(රංජන් කස්තුරි )
ඉදිරියේදී පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට නියමිත සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය දක්වමින් මේ මස 17 වැනිදා සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව රටපුරා සියලු රජයේ රෝහල්වල වෛද්‍යවරු 17 වැනිදා පෙරවරු 8සිට පසුදින පෙරවරු 8 දක්වා එම වෛද්‍ය වර්ජනය ක්‍රියාත්මක කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
මේ වනවිටත් සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුම හොර රහසේ අත්සන් කර තිබෙන බවද එමගින් රටට විශාල හානියක් සිදුවන බවද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ රටේ ආණ්ඩුවක් මොකටද? පාර්ලිමේන්තුව වහලා දාලා වෛද්‍ය සංගමේට ඕනේ විදිහට රට පාලනය කරමු.
සිංගප්පුරුව සමග පමණක් නොව, ඉන්දියාව, බංගලාදේශය සහ පකිස්ථානය සමගත් මෙවැනි නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කල ගත යුතුයි. අද මේ කලාපයේ සියලු රටවල් වල දල දේශීය නිෂ්පාදනය සීග්‍ර ලෙසින් වැඩි වීමට පටන් ගෙන් තිබෙන බැවින්, මෙවැනි වෙළඳ ගිවිසුම් හරහා අපේ ආර්ථිකයක් වර්ධනය කර ගත හැක.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැමදේටම පැනල දෙන්නෙ ඇයි? රටේ වෙනත් අය මේ වෙළඳ ගිවිසුමේ ගුණ දොස් දකින්න කලින් කඩේ යන සංගමය අහිංසක රෝගීන් බිල්ලට ගන්නෙ රටේ නිදහස් අධ්‍යාපනයෙන් වෛද්යවරුවූ බවවත් නොහිතයි..
දැන් මේ ගිවිසුම කලුද සුදුද දන්නේ නැහැ. ආණ්ඩුවට තියෙන්නෙ මේක මුලුමනින්ම මහජනතාවට ප්‍රසිද්ද කරන්න. එවිට රටේ විද්වතුන් දේශපාලන පක්ෂ ඕකට පිලිතුරැ දෙයි. මේ ආණ්ඩුවේ වැඩ එතරම් හොඳ නෑ. රට ආර්ථිකව ලොකු ආඝාදයකට යනවා.
මේ වෛද්‍ය සංගමේට මොනවද වෙලා තියෙන්නේ? සයිටම් ඉවරයි. ආයිත් මොනවද? රජයේ දුර්වලකම් නිසා තමයි වෛද්‍ය සංගමය මෙහෙම කටයුතු කරන්නේ?
ලංකා අැත්තටම ලංකාවේ අාණ්ඩුවක් තියනවද? එකක් තියනවලු හැබැයි එයාලේ එයාලගේ ගැටලු එ් කියන්නේ අැමතිකම්, වාහන, දීමනා අාදිය පිලිබඳ ගැටලු නිරාකරණය කරගන්නවා විනා. අාණඩුවක් විදියට රටේ ගැටලුවලටනම් විසඳුම් දෙන පාටක් නෑ. මේ ගමේ මරණාධාර සමිතියක් වගේ. මේ ඔක්කොම දේවල් කරන්නේ තමන්ගේ මල්ලට වාසි විදිය මිසක් රට ගැන හිතලා නෙමේ.
මොන ගිවිසුමක් ගහලා හරි කමක් නැහැ ලංකාවට විදේශ වෛද්‍යවරු ගෙන්වා, මේ දොස්තර මාෆියාවෙන් ලංකාව මුදවා ගන්න. කොහොමත් අපි මුදල් ගෙවලා තමයි බෙහෙත් ගන්නේ.
ආණ්ඩුවේ නායකයන්ට සතියකට මගුල් ගෙවල් 3,4 ක අත්සන් කරන්න යන්න තිබෙනවා. ඔය අස්සේ මළගෙවල් 2-3 කත් යන්නවෙනවා. විවෘත කිරීමේ උත්සව 2-3 තිබෙනවා, මාසෙකට සැරයක් දෙකක් විදේශ සංචාර, ඉතින් මේවා ඔක්කොම කරලා ඉවරවෙනකොට රට පාලනය කරන්න කොහෙද වෙලාව තිබෙන්නේ. වෛද්‍ය සංගමය එකට ඕනේ විදිහට වැඩ වර්ජන කරමින් පිස්සු නටනවා, දුම්රිය සේවකයෝ ඒගොල්ලන්න්ට ඕනේ විදිහට වර්ජන කරමින් පිස්සු නටනවා, ආණ්ඩුව මේවා සත 5 කට ගණන් ගන්නේ නැහැ මොකද ඇමතිලා බෙහෙත් ගන්න යන්නේ සිංගප්පුරුවේ රෝහල් වලින්, ඔවුන් දුම්රියේ ගමන් කරන්නේ නැත ඔවුන් යන්නේ සිලින්ඩර් 8 එන්ජිමක් සහිත අධිබලැති ටොයෝට සහරා ජීප් වල, සාමාන්‍ය ජනතාව වන අපි මහමග රස්තියාදු වෙන අතර, විශ්ව විද්‍යාල සිසුන් හැම සතියම මොකක් හරි හේතුවක් ඉදිරියට දමාගෙන ඉගෙනීම පසෙක දමා පාරවල් දිගේ ඉබාගාතේ ඇවිදිති, ඉතින් මේ රට තව අවරුදු 100 ගතවුනත් දියුණුවෙන එකක් නැත
මම නම් ඉන්නේ පරිගණක ක්ෂේත්රයට සම්බන්ධ වෙලා. කවුරු මොනවා කිව්වත් අපේ රස්සා ටික බේරල දෙන්න උත්සහ කරන වෛද්‍ය මහතුන්ට අපගේ හද පිරි ප්‍රණාමය. ඔබලාට ජයෙන් ජය.
තම වෘත්තිය ගෞරවයත් ආරක්ෂාකර ගන්න දන්නේ නැති මේ අය මට්ටු කල යුතුමය.
මා දරන්නෙත් විකුම් රංගන මහතාගේ මතයයි. සමහර දොස්තරවරුන්ට ඕනේ දේශපාලනය කරන්න. මේ මඟුලෙන් වෙන්නේ අසරණ ලෙඩ්ඩු මැරෙන එකයි. ඉතින් මේ අයට මිනීපෙට්ටි කඩ දාගන්න ඉඩදීලා හොඳ දොස්තරවරු පිටරටින් ගෙන්වා අසරණ ලෙඩුන්ගේ ජීවිත බේරා ගැනීමයි කලයුතු වන්නේ. පිටරට දොස්තරවරු දේශපාලනය කරන්නේ නැහැ. තම නිර්මාර්තෘ වන හිපොක්‍රටීස් ගේ අඩිපාරේ යමින් ස්ට්‍රයික් කරන්නේ නැහැ. බොහෝම කාරුණිකයි. ඉතින් දෙවිවරුන් වැනි මේ අය ගෙන්වා ලෙඩුන් රැක ගැනීමට කාලය එළඹ ඇත. එසේ කළහොත්, දොස්තරවරු කව්ද, කොන්දොස්තරවරු කව්ද යන්න රටට අවබෝධ වෙනු ඇත. එය එසේ වේ යයි බියෙන් දොස්තර වෙස්ගත් සමහර කොන්දොස්තරවරුන් ස්ට්‍රයික් කිරීමට සැරසෙනු පෙනේ. දෙවිවරුන් වැනි මේ රටේ සිටින හොඳ දොස්තර වරුන්ටද මොවුන්ට අවනත වීමට සිදුවී ඇති බව එක්තරා දොස්තර මහතෙකු මාහට පැවසුවේය.