ලක්ෂ 78ක රට සල්ලි තායිලන්තයට ගෙන යන්න බැරිවෙයි රුපියල් ලක්ෂ 78 ක් පමණ වටිනා විදේශ මුදල් තොගයක්තා යිලන්තය වෙත රැගෙන යෑමට තැත් කළ චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව රේගුව කියයි. 04 March 2018
පුත්තලමේ පිපිරීමෙන් අයෙක් මරුට පුත්තලම පාලාවිය ප්රද්ෙෙශයේ පවත්වා ගෙන යන පරණ යකඩ එකතු කරන ස්ථානයක ඇතිවූ පිපිරීමකින් එක් අයෙකු මිය ගොස් ඇත. 04 March 2018
හලාවත දරුවා මැරූ සැකකරු මුලතිව්වලින් අල්ලයි හලාවත ඉරණවිල අවුරුදු නවයක දරුවකු අපයෝජනය කර මරා දැමීයැයි කියන සැකකරු මුලතිව් නයාරු ධීවර ගම්මානයේ සැඟවී සිටියදී අද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 04 March 2018
දියතලාව බස් බෝම්බ සැකකරු බදුල්ල රෝහලට දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් තුල පුපරා ගිය ජීව අත්බෝම්බය රැගෙන ආ බවව සැකකරන යුද හමුදා සාජන් මේජර්වරයා දියතලාව මූලික රෝහලේ සිට බදුල්ල මහ රෝහලට මාරු කර යවා තිබේ. 04 March 2018
වඳ පෙත්තක් මෙතෙක් සොයාගෙන නෑ- සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වන්ධ්‍යාකරණය සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේ මේ වන තෙක් ඖෂධයක් සොයාගෙන නැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. 04 March 2018
බැඳුම්කරේ ප්‍රධාන සැකකරු ගෙන්වන හැටි ඇමැති අමරවීර කියයි මහ බැංකු බැඳුම්කර සිද්ධියේ ප්‍රධානසැකකරු ජාත්‍යන්තර පොලිසි හරහා ලංකාවට ගෙන්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. 03 March 2018
පස්පොඩ්ඩා ගිනි අවි සමඟ අත්අඩංගුවට පසුගිය කාලයේ ගම්පහ ප්‍රදේශයේ සිදුවු අපරාධ කිහිපයකට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පස් පොඩ්ඩා නමැත්තා ගිනි අවි තුනක් සමග ගම්පහ පොලීසිය මගින් අත් අඩංගූවට ගෙන ඇත. 03 March 2018
කරුවලගස්වැව දැරියට හමුවූයේ රන් පිළිමයක්දැයි සොයයි පුත්තලම රජවිගම ප්‍රදේශයේ කුඩා දැරියකට හමුවූ බව කියන දඹ රන් බවට සැකකරන පිළිමයක් තම බාරයට ගෙන ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි. 03 March 2018
කුසලධම්ම නාහිමි ආදාහන පූජෝත්සවය බ්‍රහස්පතින්දා කොළඹ සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ අපවත් වී වදාල දරණාගම කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය බ්‍රහස්පතින්දා (8) සවස සිදු කිරීමට තීරණය වී ඇත. 03 March 2018
දරණාගම කුසලධම්ම හිමියෝ අපවත් වෙති කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ දරණාගම කුසලධම්ම හිමියෝ අපවත්වූහ. 03 March 2018
අගමැති එයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු දූත පිරිස සිංගප්පූරුවේ පැවති කොළඹ කොටස් වෙළඳ පළ මගින් සංවිධානය කළ ’’ ඉන්වෙස්ට් ලංකා ’’ සමුළුවට සහභාගි වීමෙන් අනතුරුව අද (02) රාත්‍රී 9.00 ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය. 02 March 2018
විදුලි සැර වැදීමෙන් විදුලි සේවකයා මරුට රත්ගම සිරිකදුර ප්‍රදේශයේදී විදුලි කනුවක් මතට නැඟ විදුලිය අලුත් වැඩියාවක් කරමින් සිටි සේවකයෙකුට කණුව මතදී විදුලි සැර වැදී අද (2) මිය ගොස් ඇතැයි රත්ගම පොලිසිය පවසයි. 02 March 2018
සාංඝික දානයකට සැපයුම්කරු කණුව තියලා දෙහිවල නැදිමාල ප්‍රදේශයේ නිවසක භික්ෂූන් වහන්සේලා 83 නමක් විෂයෙහි සුදානම් කර තිබූ සාංඝික දානයක් සඳහා නියමිත වේලාවට ආහාර ගෙනැවිත් නොදීමේ සිද්ධියක් සම්බණ්ධයෙන් කොහුවල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ. 02 March 2018
වාලම්පූරියක් කොල්ලාකෑ පොලිස් නිලධාරීන් 3 දෙනා අත්අඩංගුවට හික්කඩුව ප්‍රදේශයේ විදේශිකයෙකුට විකිණීමට දොම්පේ සිට ගෙන එන ලද රුපියල් කෝටි විස්සක් පමණ වටිනා වාලම්පූරියක් කොල්ලාකෑම සම්බන්ධයෙන් හික්කඩුව පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයෙකු සහ තවත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනක් අද (2) අත්අඩංගුවටගත් බව ගාල්ල පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 02 March 2018
කැකිරාවේ නිවසක පිපිරීමකින් පාසැල් දැරියකට බරපතල තුවාල කැකිරාව මල්දෙණිපුර ප්‍රදේශයේ නිවසක අද (02) සිදුවූ පිපිරීමකින් 18 හැවිරිදි පාසැල් දැරියක බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබේ. 02 March 2018
