සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම නියෝජනය කිරීමට ආණ්ඩුවෙන් ඉවත්වු 16 දෙනාගේ කණ්ඩායමට ද අවස්ථාව සලසා දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ලංකාදිපයට පැවැසීය.
පක්ෂ නායක රැස්වීම සඳහා 16දෙනාගේ කණ්ඩායම වෙනුවෙන් හිටපු ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ නම යෝජනා කළ බවද ඔහු කීය.
මේ සඳහා ජනාධිපතිවරයාගේ අනුකූලතාව පළ කෙරුණු බවද ඩිලාන් පෙරේරා මහතා පැවසීය. ආණ්ඩුවෙන් ඉවත්වු ශ්‍රිලනිපයේ 16දෙනා ඉකුත් 8 වැනිදා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද ඒගොල්ලන්ගේ පක්ෂේ නම ? එක්සත් පැන්නූ සංගමයද?
ජාතික ලයීස්තුවෙන් හොර පාරෙන් ගොස් ඇමතිකමක් අරන් SLFP එක 4% ට, පෙබරවාරි 10 බැස්සාම තමා විපක්ෂයේ වගකීම මතක් වෙලා තියෙන්නේ. 2015 අගෝස්තුවේ සිට, මහින්ද මහත්මයා මන්ත්‍රීවරු 51ක් සමග "ජාතික ආණ්ඩු" මස් කටු සූප්පු කරන්නේ නැතිව, ඉල්ලුවේ විරුද්ධ පක්ෂයේ නායකත්වය පමණි. ඒකට එදා විරුද්ධ වෙච්ච ඩිලාන්ට මෙහෙම වෙලා මදි. ඉන්නේ SLFP එක සමගනම්, පාර්ලිමේන්තුවේ SLFP ය පක්ෂ නායකයින් නියෝජනය වන නිසා, දෙන්නම එපා.
මොවුන්ට ගෙවන පඩි වලට තමයි නියම පින් පඩි කියන්න ඕනේ.
පක්ෂ නායකයා කවුද.?
පිං මන්ත්‍රීවරුන්ට පක්ෂයක් තියනවාද.?
පක්ෂ නායක රැස්වීම කියන්නේ පක්ෂ වල නායකයින්ගේ රස්වීමටයි . මෙගොල්ලොත් මොකක් හරි නමක් දාගෙන (මා වවුල් පෙරමුණ, බඩ වඩා ගැනීමේ පක්ෂය , වාසි පැත්තට හෝයියා පක්ෂය, වැනි නම් ගැලපෙනවා ) පක්ෂයක් ලියා පදිංචි කලානම් ඔය ප්‍රශ්නේ විසදෙනවානේ.
දෙතොල නොකිදේ මුහුණේ ලියෙවෙනවා... වසන්කරනවිට "වචනය" පිටවෙනවා.... ලක්මව පාමුල "අවංක" කියලා... බොරු බේගල් දොඩවනවා....
වැඩිදෙනා පත්කළ අයනේද? ඉස්සර වගේ පක්ෂ මාරු කලොත් මන්ත්‍රීකම අහෝසියි. ඉන්න පුළුවන් එකම විදිය ස්වාධීනව පමණයි. පුලුවන්නම් සම්මත කරගන්න. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ.