( ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2017 වසරේ වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයා දැනුවත් කරන ලෙස පාර්ලිමේන්තුවේදී කතානායකවරයා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට අද (11) දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2017 වසරේ වාර්ෂික වාර්තාව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවට අද (11) ඉදිරිපත් කළේය.
මෙහිදී අදහස් දැක්වු එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඉකුත් දිනකදී පැවැත්වු මාධ්‍ය හමුවකදී මාධ්‍යට නිකුත් කර ඇතැයි සඳහන් කළේය.
මුදල් නීතී පනතට අනුව ශ්‍රී ලංකා මහ බැංකු වේ වාර්ෂික වාර්තාව ප්‍රථමයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවද ගුණවර්ධන මහතා කීය.
අදාළ කරුණ පිළිබඳව මුදල් ඇමැතිවරයා දැනුවත් කරන ලෙසද කතානායක කරු ජයසුරිය මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වෙත දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුල්‍ය පාලනය පිලිබදව බලය පාර්ලිමේන්තුවට තිබුණට මේ රටේ දේපොල හා සම්පත්වල අයිතිය තියෙන්නේ ජනතාවට. ඉතිං ඒ අයිතිකාරයන් කලින් දැනුවත් කලාය කියා කාටවත් විරුද්ධවෙන්න බැහැ.