ට පඩි වැඩිකිරීමක් නෑ.. වුනොත් රුපියල් 500. ඉස්කෝලේ කම්කරුවගේ වැටුපයි ගුරුවරයාගේ වැටුපයි අතර වෙනස රුපියල් 2000. දේශපාලන පත්වීම් නිසා හොද ගුරුවරු දුෂ්කර දානවා. ඔවුන්ගෙන් හොද සේවයක් ගන්න බැහැ. මුළු අධ්‍යාපනයම විනාස වෙලා තියෙන්නේ. කිසිම දවසක වැඩ වර්ජන නොකරපු ගුරුවන්ගේ අඩුම සැලකිල්ල.
ඒක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැ!
කාලෙකට පස්සේ අහපු හොද කතාවක්.
පොදුවේ ගත්තහම අපේ අයව රවට්ටන්න හරිම ලේසියි. දේශපාලකයෝ විතරක් නෙමේ ඔය ඕනම කෙනෙක් ටිකක් අලුත් වචන සෙට් එකක් අතහැරපු ගමන් ඒවා ඔලුවට උඩින් තියා ගන්න අපේ අය හරිම ආසයි. බොරුනම් අපේ සමාජයේ අවධානයට ලක් වුනාය කියන අදහස් ප්‍රකාශ කිරීම් අරගෙන බලන්න.
දකුණු කොරියාවේ විශ්වවිද්‍යාලවල නොමිලේ උගන්වන්නේ නැහැ. ඒ නිසා එයාලට ලංකාවේ ළමයින්ට වගේ උද්ගෝෂණ පිකටින් වර්ජන පෙළපාලි කරමින් පාරවල් අවහිර කරන්න වෙලාවක් නැහැ. මමත් හිතන්නේ අපේ විශ්වවිද්‍යාලවල ළමයින් මන්ද බුද්ධික නිසා තමයි මෙහෙම මෝඩ වැඩ කරන්නේ.
බුද්ධිමත් සමාජයක හැම ප්‍රශ්නයටම රටේ පාලකයන්ට බනින්නේ නැහැ. මේ උදවිය කරන කතාවෙන්ම පෙනෙනවා ඒ උදවියගේ බුද්දි මට්ටම විශේෂයෙන් 5 වසරේ විභාග ක්‍රමය ළමයට හිතන ක්‍රමය නැති කරන්න පටන් ගන්න තැන අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය මේකට අත තියන්නවත් දෙන්නේ නැහැ.
අන්න ඒ නිසා තමයි රට තවම දියුණු වුනේ නැත්තේ.
ලංකාව අධ්‍යාපන ක්‍රමය වෙනස් කල යුතුයි. බුද්ධිමත් අය ඉන්නවා. ඒ වුනාට ඒවා පෙළ ගස්වන්න ක්‍රමයක් නෑ. ඇයි අමතර පන්ති. ඕකෙන් වෙන්නේ ලියන එකයි කියන එකයි ඉස්සරහට යන එක. ඒ කියන්නේ පංචේන්ද්‍රයන්ගෙන් දෙකක් විතරයි. ඔය පංචේන්ද්‍රයන් මෙහෙයවන ළමා මොලය නිදි. මොකද ඒකට මහන්සියි. හිතන්න වෙලාවක් නෑ. මොලය පුරුදු වෙන්නේ හිතන්න නෙවේ.
රට පාලනය කිරීමට අපේ මිනිසුන් පත්කරන පුද්ගලයින් දිහා බැලුවාම කියන්න පුළුවන් අපි බුද්ධිමත් නැහැ කියා. බුද්ධිමත් මිනිස්සු බුද්ධිමත් පාලකයින් පත් කළොත් ඔවුන් සෙසු ජනතාව බුද්ධිමත් වුනත් නැතත් ඔවුන්ව රටේ දියුණුවට යොදාගනීවි. රටේ නායකයා තම රටේ සිදුවන දේ දැනගන්නේ පුවත්පත් මාර්ගයෙන් නම් එවන් නායකයෙකුගෙන් රටට වෙන සුගතිය කුමක්ද?
ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු විගසම පාර්ලිමේන්තුවට ගියේ උගත්, බුද්ධිමත්, වැදගත් පවුල්වල මිනිසුන්. පක්ෂ භේද ඇති වුනාට පස්සේ දේශපාලන ක්‍රමය ප්රචණ්ඩ, මානුසික හිංසන, ඇතිකරන පිරිස් රිංගන්නට පටන්ගත්ත විශේෂයෙන්ම පසුගිය අවුරුදු 20 තුළ. උගතුන් බුද්ධිමතුන් නිහඬ වුනා. සමහර එවැනි පිරිස් පිටරටවලට ගියා. අභාවප්‍රාප්ත වුනා. ආචාර්ය අසන්තා අත්තනායක කියන කතාව අහල උගත් මිනිසුන් ටික එකතු වුනොත් මේ අගාධයට යන රට ගොඩ ගන්න පුළුවන්.
සම්පූර්ණ ඇත්ත. ඒක හොඳට පේනවා අපේ අය පාර්ලිමේන්තු යවන අයගෙන්...
මගේ මතයත් ඕකම තමයි. ස්තූතියි මගේ මතය තහවුරු කළාට, ඒ වුනාට ඒ ගැන මට සැකයක් තිබුණේ නෑ. 88-89 කාලයේ කොන්ද පණ ඇති බුද්ධිමත් ජිවිත කීයක් අපිට නැති උනාද? කපටින්ට, ගොට්ට අල්ලන අයට තනතුරු ලැබෙන, බුද්ධිමතුන්ගේ හිත් කළකිරවන කාලයක් මේක. මෝඩ මිනිස්සු අට පාස් අය පාර්ලිමේන්තුවට යවන කාලයක් මේක. කවුරු හරි හිතනවානම් මේ රට කවදාහරි ලඟකදී දියුණු වෙයි කියලා, මේ ආර්ටිකල් එක හොඳ උත්තරයක්. අපේ අධ්‍යාපනයෙන් ළමයින්ගේ බුද්ධිය වඩන්නේ නැත, නමුත් ගිරවුන් බෝ කරයි.
සම්පූර්ණ ඇත්තක් ඩොක්ටර්.. මේ කියන්නේ විශේෂයෙන්ම අර 225 දෙනා ගැන වෙන්න ඇති..
මේ ගැන ඉතාහොඳ චිත්‍රයක් මැවෙනවා මෙම පුවත්පතේම පළමු පිටේ දකුණු පලාතේ දේශපාලඤයින් ඉන්ධන මිල වැඩිකිරීමට විරෝධය පා ගව කරත්තවලින් ගමන් යනවා. අපූරුවනම් මහජන බදු මුදලින් ලැබෙන වාහනය ඉතා අධික මිලකට විකුනනවා, සංග්‍රහ දීමනා, ඉන්ධන දීමනා අතුලු සියලු වරප්‍රසාද භුක්තිවිදිනවා ඒ කරලා එක දවසක් ගොන් කරත්තයක යනවා. නුබලා සැබෑ මහජන නියෝජිතයින්නම් මේ සියලු ව්රප්රසාද මහජනයාට සහන සලසන තුරු ප්‍රතික්ෂේප කරන්න එවිට අපට හදුනා ගත හැකියි සැබෑ මහජන නියෝජිතයා. නො එසේ නම් මුල් පුවත සේම අප ඉන්නේ මන්දබුද්ධි මට්ටමේ.
ලංකාවේ දරුවන්ට තමන්ගේ විචක්ෂණ බුද්ධිය දියුණු කරගන්න අවස්තාවක් තිබේද යන්න මගේ ප්රශ්නයයි. කුඩා කල සිටම ළමයාට දෙමාපියන් පවුලේ වැඩිමහලු සහෝදරයන් අතට පයට සෑම දෙයක්ම කරදී ස්වාධීනව නැගිසිටීමේ හැකියාව අඩපන කරනවා. සියලුම දේවල් දෙමව්පියන් සහ ආණ්ඩුව කරන තෙක් බලාගෙන සිටීම දරුවාට ලැබෙන එකම ආදර්ශයයි. උපාධි දෙක තුනක් අතේ තබා ගෙන , රැකියාවකුත් කරනගමන් දෙමව්පියන්ගෙන් මහා ගෙදර ලැබෙනතෙක් බලන් ඉන්න මිතුරෙකු මට ඉන්නවා. අධ්‍යාපනයෙන් ඉහලට ගියත් ආකල්ප ළමා අවධියේ. අසුව දශකයේ පාසල් අධ්‍යාපනය අවසන් කල අපේ පරම්පරාවේ , වැඩිදුර අධ්‍යාපනයට පිටරට ගිය උදවියගේත් ලංකාවේ උපාධිය ලබා මෙහි ජීවත් වෙන අයගෙත් ජීවිත ඉතාම වෙනස්. හේතුව මුදල් නෙවෙයි. ලංකාවේදී නොලැබුන , දියුණුවට අත්‍යාවශ්‍ය ආකල්ප ඔවුන් ඒ රටවලදී ඇති කර ගත්තා. ඔවුන්ගේ දරුවන් කුඩා කාලයේදීම අධ්‍යාපනයේත් බුද්ධියේත් වෙනස හඳුනා ගන්නවා. අපේ රටේ මේ වෙනස අපහසුවෙන් හෝ අනාගත පරපුර වෙනුවෙන් ඇති කල යුතුයි.
