(නාලක සංජීව දහනායක)
රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර මහතා පත්කර තිබේ.
ඔහු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් ජනාධිපති නිල නිවසේදී අද (11) වැනිදා සිය පත්වීම් ලිපිය ලබාගත්තේය.
මෙරට ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා විදෙස් සමාගමකින් රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් මත රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක මහතා පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු ඔහුගේ වැඩ තහනම් කෙරිණි.
ඒ පුරප්පාඩුවට පසුගිය 4 වැනිදා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුරුද්ධ පොල්ගම්පළ මහතා පත් කළ අතර ඔහුටද දුෂණ චෝදනා එල්ලවීමෙන් ඊයේ (10) වැනිදා එම පත්වීම අවලංගු කෙරිණි.
නව සභාපතිවරයා ලෙස පත්කරනු ලැබ සිටින ශාන්ත බණ්ඩාර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තරුණ පෙරමුණේ සභාපතිවරයා ද වන අතර කෙටි කලක් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පත්වීම කොච්චර කාලයකටද?
දන්න තරමට දූෂණ චෝදනා නැහැ.
රාජ්‍ය ආයතනවල සභාපතිලා හැටියට හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුම පත්කරන්නේ මොකටද?
කඩේ යන තරමට තමියි පට්ටම් ලැබෙන්නේ.
ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානියා සහ දැව සංස්ථා හිටපු සභාපතිත්,විශාල අල්ලසක අත්තිකාරම් ගත් අවස්තාවේදී අල්ලස් දැලට හසුඋනා. පසුව පත් කල කෙනාටත්, දුෂණ චෝදනා තිබිලා තියෙනවා. ඒත්, ඒවා නොදැන වගේ ඔහුව පත්කලා. පස්සේ විරෝධතා ආවාම පටස් ගාලා ඉවත් කළා. චෝදනා ආවේ නැතිනම් තාමත් එයා තනතුරේ. මෙයා හොඳ කෙනෙකු වෙන්නත් පුළුවන්. ඒත් මොහු ගැනත් දැඩි අවධානයෙන් සිටීම වැදගත්. පත් කර අයත් ඔවුන් ගැන හරියට දන්නේ නැහැ . එසේත් නැතිනම්, දැනගෙන තමන්ගේ කෙනෙකු නිසා නොදන්නා විධිහට ඉන්නවා.
ඉතාමත් විද්‍යාත්මක පත්කිරීමක්...
අලුත් දෙයක් කර පෙන්වන්න.