(විනීතා එම් ගමගේ)
කොළඹ පවතින අධික වාහන තදබදයට කිසිදු විසඳුමක් සෙවීමට ආණ්ඩුව ඉකුත් වසර තුනේ දී කිසිදු පියවරක් නොගත් බවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා චෝදනා කළේය.
දැරිය නොහැකි තරම් වූ මාර්ග තදබදය කොළඹ අවට මාර්ගවල පැතිර ඇතැයි කී විජේරත්න මහතා නාගරික පෝෂක මාර්ග ධාවනය ඉතා අසීරු බව බස්රථ හිමියන් පවසන්නේ යැයි ද ප‍්‍රකාශ කළේය.
ඉකුත් වසර තුනේ දිම මේ ප‍්‍රශ්නය විසඳනු ඇතැයි බස් හිමියන් බලා සිටි නමුත් එය සිදු නොවුයේ යැයි ද මෙකී ප‍්‍රශ්නය විසදීමට තම යෝජනා ඉදිරිපත් කළත් ඒවා පිළිබඳව සළකා නොබැලූ බවත් ඔහු පැවැසීය.
බස් ගාස්තු වැඩිකිරීමේ ජාතික ප‍්‍රතිපත්තිය ද මේ වනවිට යල් පැන ගොස් ඇති බැවින් එයත් වහා සංශෝධනය විය යුතුයැයි කී විජේරත්න මහතා අවම වශයෙන් වසර පහෙන් පහට හෝ මේ ප‍්‍රතිපත්තිය සංශෝධනය විය යුතු බවත් එය සංශෝධනය නොවීම නිසා මේ වනවිට බස් ධාවකයින් බරපතල ගැටළුවලට මුහුණ දී සිටින බවත් කියා සිටියේය.
මේ වනවිට මොරටුව කොළඹ බස් ධාවන වාර ගණන තුනකට සීමා වී ඇති බවත් දිනකට කිලෝමීටර් 150 ක් ධාවනය නොකල හොත් ආදායම් අහිමි වන බවද ඔහු පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොපමණ තිබුනත් පුද්ගලික බස්කාරයින්ට මදි.
ආණ්ඩුවට ඇගිල්ල දික් කරන්නේ ඉස්සරවෙලා තමන්ගේ පැත්තෙන් තියෙන වැරදි අඩුපාඩු නිවැරදී කර ගන්න පෞද්ගලික බස් රථ හිමියන් කටයුතු කල යුතුයි. විශේෂයෙන්ම වාහන තදබදයට පෞද්ගලික බස් රථ රියදුරන්ගේ නොමනා ක්‍රියාවන්ද හේතුවී තිබෙනවා. බස් රථ හෙමින් ධාවනය කිරිම වෙනත් වාහන වලට යා නොහැකි පරිදි මග අහුරා ධාවනය කිරිම පාර මැද බස්රථ නවත්වා මගීන් නැන්වීම හා බැස්සවීම බස් නැවතුම් පොළවල් අසල දිගු වෙලාවක් බස් නවතාගෙන සිටිම ඒ අතර ප්රධානවේ.
බස් පාරේ යන අනික් මිනිස්සුන්ට, වාහන වලට කරන කරදරේට විසදුමක් ලැබුනොත් අපිට ඒ ඇති.
තෙල් මිල වැඩිවූ නිසා බස් ගාස්තුවත් වැඩි කරන්න. ගැමුණු මහත්තයා වැනි උගත් වැදගත් අය තමයි අපේ රටේ පාලනයට ගැලපෙන්නේ. අපි මාධ්‍ය තුලින් නිතර දකිනවා ඔබ තුමාගේ ඉතාම හරවත් සංවාද. ජයවේවා!!
වැඩිපුර බස් ගාස්තු උස්සන්න එපා මිනිස්සු යතුරු පඩි වලින් යන්න පටන්ගනීවි. එතකොට තිබෙන අාදායමත් නැති වේවි...