අවුරුදු ගණනාවක් දේශපාලුවෝ කලේ පොදු ජනතා බුධි මට්ටම පහල දාන්න අධ්‍යාපනය වෙනස් කරන එක. ඒගොල්ලෝ කිවොත් 1+1= 1 කියලා ජනතාව පිළිගන්න ඕනේ තත්වයට අද ජනතාව වැටිලා. 60-70 දශක වල සාමාන්‍ය පෙළට පෙනීසිටි අයකුගේ දැනුම අද ව්ශ්වවිද්යාලයෙන් පිටවන කෙනෙකුට නැහැ. එදා ළමයි අධ්‍යාපනය හදාරන අතර මුළු ලෝකය පුරාවට ඇති දැනුම පොතපතින් ලබාගන්න උනන්දු වුනා. අද ළමයින්ට වෙලාතියෙන්නේ උදෙ සිට රැ වෙනතුරු ටියුෂන් යනඑක. ගණන් හදලා බලන්න. කීදෙනෙක් ළමයට අවුරුද්දකට කන්න දෙන වියදමට වඩා මාසෙකට ටියුෂන් වලට වියදම් කරනවද කියලා.
ඉස්සෙල්ලා රට හදන තැන බුද්ධි මට්ටම සොයා බලන්න. ගසා කෑමේ මට්ටම නම් ඉතා උසස්. එ් දේ එක රජ සමයක පුරුදු පුහුණු වුන දේ, කොහොම හරි ගසා කාලා දියුණු වෙන්න. ඒ නිසා බුද්ධි මට්ටමයි, මනුස්සකමේ මට්ටමයි පොළව යටටම ගියා. ආයේ ඔය මට්ටම හදන්න බැහැ.
මම සිතාගෙන සිටියේ ලකාවේ මොලකාරයෝ ඉන්නවා කියලයි. මේ රටවල අය සිතාගෙන ඉන්නේ එහෙමයි..
මේ කියන්නේ පෙත්ත හරහට ගහල වගේ...
අපි නම් ඔය විත්තිය දැනගෙන හුඟක් කල්...
ලිපිය කියෙව්වම පැහැදිලි වෙන කරණය එක්කෝ බුද්ධිමත් පාලකයෝ රට පාලනය කරන්න ඕනේ... එහෙම නැත්නම් අරගල කරලා බුද්ධිමත් නැති පාලකයෝ එලවන්න ඕනේ. මේ දෙකෙන් කැමති එක තෝරාගන්න ඕනේ. සාමාන්‍ය ජනයට අවශ්යපාර අවහිර නොවී තමන්ගේ ගමන යන්න නම් මේ රට හදන්න හම්බවෙන්නේ නැහැ කියල තමා ලිපියෙන් පැහැදිලි වෙන්නේ.
අද සමාජය දෙස බලනකොට මෙය නම් මනාව පැහැදිලියි. මෙවැනි ප්‍රකාශ රට තුළ ප්‍රසිද්ධ කර සොයා බැලිය යුතු වෙනවා. මෙයට පිළියම් යොදන්නේ කොහොමද කියා, විශේෂයෙන් කුඩා දරුවන්ගෙන් පටන් ගත යුතුවේ.
එ්ක ඔබතුමා කියන්න දෙයක් නැහැ. රටේ ඡන්ද හා ඡන්ද දිනන විදිහ දැක්කම ඕනේ ගොනෙකුට ඕක තේරෙනවා. නැත්නම් රටට මෙහෙම වෙනවද?
බුද්ධි මට්ටම අඩුයි. ලොකුකම වැඩියි. හැමොම හිතන් ඉන්නේ ලංකාව වටේ ලෝකෙ කැරකෙනවා කියලා. සමාවෙන්න හැමොම නොවේ. මම හිතන් හිටියේ එහෙමයි. පස්සෙ තේරුණා ඒක එහෙම නොවේ කියලා.
මේක නම් සියයට 1000ක්ම හරි.