ලසන්ත ඝාතන සාක්කි වසන්කළැයි පොලිස් ලොක්කෝ යළි රිමාන්ඩ් සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්කි වසන් කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල ලබන 15 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළේය. 02 March 2018
මිරෙද් අල්-හුසේන් කුමරු ලංකාවට පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ ( ඔටාවා සම්මුතිය) විශේෂ නියෝජිත ජෝර්දානයේ මිරෙද් අල්-හුසේන් කුමරු මෙරට දෙදින නිල සංචාරයක් සඳහා ලබන සඳුඳා (05) දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 02 March 2018
ඊශ්‍රායල පොලිසිය වංචාවක් ගැන අගමැති නෙතන්යාහුගෙන් ප්‍රශ්න කරයි විදුලි සංදේශ වංචාවක් සම්බන්ධයෙන් ඊශ්‍රයාල පොලිසිය එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගෙන් ප්‍රශ්න කළ බව ‘ඊශ්‍රායල ගුවන්විදුලිය’ අද (2) සිකුරාදා වාර්තා කළේය. 02 March 2018
අධිකරණ භූමියේ ගුටි ඇන ගත් කාන්තාවන් දෙදෙනා රිමාන්ඩ් අනුරාධපුර දිසා අධිකරණය තුල අද (02) දින කෙහෙවලු පටලවා ගනිමින් ගුටි බැට හුවමාරු කරගත් කාන්තාවන් දෙදෙනෙකු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස 06 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලද බව අනුරාධපුර පොලිසිය කියයි. 02 March 2018
මහනුවර- ඇල්ල අතර වායුසමනය කළ දුම්රියක් මහනුවර සහ ඇල්ල දුම්රිය ස්ථාන අතර හෙට (3) සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි වායුසමනය කළ විශේෂ දුම්රියක් ධාවනයට යොදවා ඇත. 02 March 2018
කොළඹ නාගරික කොමසාරිස්ට තනතුර අහිමි වේ මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමේ සිද්ධියට අදාළව සිදු කළ විමර්ශන වාර්තාවකට අනුව කොළඹ නාගරික කොමසාරිස් වි.කේ.ඒ අනුර මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.පි. ලෝගේෂ්වරම් මහතා පියවර ගෙන තිබේ. 02 March 2018
ලලිත් වීරතුංගගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට සිල් රෙදි නඩුවට අදාළව ඇප මත නිදහස්ව සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ. 02 March 2018
ආර්ථික අමාත්‍යංශයේ වැඩබලන රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පත්කර තිබේ. 02 March 2018
බස් බෝම්බය ගෙනා හමුදා සෙබළා රිමාන්ඩ් දියතලාවේදී බස් රථයක අත්බෝම්බයක් පිපිරීමෙන් පසු ඇති වූ ගින්නෙන් 18 දෙනකු තුවාල වීම සම්බන්ධයෙන් කළ 02 March 2018
මගීයකු රෝගාතුර වීමෙන් කොළඹ එන ගුවන් යානය ෆ්රැන්ෆර්ට් නුවරට ගොඩ බස්වයි ලන්ඩන් සිට කොළඹ බලා පැමිණෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 504 දරණ ගුවන් යානය ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් ගුවන්තොටුපළ වෙතට ඊයේ (1) රාත්‍රී හදිසියේ ගොඩ බස්වා තිබේ. 02 March 2018
අලෝසියස්- පලිසේන මාර්තු 15 දක්වා රිමාන්ඩ් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා මාර්තු 15 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (2) නියෝග කළාය. 02 March 2018
තලාපිටියේ පුද්ගල ඝාතනයක් ගාල්ල තලාපිටිය සර්කියුලර් හන්දියේදී ඊයේ (1) රාත්‍රි පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 02 March 2018
ශ්‍රිලනිප ආසන සංවිධායකවරුන් පක්ෂය ගැන කලකිරීමකින් පළාත් පාලන ආයතනවලට අතිරේක ලැයිස්තුවෙන් නියෝජිතයින් නම් කිරීමේදී පවුලේ සාමාජිකයින් ආසන්නතම ඥාතීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයින් පත් කිරීමෙන් වළකින්නැයි ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ ඇමති දුමින්ද දිසානායක මහතා ශ්‍රිලනිප ආසන සංවිධායක වරුන්ට දන්වා තිබේ. 01 March 2018
රාජාංගනය ගොවි සංවිධානයේ සභාපති අත් අඩංගුවට තඹුත්තේගම නගරයේ පසුගිය 28 වැනි දින උද්ඝෝෂණයක් සංවිධානය කිරිමේ චෝදනාව මත රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ඩබ්.ඒ.නිහාල් වන්නිආරච්චි මහතා අද (01) තඹුත්තේගම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. 01 March 2018
ලක්ෂ 65 ක හෙරොයින් සමග දෙදෙනෙක් අල්ලයි බන්ධනාගාර ගතව සිටින පාතාල නායක දෙමටගොඩ චමින්ද හා සම්බන්ධ වී මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ යෙදුන කාන්තාවක් හා එයට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙක් රුපියල් ලක්ෂ 65 කට අධික හෙරොයින් තොගයක් සමඟ කොලොන්නාව තෙල් සංස්ථාව අසලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි. 01 March 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026