(රන්ජන් කස්තුරි)
රුපියල අව ප්‍රමාණ වීම නිසා ඉකුත් කාලය තුළ රජයට රුපියල් කෝටි 1690 ක ශුද්ධ වාසියක් අත්වී ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.
රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් සිදුවන වාසි අවාසි ගණනය කළ විට අවසන් ප්‍රතිඵලය ලෙස ශූද්ද වාසියක් අත්පත් වී ඇතැයිද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
කෙසේ වෙතත් රැපියල දිගින් දිගටම අව ප්රමාණයවීම වැලක්වීමේ පියවරක් ලෙස ඩොලර් මිලියන 136.65 ක් වෙළඳපොළට නිකුත් කිරීමට මහ බැංකුව පියවර ගත් අතර ඩොලර් මිලියන 100 ක් වියදම් කළ බවද ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා කීය.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකු පොලී අනුපාත තවදුරටත් නොවන්නට පවත්වාගෙන යාමට තීරණයක් ගත් බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේවා කාගේ ලොජික්ද කියලා, රුපියල අවප්‍රමාණය වුනහම, කෝටි 1690ක් ලාබ උනානම්, දැන් තියන්නේ රුපියල තව ටිකක් අව ප්‍රමාණය කරලා ලාභේ වැඩිකරගන්න, අනික මෙච්චර ලාභ නම ඇයි ඩොලර් මිලියන 136ක්, වෙලදපොලට මුදා ඇරලා තවත් මිලියන සීයක් වියදම් කරන්නේ,, මටනම් පිස්සු වගෙයි..
ඒකනේ කියන්නේ ඩොලර් එක රු 500 විතර කලානම් ලංකාවම ගොඩ. ඇමරිකාවට අපිට ගෙවන්න වෙනවා. අපි රැවටූනා හරිය
එහෙමනම් දිගටම අවප්‍රමාණය කරමු. දිගටම වාසියිනෙ. අපි නොදන්න ඉකොනොමික්.
එහෙනම් මේ විපක්ෂයේ කට්ටිය පාඩුයි පාඩුයි කියා කෑගහන්නේ කුමාරස්වාමි මහත්තයෝ. කව්රු කියන එකද ජනතාව පිළිගන්න ඕනේ ?
ඩොලර් එක එහෙනම් රුපියල් 1000 ක් විතර කලානම් හරි. අපිට හොද ලාබයක් ලබාගෙන මේ රට සුරපුරයක් කරන්න පුළුවන් වෙයි.
මහා බැංකු අධිපතිතුමෝ, රුපියල අවප්‍රමාණ වීමෙන් රටට ලාබයක් ලැබෙනෙවානම්, ඔබතුමා රට ණයට ගත්තු ඩොලර් මිලියන 136.65ක් වෙළෙඳ පොලට නිකුත් කලේ ඇයි? රුපියල ඩොලරයට 200ක් දක්වා තවත් බාල්දු කර තවත් ලාබ ලබන්නනේ තිබුනේ. මේ කතා ඔබතුමා කාටද කියන්නේ? රුපියල බාල්දුවීම හේතුවෙන් සියලුම ආනයන වල මිල ඉහල යාම හේතුවෙන්, බඩට අකුණු පහරවල් වැදී ඇති මිලියන 21ක් වන රටේ ජනතාවටද? අපි කතා කරන්නේ මිලියන 150 සුකොපබෝගී කාර් ආනයනයන් නොව. පාන් පිටි, බෙහෙත් පෙති, බුමිතෙල්, ගෑස්, ඩීසල්, .... වැනි ජීවත්වීමට අත්‍යාවශ්‍ය ආනයනයන් අපට බලපාන හේතුවෙනි.
ආණ්ඩුව අපනයන කරන දෙයක් නැත එසේ කලා නම් වාසියක් ඇත. ගෙවන්න තියෙන්න ණය රුපියල් වලින් වැඩිවෙන්නේ නැද්ද මේක නිසා
රුපියල තවත් අවප්‍රමාණය කරන්න. එවිට මෙවැනි ලාභ ඉදිරිටත් වී ලංකාව ලොව පොහොසත් රටක් වනු ඇත. තරුණ අපේ බලාපොරොත්තුවද එයයි.
එක කාළයක් ලංකාවේ හිටියා ආර්ථික විද්‍යාව පිලිබදව මහාචාර්යවරයෙක්, මේවගේ රුපියල දිගින් දිගටම බාල්දු වෙනකොට මේ මහාචාර්යවරයා කිව්වා රුපියලේ අගය අව ප්‍රමාණය වෙනවා කියන්නේ බොරුවක් එහෙම වෙන්න විදිහක් නැහැ ඉස්සර රුපියලට තිබුණේ සත සීයයී දැනුත් සත සීයක් තියනවා ඉතින් කොහොමද කියන්නේ රුපියල අව ප්‍රමාණ වුනා කියලා.
එතකොට අවාසිය ලාබය වගේ කී ගුණයක්ද?
පෙරලෙන පැත්ත හොඳයි කිව්වාලු !!
මොන බොරුවක්ද ?
කාවද මේ මෝඩයාට අන්දන්න හදන්නේ? ඔහොම වාසි තිබෙනවානම් තවත් රුපියල බාල්දු කරන්නකෝ.
මේවා අහලා අනික් රටවලුත් තම මුදල් අවපාත කරගනීවි නේද?