ඉතින් එහෙම නම් ඉන්දියන් කසි කබල් මෙගා ටෙලිනාට්‍යයක ටී. වී චැනල්වල දුවන්නේ කොහොමද... ඔයතරමට බුද්ධි මට්ටම බැහැලා නම්...?
බුද්ධිමතුන් අඩුවෙමින් මන්දබුද්ධිකයින්ගෙන් ලාංකික සමාජය පිරිහීයාමට හේතුවන කරුණු කාරණා බොහොමයක් දකින්නට ලැබෙයි. දියුණු අධ්‍යාපන ක්‍රමයක් හඳුනා ගැනීමට අසමත්වීම, ආගමික ඉගැන්වීම්වල මූලික අධ්‍යාත්මික පදනමින් ඉවත්ව පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා මූලිකත්වය දීම, රටට නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව නීතිවේදීන් කිහිපදෙනෙක්, ධන කුවේර ව්‍යාපාරිකයින් සහ අපොස සාපෙළ නැති නූගත් මන්ද බුද්ධිකයින්ගෙන් පිරීම, මිථ්‍යා විශ්වාස වපුරමින් ජනතාව ගසා කන චෞරයින්ගේ සන්නිවේදන ජාලයේ ප්රබලකම ඉන් කිහිපයකි. දේශපාලකයින්ගෙන් බහුතරය නූගතුන් නම් ඔවුන්ට අවශ්‍ය වන්නේ මන්ද බුද්ධිකයින් මිස වෙන කවුරුන්ද? තම පළාත් පාලන ආයතනයට නන්නාඳුන වෙනත් ප්‍රදේශයක මිනිසුන් තෝරා ගන්නට තරම් නිවට වීමෙන් පෙනෙනුයේ කුමක්ද?
රට ගැන නොහිතන පාලකනයක් බිහි නොවන තාක් ලංකවේ කිසිදු අංශයක දියුණුවක් බලාපොරොත්තු විය නොහැක. එම පාලකයන්ද බිහිවිය යුත්තේ මේ සමාජයෙන්ම වීම තවත් ප්රශ්නයකි.
හැමෝම ඉංජිනේරුවෝ, වෛද්‍යවරු වෙන්න දගලනවා........අලුත් දේවල් කරන්න හිතෙන්නේ කීයෙන් කීදෙනාටද?
අපේ විශ්ව විද්‍යාලයට එන ළමයි අහිංසකයි. මේ ආචාර්යවරු තමයි ළමයින්ගේ මොලේ අවුල් කරන්නේ. ඉතින් බුද්ධිමතුන් තියා මනුස්සයෙක් වත් බිහිවෙන්නේ නැහැ.
කතාව නම් සහතික ඇත්ත.. නැත්නම් ඇමරිකාවේ තියන බකිංහැම් මාලිගාවෙන් ගෙනාපු රත්තරන් අශ්වයන්ගේ කථා පිළිගන්නවාද? තව ඇමති කෙනෙක් කියලා තිබුණා තෙල් මිල වැඩිකළාම පරිසර දූෂණය අඩුවෙනවා කියලා.. මේවට හුරේ දමන අයත් ඉන්නවානේ අපි අතරේ තවම..
ඡන්දෙ කාලෙට දේශපාලකයන්ගේ රැවටීම් සහ ජනතාවගේ ප්‍රතිචාරයම ඇති ඒ තීරණය ගන්න.
මම මේ ගැන නිතර හිතවතුන් සමග කියපු දෙයක්. අනුරාධපුර, සීගිරි යුගවල හිටපු බුද්ධිමත් මිනිස්සු නොවෙයි දැන් ඉන්නේ... වෙනත් ජන කොටසක්. මෙහෙම කුණුගොඩවල් දකින මව්වරුන්ට බුද්ධිමත් දරුවෝ බිහිවෙන්නේ නැහැ. රේල් පාර දෙපැත්ත බලන්න. කනවා, බොනවා, විසි කරනවා මුහුදු වෙරළ, නගර අපායවල් මේ ප්ලාස්ටික්, පොලිතීන් නිෂ්පාදන ප්‍රධානම හේතුවයි. විදේශිකයෝ කියන්නෙම අපිරිසිදුකම ගැනයි. මේ අයව හදන්න දැඩි නීති ඕනේ. ලෝකේ ඕනෙම පිරිසුදු රටක උපදින්නේ බුද්ධිමත් දරුවන්...
