සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
තෙල් මිල වැඩිවුණේ ආණ්ඩුව ඛනිජ තෙල් සංස්ථාවේ ඒකාධිකාරිය බිඳ දැමු නිසා යැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (11) චෝදනා කළේය.
නානායක්කාර මහතා මේ චෝදනා කළේ සිවිල් ගුවන් සේවා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.වාසුදේව නානායක්කාර මහතා එහිදි මෙසේද ප්‍රකාශ කළේය.
ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබුණු නැව්වලට තෙල් සැපයීමේ ඒකාධිකාරිය මේ ආණ්ඩුව ඇවිත් බිඳ දැමුවා. බිඳ දාලා ඒ කටයුත්ත තම මිතුරු සමාගම් වලට පැවරුවා. එදා ඒ ආදායම සංස්ථාවට ආවා නම් අද තෙල් මිල වැඩි කරන්න අවශ්‍ය නැහැ.
ඒ වගේම බහුබූත කතා කියමින් මත්තල ගුවත් තොටුපළේ වී ගබඩා කිරීම නිසා ඒ ආයතනයේ ප්‍රතිරූපය විනාශ වුණා. ඒ කළේ අගමැතිතුමායි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඔබතුමාලගේ කාලේ තෙල් මිල අඩු කලේ නැහැනේ.
ඒ ආදායම සංස්ථාවට ආවා නම් අද තෙල් මිල වැඩි කරන්න අවශ්‍ය නැහැ. එදා වැඩි මිලට තෙල් විකුනද්දී කතා කලේ නැහැ නේද?
2015 ජනවාරි තිබුන පෙට්‍රල් වල වල ගැන අපිට හොඳට මතකයි
ඉරාන අර්බුදය හේතුවෙන් ලෝක තෙල් මිල ඉහළ ගියත් ලංකාවේ මිල තවමත් වාසුදේව මහත්තයා පතන පාලනය පැවැති කාලයට වැඩිය අඩුයි කියලා මහජනතාවට පෙන්වලා දෙන්න කාටවත් රුදාවක් නැති එකනේ අවුල. විපක්ෂය කරන්නේ නැවත බලය අල්ලා ගැනීමේ වැඩපිළිවෙලක්. එ්ක ඔවුන්ගේ අයිතිය. ආණ්ඩුව දැනගන්න ඕනෑ ඔවුන් කරන හොඳ වැඩ සම්බන්ධව මහජනතාව දැනුවත් කරන්නටයි. ඒක නොකර බකන් නිලාගෙන ඉඳල කයිවාරු ගැහුවට වැඩක් වෙන්නේ නැහැ. අද ලංකාවේ මාධ්‍යය වැඩි හරියක් ඉන්නේ මහින්ද රාජපක්ෂගේ පැත්තේ බව කවුරු කවුරුත් තේරුම් ගත්තොත් ඇඟට හොඳයි.
ලංකාවේ මිනිස්සු ජීවත් වන්නේ කොහෙද ? මේගොල්ල පින් තෙල් වලින්ම කොහොමත් දුවන කට්ටියනේ. ලෝක වෙළද පොලේ තෙල් මිල ඉහල නැගල, හැම රටේම තෙල් මිල ඉහල ගිහින්. ඒක තේරුම් ගන්නේ නැතිව බොරුවට කෑගහනවා, ආණ්ඩු වලට බනිනවා, හරියට පෙට්රෝල් ඩීසල් ලංකාවේ පොළවෙන් හාරනවා වගේ . මෝඩ කමටත් සීමාවක් නෑ
මම හිතන්නේ මේ පුද්ගලයා ඩිමෙන්ෂියා තත්වයකින් පෙළෙන බවයි පෙනෙන්නේ....
කාර්ගිල්ස් ෆුඩ්සිටි වල හොඳ වට්ටක්කා නොමිලේ දෙන නිසා පාර්ලිමේන්තුවේ වේලිච්ච වට්ටක්කා වලට ඩිමාන්ඩ් එක අඩුයි.