(අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමලය මුලස්ථාන පොලිස් වසමට අයත් සිරිමාපුර හන්දියේ දී අද (11) අලුයම සිදුවු වෙඩි තැබිමකින් ව්‍යාපාරිකයකු මියගිය බව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය සිරිමාපුර පදිංචි හෙන්දා විතාරණගේ සෙලින් කුමාර (43) හෙවත් තෙල් කුමාර වේ.
මියගිය අය සුපුරුදු පරිදි සිය ව්‍යාපාරික කටයුතු සඳහා නිවසින් පිටතට පැමිණ වාහනයට නගින්දි සැඟවී සිටි අයෙකු මුහුණට වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.
වෙඩි වැදුණු අය ත්‍රිකුණාමලය මහා රෝහලට රැගෙන යද්දි මිය ගොස් තිබේ. මියගිය අයට කලක් තිස්සේ මරණ තර්ජන තිබී ඇති අතර ඒ නිසා විවිධ අවස්ථාවලදි ප්‍රදේශයෙන් බැහැර වී ද සිට ඇත.
ඕස්ට්‍රේලියානු මිනිස් ජාවාරමට සම්බන්ධ මියගිය අය කාලයක් බන්ධනාගාර ගත වී සිටි අයෙකු බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් යහපත් පුද්ගලයෙක් වගේ ................