බුද්ධි මට්ටමක් තිබේ නම් නිදහස් අධ්‍යාපනයත් බදු ගෙවන ජනතාවගේ කරපිටින් ගොස් ලබා ගෙන ඊළඟට රැකියාවත් ආණ්ඩුව විසින් අතටම ලබාදිය යුතුයි යන්න රටේ සමහර උගත් තරුණයන්ට සිතෙන්නේ නැහැ.
තරුණ ළමුන්ගේ බාහිර කරුණු පිළිබඳ දැනුම හොඳටම මදි. උපාධිධාරීන්ගේ තත්වය කණගාටුදායක මට්ටමක. ලොකු පඩි දෙන රක්ෂා හොයනවා හැර පත්තරවල තිබෙන හෝ ඩිජිටල් මාධ්‍යවල තියන වෙන දෙයක් වත් බොහෝ තරුණ අය කියවන්නේ නැහැ. විශේෂයෙන්ම ඉංග්‍රීසි දැනුම මදිකම නිසා අපේ තරුණ උපාධිධාරීන් කොන්වෙනවා. ඉංග්‍රීසි මාධ්‍ය වෙනත් පාඨමාලා ඉගෙන ගත්ත අය ඉහළ පඩි ලබන පුද්ගලික අංශයේ කළමනාකරණ රැකියා වලට යනකොට උපාධිධාරීන්ට ඔවුන් යටතේ වැඩ කරන්න වෙනවා. අපේ විශ්ව විද්‍යාල මේ ගැන සොයාබලන බව පෙනෙන්නේ නැහැ. පාඨමාලා කාලීනව වෙනස්කර ගුණාත්මක උපාධිධාරීන් බිහි නොවුනොත් අනාගතේ රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිධාරීන් රජයේ රැකියාවලට විතරක් සිමවෙන්න පුළුවන්. අපේ රටේ හොඳම මොළ ටික විනාශ කරන්නේ විකල් මානසිකත්වයකින් ඉන්න ශිෂ්‍ය දේශපාලකයෝ ටික දෙනෙක්. හැමදාම වීදි සටන්. ඉගෙන ගන්න තියෙන කාලය නාස්ති කරනවා විතරක් නොවේ. පුද්ගලික විශ්වවිද්‍යාලවලට හොඳ තැනක් හදලා දෙන්නෙත් මේ ශිෂ්‍ය නායකයෝමයි. අත යට ගනුදෙනු. හොඳට හිතන්න!!!
රටත්, ජනතාවත් පාලනය කරන්න රජයක් අවශ්‍යයි. නැත්නම් රටම අයාලයේ යන එක නවත්තන්න බැහැ. අංක එකට කරන්න තියෙන්නේ පළාත් සභා වල සිට මහ ගවමඩුව දක්වා සියලුම ඡන්ද අපේක්ෂයන්ට සුදුසුකම් අඩුම ගානේ පිළිගත් විශ්වවිද්‍යාල උපාධී සහතිකයක්වත් තිබිය යුතුයි. නැතුව 8 විතරක් සමත් 50% ක් ඉන්න ගව ගාලකින් රටක් දියුණු කරන්න බැහැ.
මේක හොඳ සාකච්ඡාවක්. ඇත්ත නොදියුණු වීමේ එක් රහසක් ගැන කියවුණා. හැබැයි ඔය මූලාශ්‍රය ලැබිච්ච විශ්වවිද්‍යාලවල ඉන්න ඔය කතා කරන මහත්වරුන්ගෙන් මේක නැති කරන්න සහයෝගයක් ලැබෙන්නේ නෑ. ඔවුන් කරන්නේ ලොකුකමට ඉඳගෙන වැටුප ගන්න එක විතරයි. හැබැයි හැමෝම නෙවෙයි. ගිහිල්ලා බලන්න විශ්වවිද්‍යාලවල ආචාර්යවරු මොනවා කරනවද කියලා.. බොහෝ අය කෝටිපතියෝ. ටියුෂන් විතරයි. විශ්වවිද්‍යාල ආචාර්යකමක් දෙන්නේ උසස්පෙල ටියුෂන් කරන්නද? පරීක්ෂණ නෑ. වාදවිවාද නෑ. උසස්පෙල ළමයෙක්ගෙන් අහල බලන්න. ඒ අයට උසස්පෙලින් පස්සේ දැනුම ලැබුණද කියලා. ගොඩක් ළමයි කියනවා නෑ කියලා. පාසලේ දී තිබුණු හැකියාවන් සියල්ල නැහැ කියනවා. ඇයි මෙහෙම වෙන්නේ...?
