(විනීතා එම් ගමගේ )
විජිතපුර , බැලූම්ගල නිවාස ව්‍යාපෘතියක් සඳහා ඉඩම ඩෝසර් කර ඇත්තේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව එහි පවරා ගැනීම් ක්‍රියාවලිය ආරම්භ කිරීමෙන් පසුව යැයි පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහචාර්ය පී බී මණ්ඩාවල මහතා ලංකාදීප කළ විමසීමක දී පැවැසීය.
මෙම පුරා විද්‍යා භූමිය විනාශ කිරීම වැළැක්වීමේ වගකීම ප්‍රධාන වශයෙන්ම ප්‍රදේශය භාර ග්‍රාමසේවකට පැවැරෙන බවත් එම වගකීමෙන් ඔහුට මිදිය නොහැකි බවත් අධ්යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.
රජයේ ඉඩම් හිමි ප්‍රාදේශීය ලේකම්වරයාට බව සැබෑ නමුත් යම් කටයුත්තක් කිරීමේ දී බලපෑම් තක්සේරු වාර්තාවක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත යුතු නමුත් මෙම ව්‍යාපෘතිය සඳහා එය ලබා ගෙන නැතැයි ද මණ්ඩාවල මහතා කීය.
1998 දී එවකට එහි සිටි ප්‍රාදේශීය ලේකම්වරයා දැනුම්වත් කර එය පුරා විද්‍යා වටිනාකමක් ඇති භූමියක් ලෙස නම් කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කළ බවත් එම කටයුතු සිදුවෙමින් පවතිද්දී මෙසේ පුරාවස්තු වැනසෙන පරිදි ඩෝසර් කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.
කෙසේ වෙතත් මෙම විනාශය මුලින්ම දැනගත්තේ ද පුරාවිද්‍යා නිලධාරින් විසින් යැයි කී ඒ මහතා මුලින්ම පොලිසියට පැමිණිලි කළේ ඔවුන් විසින් යැයි ද පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එයාට මෙයාට වැඩේ භාරව තිබුනා කියල වැඩක් නැහැ. ඔය කියන පවරා ගැනීම් වෙනකොට වැඩේ හමාරයි. හැම තැනකටම ඕක වෙනවා. තියෙන හොඳම වැඩේ ආරක්ෂක අංශ වෙත පුරාවිද්‍යා ස්ථාන නියමාකාරයෙන් භාර දීමයි. නැතිනම් වැදගත් ස්ථාන දිගින් දිගටම විනාශ කරනවා. වලක්වන්න පුළුවන් ආරක්ෂක අංශ වලට විතරයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හෙමින් සැරේ පවරා ගත හැකිය.
දැන් එතකොට 1998 පවරාගන්න දැනුම් දීම් කරලා 2018 වෙද්දි අවුරුදු 20 ක් ගිහිල්ලා. ඒ වෙනකනුත් පවරා ගන්න අවශ්‍ය වැඩ කටයුතු අරඹලා පමණයි. ඒ කියන්නේ මෙතන තියෙන්නේ පුරා විද්‍ය නිළධාරීන්ගේ නොසැලකිල්ල හා අලසකම. ඔවුන්ට මේ ගැන කිසිම වගේ වගක් නැතුව ඉඩම පාළුවෙන්න ඇරලා සියල්ල උනාට පස්සේ අනුන්ට බනිනවා. අතඇරලා දාපු ඉඩමක් නිසා මෙය ප්‍රයෝජනවත් දෙයකට ගන්න උත්සහ කරන්න හිතුණා වෙන්න බැරි නෑ.
ඕකේ අන්තිමට වැරදිකරු වෙන්නේ ඩෝසරය පදවපු රියදුරා.
යකෝ අව්රුදු 20 ක් ? ඉබ්බොද මේ ආයතනේ වැඩ කරන්නේ?
මිටි තැනින් වතුර ගලා බහින්න වගේ හදන්නේ. ග්‍රාම සේවක අවුරුදු කීයක් එම පළාතේද? එතකොට 1998 ඉඳල පුරවිද්‍යා එක පුරවිද්‍යාවට ගිහිල්ලා තිබුනද.? ප්‍රාදේශීය ලේකම් නමටද? දිස්තිරික්ක ලේකම්? නිවාස සංවර්දන එකට පවරාදුන්නේ කවුද? ඔප්පු ලිව්වේ? මිනිසුන්ගේ කෑගැහිල්ලටද ඔක්කොම නැගිට්ටේ?
මුළු රටම ඩෝසර් කළා වගේ සීසි කඩ විසිරිලා තිබෙනවා. නිලධාරීන් නිදි. දේශපාලකයින් නිලධාරීන්ට ඇඟිල්ල දිගු කරනවා.
පළමු ඩෝසර් කිරිල්ල කලේ දුටුගැමුණු රජතුමා.. එ්ක තමයි නියම ඩෝසර් කෙරිල්ල. එදා ඒක නොකළා නම් අද සිංහලයා ඩෝසර් වෙලා.
ලංකාවේ පුරාවස්තු විනාශයට ඇමෙරිකාව වගකියන්න ඕනේ...එහෙම වෙන්නේ ඇයි?