ඕස්ට්‍රේලියාවේ ඩේවිට් ගුඩෝල් නැමැති විද්‍යාඥයෙක් ඊයේ (10) ජාත්‍යන්තර වේලාවෙන් උදෑසන 10.30ට (ග්‍රිනිච් වේලාවෙන්) ස්විස්ට්සර්ලන්ත රජයේ අවසරය ඇතිව සියදිවි හානි කරගත්තේය.
ස්විස් රජයේ අවසරය සහ සහාය ඇතිව සියදිවි හානි කරගන්නා විට විද්‍යාඥ ඬේවිඞ් ගුඩෝල් 104 වන වියේ පසුවිය.
සියදිවි හානි කරගැනීමට බොහෝමයක් රටවල නීති විරෝධී ක්‍රියාවක් වන අතර ඕස්ට්‍රේලියාව එය තහනම් කර තිබේ.
කෙසේ නමුත් ස්විට්සර්ලන්ත නීතිය අනුව සිහි බුද්ධියෙන් සිටින ඕනෑම අයකුට අදාළ නෛතික කරුණු සම්පූර්ණ කිරීමෙන් පසු අවසරය සහ සහාය ඇති ව සියදිවි හානි කරගැනීමට හැකියාව තිබෙන අතර එය ‘සහන මරණයක්’ ලෙසින් හැඳින්වේ.
විද්‍යාඥ ඬේවිඞ් ගුඩෝල්ට කිසිදු මාරක රෝගයක් නොතිබුණු නමුත් තමන්ගේ ශරීරය දුර්වල වී ඇතැයි ද තවත් ජීවත්වීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නැති බවත් මරණයට පත්වීමට අවශ්‍ය බවත් දිගින් දිගටම පැවැසීය.
ඕස්ට්‍රේලියානු නීතිය යටතේ සියදිවි නසා ගැනීමට අවසර නැති බැවින් විද්‍යාඥ ඬේවිඞ් ගුඩෝල් ‘එක්සිට් ඉන්ටර්නැෂනල්’ සංවිධානයේ සහාය ඇතිව ස්විට්සර්ලන්තයට පැමිණියේය.
දිවි තොර ගැනීමට විදයාඥයාට අවසර ලැබීමෙන් පසු ජාත්‍යන්තර වේලාවෙන් (ග්‍රිනිච් වේලාවෙන්) ඊයේ (10) උදෑසන 10.30 ට විස ශරීරගත කිරීමක් මගින් ඬේවිඞ් ගුඩෝල් දිවියෙන් සමුගත් බව “එක්සිට් ඉන්ටර්නැෂනල්” සංවිධානය සඳහන් කර තිබිණි.
ඒ.එෆ්.පී
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි මේ මනුස්සයා කර ගත්ත අපරාධයක්. පූරුවේ කරපු පිනකට මේ භවයෙ වසර 104 ක් නිදුකින් නීරෝගිව ජීවත් වෙන්න වාසනාව තිබුණා. සිය පණ නසා ගත්ත නිසා මතු භවයේ මොන විදියක උපතක් ලබයි ද කියන්න් බෑ. අනේ මේ මනුස්සයට කවුරු හරි බුදු දහමට යොමු කරානම් මේ තීරණය ගන්න එකක් නෑ .අපි බෞද්ධයො විදියට මේ මනුස්සයට නිවන් සැප ලැබෙන්න කියල පතමු.
අපේ නාකි ඇමතිවරු මේ විදියට හිතනවනන් කොච්චර හොඳද?
ස්විට්සර්ලන්තය නිවැරදියි. ආත්ම ගෞරවයක් ඇතිව ජීවත්ව ආත්ම ගෞරවයක් ඇතිව මියයාමට ඕනෑම කෙනෙකුට අයිතිය තිබිය යුතුයි.
මෙය සාමාන්‍ය සිද්ධියක් ලෙස පෙන්වුද මේ යම් කෙනෙක් තමන් කල පෙර කාර්ම අනුව තම ජීවිතය අවසන් වන ආකාරය බව පෙන්වයි මෙලොව උපන් කිසිම සත්ත්වයෙක් තමන්ගේ ජීව්තයට වඩා ආදරය කරන කිසිමදෙයක් නැත...... තමන්ගේ ජීව්තයට වඩා ආදරය කරන අයවලුන් වෙනුවෙන් ජීවිත පූජා කරන නැතුව නොවේ නමුත් ස්වභාවික මරණය මිස දිවි නසා ගන්න යමෙක් සිතන්නේ තමන් පෙර කල පාපයක අනුභාවයෙනි................