ඉතාමත්ම වැදගත් සංවාදයක්. ඇත්ත ඇතිසැටියෙන් දකින, පවතින යතාර්ථය මනසින් දකින්නට හැකි මිනිස්සුන්ට කතා කළහැකි මාතෘකාවක්. යුධ සමයේ වත් නොතිබුණු, සමාජ පරිහානියට හේතුව, ජනතාවගේ, විචක්ෂනශීලී බුද්ධි මට්ටම පහල වැටීමයි. කනට ඇසෙන සියලු විතෘර්ති පුවත් ග්‍රහණය කොට ගනිමින්, සියල්ල සත්‍යය යයි, නිගමනය කරමින් ක්‍රියා කිරීම තුල මන්ද බුද්ධික, අශිෂ්ඨයින් ලෙස හැසිරෙන්නන් සමාජය තුල බහුල වීම මීට ඇති ප්‍රධානම හේතුවයි. තමන් තුල යහපත් ආකල්ප ප්රගුණකර නොගෙන, තමන් සතු විකුර්ති ආකල්ප සමාජයට මුදා හැරීමේ ප්‍රතිපලයි මේ. මෙම ව්‍යසනයට ප්‍රධාන වශයෙන්, ගුරුවරුන්, පුජකයින්, මාධ්‍යය හා දේශපාලකයින් වගකිව යුතුයි. තමන්ගේ ජානවලින්ම පැවත එන, ඉරිසියාව, කුහකකම, පුහුමාන්නය, හීනමානය, අනෙකා කෙරෙහි කිසිදු සාධාරණ හේතුවකින් තිරෝව ඇතිකර ගන්නා, සැකය හා භීතිය අප කෙරෙන් තුරන් කර ගත යුතුයි. යුරෝපය, ඇමරිකාව ඇතුළු බොහෝ දියුණු රටවල් දියුණු වුයේ චින්තන විප්ලවයකින් පසුවයි.ගෝත්‍රික ආකල්ප හා පුහු සංකල්ප පටු ආකල්ප පසෙකලා, එවැනි චින්තන විප්ලවයකට සමාජය හැසිරවීම හා නිර්මාණශීලී සමාජයක් බිහිකිරීමට ක්‍රියා කිරීම මේ රටේ විද්වතුන්ගේ වගකීමයි.
දාල තියන කමෙන්ට් වලින්ම පේනවා රටේ අයගේ බුද්ධි මට්ටම... ඒ අයට මොන සද්දෙ දැම්මත් රටේ කැම්පස් ළමයි තමයි වැරදිකාරයින් වෙන්නේ...
ඔබතුමියට කියන්න... මේ වෙන කොටත් මන්දබුද්ධිකයෝ ඉන්න රටක් අමුතුවෙන් මන්ද බුද්ධික වෙන්න අවශ්‍යතාවයක් නෑ. පසුගිය අවුරුදු 70 තුළදීම රටේ මන්දබුද්ධිකයන් මිස බුද්ධිමත් ජනතාවක් සිටි බවට කිසිදු පැහැදිලි සාක්ෂියක් නැත.
ලංකාවේ බොහෝ මන්ද බුද්ධිකයෝ ඉන්නේ කැම්පස්වලයි.
අපේ විශ්ව විද්‍යාල සිසුන් සතියකට දවසක් දෙකක අනිවාර්යෙන්ම මොකක් හරි එකකට උද්ඝෝෂණය කරමින් මහපාරේ බෝර්ඩ් එල්ලගෙන, ඉබාගාතේ ඇවිදිනවා. ඉගෙනීමට තිබෙන කාලය නාස්ති කරමින් මෙහෙම දේවල් කරනකොට අනිවාර්යයෙන්ම ඔවුන්ගේ ප්‍රමිතිය අඩු වෙනවා.
මිත්‍යා විශ්වාස පිරිලා හිතන්න බැරි අය වැඩියි. උගතුන් බොහෝ අය තම වාහනවල අාගම ප්‍රදර්ශනය කිරීම සහ දොස්තරවරු රෝහල් පාස් එක තම වාහනයේ ප්‍රදර්ශනය සරලම උදාහරණ වේ.
ඔය අදහස අදාළ වන්නේ මෝඩ සිංහලයින්ට පමණයි. රටේ ළමයි ඉගෙන ගන්නවාටත් අකමැතිව තමුන්ගේ රැකියාවට හා තත්වයට තවකෙනෙකු පැමිණේ යයි කුහකකම් කරන, අනෙකාට වල කපන වෙනත් ජාතියක් ලොව කොහෙවත් නැතිව ඇති. මෙවන් අධම ජාතියකට අයත්ව ඉපදීමත් අවාසනාවක්...
