සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ගින්නට හේතුව වායු සමීකරණ පද්ධතියේ විදුලිය කාන්දුවීමක් බව සොයාගෙන ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.වායු සමීකරණ පද්ධතියේ එම දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇතැයිද ඒ නිලධාරීහු කීහ.
ගින්න හටගෙන තිබුණේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පිහිටි බුද්ධ ශාසන ඇමැති ගාමිණි ජයවික්රම පෙරේරා මහතාගේ කාර්යාලයේ ඇති වායු සමීකරණ පද්ධතියයි.
පාර්ලිමේන්තු ගිනි නිවන අංශයේ නිලධාරීන් විසින් ඒ මොහොතේම ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කිරීම නිසා විශාල විනාශයක් වැළැකී ගියේය.මේ සිද්ධිය නිසා පාර්ලිමේන්තුවේ දැඩි කලබලකාරී තත්ත්වයක්ද ඇතිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අටමගල තිබුනත් වැඩක් නෑ, තෙල් මිල ඉහල යනවා අහස උසට. ඔකේ ඉන්න අයට විශ්රාම (පඩි නැති) යන්න කියන්න.
වැඩක් නැනේ ඔක්කොම හොරු ටික බේරුනා නේ.
ජනතාවට කරන අපරාද වලට වෙලාවක ඔක්කොම එක්ක අලුවෙලා යයි, හොද අවංක අය බේරෙයි.
ඉන්න අය අපායට ගෙනියන වට වඩා අපාය මෙතනටම ගෙන්න සිතුවා වත්ද යම රජ්ජුරුවෝ.
බුද්ධ සාසනයට යහපාලනයෙන් ලැබෙන සැලකිලි ගැන ශාසනාරක්ෂක දෙවියෝ කෝප වෙලා වත්ද ?හැබැටම?
අපරාදේ නිමුවේ. ලංකාවට හැදෙන්න ලැබුණු අවස්ථාවක් නැති උනේ. පාර්ලිමේන්තුව තමයි ලංකාවේ කරුමේ.
ගිනි දේවිය විසින් තම යුතුකම නිසි ලෙස ඉටුනොකරිම පිලිබදව ලක්මව කනගාටුවට පත්ව ඇත.
යහපාලන හොර තක්කඩින්ගේ වාසනාව,රටේ ජනතාවගේ අවාසනාව.
අපරාදේ අනේ ගින්න නිව්වේ..............