(ඉන්දිකා රාමනායක)
පිටකොටුව නාටාමි කෙනෙකුගේ හොරණ මොරගහහේන නිවසේ සේප්පුවක තිබී හොරොයින් කිලෝ 1 යි ග‍්‍රෑම් 767 සහ සහ ලක්ෂ 40 ක් පමණ වටිනා රන් බඩු තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි.
අත්අඩංගුවට ගත් හෙරොයින්වල වටිනාකම රුපියල් දෙකෝටි හතලිස්පස් ලක්ෂයක් බවද පොලිසිය කියයි.
මෙම සැකකරු ඉකුත් 4 වැනි දා හෙරොයින් ග‍්‍රෑම් 100 ක් සමඟ හෙරණදී අත්අඩංගුවට ගෙන තිබු අතර ප‍්‍රශ්න කිරීමේ දී ඔහුගෙන් හෙළි කරගත් තොරතුරු අනුව ඊයේ (10) සවස හොරණ නිවස පරීක්ෂා කළ නිලධාරීන් එහි සේප්පුවේ තිබු මෙම හෙරොයින් හා රන් බඩු සොයාගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ගියාම එකෙත් වරදක් නැහැ
මා මෙපමණ කලක් හිතාගෙන සිටියේ කොළඹ නාට්ටාමිලා දුප්පතුන් කියලයි. මෙතරම් වටිනා මුදලක මත් ද්‍රව්‍ය සහ රත්රන් ? ඒ මදිවට සේප්පුවකුත් තිබිලා. මං මොනතරං නොදන්නා කෙනෙක්ද බලාගෙන ගියාම ?