තමන් බුද්ධිමතුන් කියා ගන්නා මහාචාර්යවරුන් තමන්ගේ මඩිය තර කර ගැනීම පිණිස රට පාවාදෙන ව්‍යාපෘතිවල නියෝජිතයින් වෙලා ඉන්න කොට ඔවුන්ගේ අනුගාමිකයන් මන්ද බුද්ධිකයන් වීම පුදුමයක් නොවේ.
ආචාර්ය අසන්තා මහත්මිය ලංකාවේ මිනිසුන්ගේ බුද්ධිය අඩුබව ඉතා ඉහළින් වර්ණනාකර තියෙනවා. මම යෝජනා කරනවා එතුමිය වහාම හෝවාර්ඩ් ගාඩ්නර්ගේ තියරි ඔෆ් මල්ටිපල් ඉන්ටෙලිජන්සස් සහ ඔහුගේ අනෙකුත් රිසර්ච් කියවලා පසුව ඔය ප්‍රකාශය නැවත පුළුවන් නම් කරන්න කියලා. දැන් හොයාගෙන තියනවා මිනිස්සු බහුබුද්ධීන්ගෙන් සමන්විත බව. ඔය කියන අයි.කියු. ටෙස්ට්වලින් මනින්නේ මිනිසුන්ගේ භාෂාව හා ගණිත කුසලතාවයන් දෙක විතරයි.
ලංකාවේ කොහෙද බන් වැදගත්, උගත්, බුද්ධිමත්, විද්වත්තු? සිංහ වෙස් ගත් නරිනේ ඉන්නේ? වාතයක් පිට කලොත් ලෝකෙම විනාශයි. ඒ නිසා ඔය අධෝමුඛයට මුඩියක් ගහගෙන ඉන්න තරමට ලෝකෙටම සෙතක්.
ප්‍රකාශය අවිවාදයෙන්ම සත්‍යයක් ......වෙනස් කිරීමටනම් .......ප්‍රථමයෙන්ම මගේ මවුබිමට අරක් ගත් දේශපාලක පිශාචයන්........ බහිරවයන් ..............සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දැමිය යුතුමය. අනතුරුව සතර අත "සතර" පිහිටෙවු බුද්ධිමත් භාරකාර මණ්ඩලයකට වගකීම වහාම භාරදිය යුතුය. නොඑසේනම් ..එවන් විශිෂ්ට, දූරදර්ශී නායකයෙකු(රජෙකු) සොයා ගතයුතුය. එසේ නොවුනොත්...සැමදාම අපි මේ ව්‍යසනය තෙපර තෙපරා හිඳිමු ...
ඒ උනාට මන්ද බුද්ධික අතින් අපි ඉන්නේ ලෝකෙන්ම ඉහළ තැනනේ ඉතින් ඇයි අපි ඔය හැටි කලබල වෙන්නේ? මොන මගඩියක් කරලා හරි මුදුනා වෙන්නනේ අපිට අවශ්‍ය වෙන්නේ? හවසට ෆන් එකක් ගන්න හොර දේශපාලකයින්ගෙන් අපේ අයට රට අරක්කු බෝතලයක් ගහන්න ගතමනාවක් අතට ලැබෙනවා නම් ආයේ මොනාටද වැලපෙන්නේ? හා නැද්ද
මන්ද පෝශනයත් බුද්ධිය අඩු වීමට තවත් ප්‍රධානම හේතුවක්. පාසල්වල ළමයින්ගෙන් 75% ක් පමණ ඉන්නවා. හරිම කනගාටුයි. පුළුවන් අය එක දරුවෙකුට හෝ පිහිට උනොත් ඒ පිනම ඇති .
අපි නම් මේ ගැන දැනගෙන බොහෝ කල්.
ලංකාවේ මිනිසුන්ගේ බුද්ධි මට්ටම මනින පිලිගත හැකි මට්ටමේ පර්යේෂණයක් ඉස්සෙල්ලාම කරන්න ඕන. මෑතකදී එහෙම පර්යේෂණයක් නොකර මේ වගේ නිගමන වලට බැසීම වැරදි .
තම අවට සිටින අය අනුව රට හෝ සමාජය ගැන සිතන්න හොඳ නැහැ.
කිව්වත් නොකිව්වත් රටේ සිද්ධවෙන දේවල් දිහා බැලුවම මාන්නෙන් උන්මාද වුන මන්ද මානසික පිරිසක් ඉන්නබවනම් පේනවා.
බමුණු මහත්තය ගෙන් වුනත් ඔය නිගමනය තහවුරු වෙනවා!
මේ සම්බන්ධයෙන් පලකර ඇති ප්‍රතිචාර දුටුවාම ආචාර්ය අසන්තා අත්තනායක මහත්මියගේ ප්‍රකාශය සත්‍ය බව පැහැදිලි වෙනවා. ලංකාවේ ජනතාවගේ බුද්ධි මට්ටම ලෝකයේ වෙනත් රටවල් හා සංසන්දනය කීරීමේදී ඉතා පහළ මට්ටමක තීබීම සම්බන්ධයෙන් කොටසක් දේශපාලකයන්ට චෝදනා කරති. තවත් පිරිසක් විශ්ව විද්‍යාල සිසුන්ට හා උපධිධාරින්ට චෝදනා කරති. තවත් පිරිසක් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුළු බුද්ධිමතුන්ට චෝදනා කරති. දැන් අපි මේම කරුණු සලකා බලමු. දේශපාලකයන් සම්බන්ධ චෝදනාවේදී ඔවුහු ජාතික ධනය හොරකම් කරති. බොරු කියති. නොයෙක් දූෂණ හා අපරාධ වල නිරතවෙති. නමුත් ඒ සියල්ල රටේ ජනතාවගේ බුද්ධි මට්ටම පහළ හෙලිමට ප්‍රබල හේතු ලෙස සැලකිය නොහැකිය. ඊලඟට මෙරට නිදහස් අධයාපනය රැක ගැනීමට හා තම අධ්‍යාපන පහසුකම් කප්පාදුවට එරෙහිව අරගල කරන සිසුන්ට දෝෂාරෝපනය කරන්නෝ, රටේ ජනතාවගේ බදුවලින් නිදහස් අධ්‍යාපනය ලබා එය සාර්ථකව නිමකර ගන්න නොහැකිව සරසවි වරම් අහිමිවීම මගින් ඉච්චා භංගත්වයට පත්වීම නිසා තමන්ගේ බදු මුදලින් ඊළඟ පරම්පරාවේ නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් වියදම් කිරීමට එරෙහි වන්නන්ය. විශ්ව විද්‍යාල අචාර්යවරුන්ට චෝදනා කරන්නෝද එවැනිම මානසික මට්ටමක ඇති අයවලුන් විය යුතුය.
එසේ නම් ලංකාවේ මිනිසුන්ගේ බහුතරයක බුද්ධි මට්ටම පහළ යාමට ප්‍රධාන හේතුව ලෙස අප දකින්නේ ජනතාව තුළ තිබෙන අන්ධ විශ්වාසයයි. උපතේ සිට මරණය දක්වා සියලු කටයුතු සියල්ල නොයෙකුත් ඇදහිලි, වත්පිලිවෙත්, පුද පූජා, ශාන්ති කර්ම හා යාගහෝම පවත්වමින් නොපෙනෙන බලවේගයන්ගේ පිහිට පැතීම හා නවීන විද්‍යාවේ දැනුම බැහැර කිරීම ඒ සඳහා උනන්දුවක් නොදැක්වීම මෙන්ම චූල සම්ප්රදායේ කළාවන්ගේ ඇසුර මෙයට හේතු පාදක වනු ඇත.
මොලේ තියෙන අය යන්නේ හෙමින්... සන්සුන්ව. මෝඩයෝ යන්නේ වේගෙන්,, කලබලෙන්, හෝන් ගහගෙන. ඒ නිසා මේ ගොඩදෙනෙකුට පෙන්නේ මෝඩයෝ වැඩි වගේ. ඒක එච්චර ගණන් ගන්න ඕන නෑ.
කතාව සම්පූර්ණයෙන්ම නිවැරැදිය . මැතිවරණයක් ලංවෙනකොට කඩේ යන ආචාර්ය මහාචාර්යවරු දැක්කම ඒක තේරුම් ගන්න පුළුවන්. දැන් ඉන්න බහුතරයක් ආචාර්යවරුන් ඩවුන්ලෝඩ් මහත්වරු. බුද්ධිය මතු වෙන්නෙ පඩිපතට විතරයි.
ඉස්සර මේවට නිතර ප්‍රතිචාර දක්වන "බන්දුල පෙරේරා " කියල මහත්තයෙක් හිටියා මතකයි . ඔහුට මොනවා වෙලාද ?