( මනෝප්‍රිය ගුණසේකර )
බලපත්‍ර නොමැති අලි පැටවකු සිය විහාරස්ථානයේ තබාගෙන සිටි බවට චෝදනා ලැබ සිටි උඩුවේ ධම්මාලෝක හිමිගේ නඩුවේ විත්ති වාචිකයන් කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා නියෝග කළේය.
ඒ අනුව ලබන ජුලි 17 වැනිදා අදාල විත්ති වාචකය ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.
උඩුවේ ධම්මාලෝක හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ප්‍රසන්ත ලාල් අල්විස් මහතා කරුණු ඉදිරිපත් කරමින් මේ චෝදනාව සම්බන්ධයෙන් උඩුවේ ධම්මාලෝක හිමියන් සාක්කි ලබා දෙන බවත් උන් වහන්සේ වෙනුවෙන් සාක්කිකරුවන් කැඳවන බවටත් අධිකරණයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ අර අමතක වෙලා දාලා ගිය අයිතිකාරයා දැන් සාක්කි දෙන්න එනවා කියලද ??
ධම්මාලෝක හිමියන් ලස්සනට 4 වැනි ශික්ෂාපදය කඩන හැටි බලන්නකො.
මේ විදිහට නඩු දැම්මම අලියාගේ නැට්ටේ එල්ලිලා දිව්‍ය ලෝකෙට යන්නේ කොහොමද? දිව්‍ය ලෝකෙට යන්න තියන පාරටත් වල කපනවා මේ යහපාලන ආණ්ඩුව.