(මනෝප්‍රිය ගුණසේකර)
කොළඹ දිසා අධිකරණයේ පුද්ගලයකුට පවරා ඇති නඩුවකින් ගැලවීම සඳහා ලිපියක් දෙන බව පවසා රුපියල් 15000 මුදලක් ඉල්ලා ලබා ගත්තැයි වරදකරු වු දේශිය ආදයම් දෙපාර්තමේන්තුවේ අනුරාධපුර පළාත් කාර්යාලයේ තක්සේරු නිලධාරියකු ලෙස කටයුතු කළ පුද්ගලයකුට වසර 14 ක සිර දඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඔහුට රුපියල් 9000 ක දඩයක් නියම කළේය.
ඔහු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 15000 ක මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.
මෙලෙස දඩුවම් නියම වුයේ දේශිය ආදයම් දෙපාර්තමේන්තුවේ අනුරාධපුර පළාත් කාර්යාලයේ තක්සේරු නිලධාරියකු ලෙස කටයුතු කළ ජනක බණ්ඩාර දසනායක නම් තැනැත්තෙකුටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලස දුෂණය රටේ දියුණුවට බාධාවකි. කරුණාකර මෙවැනි අල්ලස් නඩු සදහා පළාත්බද විශේෂ අධිකරණ ස්ථාපිත කර නඩු මාස කිහිපයක් තුළ විසදීමට කටයුතු කල යුතුයි .
පහළොස්දාහට අවුරුදු 14 නම් කොටි දහයේ අල්ලස් ගත්ත දෙන්නට අවුරුදු 93,333යි මාස තුනකට අච්චු ලැබෙයි.
අල්ලස සහ දුෂණය නිසා රටේ නීතිය සහ සැමට සමානව සැලකීම නැතිවෙලා රට විනාශ වෙලා.
පහළොස්දාහට අවුරුදු 14 නම් කොටි 165අල්ලස් ගත්ත කෙනාව අවුරුදු කීයකට හිරේ යයිද?
කව්ද නඩුකාර උන්වහසේ ? අර යාපනේ එක්කෙනද? නැත්නම් නඩුකාර තුමා පැමිණිල්ලෙන් අල්ලස් අරන්ද?
ලංකාවේ අල්ලස් මුදල වැඩි වෙන්න වැඩි වෙන්න දඩුවම අඩුවෙනවා , අල්ලස 15000 නම් දඩුවම අවරුදු 14 , අල්ලස කොටි 2 නම් සති 4-5 රිමාන්ඩ් එකේ ඉඳල බේරෙන්න පුළුවන් , අල්ලස කොටි 10 වැඩිය ගත්ත මුකුත්ම නොදන්නා මිනිසුන්න්ට නම් නිකන්ම බේරෙන්න පුළුවන්.
අල්ලස් ගන්න කට්ටියට දඬුවම් කරනකොට අල්ලසේ ප්‍රමාණය අනුව දඩුවම් කෙරුවොත් හොදි. 15000 හට ඔහොම කෙරුවම කොටි ගණන් ගත්ත කට්ටි යට? මහබැංකුව හොරකපු කට්ටියට, පාර්ලිමේන්තුවේ ඉඳන් ඔවුන්ගෙන් අල්ලස් ගත් කට්ටියට දෙන දඬුවම මොකක්ද?
කෝටි ගණන් රාජ්‍ය දේපල හොරකම් කරපු අය තවමත් නිදැල්ලේ. රුපියල් 15000 ක් ගත්ත නිලධාරියෙකුට අවුරුදු 14ක් සිර දඬුවමක්. දෙයියෝ සාක්කි.
නඩු තීන්දු වල කිසි ප්‍රමිතියක් නැහැ සියල්ලටම පළමු නඩුකාර උත්තමයන්ගේ සාමාන්‍ය දැනීම හා වටපිටාවේ තොරතුරු පිලිබඳ ඔවුන් දැනුවත් කලයුතුය
"දුම්රිය මාර්ගයේ ඇවිදීම දඬුවම් ලැබියහැකි වරදකි" කියල ලියල තිබුනට දිනපතා දස දහස් ගණනක ජනතාව ඒ වැරැද්ද කරනවා. මේ නීතිය ක්‍රියාත්මක කරන්න උවමනා වුනොත් නිසි බලධරයන්ට ඒක කරන්න හැකියාව තියෙනවා. ඒ වගේ තමයි ලංකාවේ අල්ලස් නීතියත්. ආණ්ඩුවේ විතරක් නෙමෙයි පුද්ගලික අංශයේත් දස දහස් ගන්නටත් වඩා සේවකයෝ දිනපතා අල්ලස් ගන්නවා නමුත් නීතියෙන් අල්ලගන්නේ අවුරුද්දකට එක්කෙනෙක් දෙන්නෙක් පමණයි.
නීතිය ක්‍රියාත්මකවීම ඉතා හොඳයි. නමුත් එය හොරාකන දේශපාලකයන්ටත් පොදු විය යුතුයි. මා දන්නා තරමින් කිසිම දේශපලාකයෙකුට එරෙහිව අල්ලස් සම්බන්දව දඬුවමක් දීලා නැහැ. නීතිය කාටත් පොදුයි නම් ඇයි මේ වෙනස.
සුගන්දිකාගේ කටට මසුරන් දාන්න ඕනි. කෝටි ගණන් ගහපු උන් දැන් හිරේද ? කිසිම දඬුවමක් නෑ. එක්කෝ පිටරට පැනලා. කෝ හැමෝටම එක නීතිය.
ලොකු අයට එක නීතියක්. පොඩි අයට තව නීතියක්. මෙය කෙසේ හෝ වෙනස් කළ යුතු කාලය පැමිණ අැත...
වතුර ගලායන්නේ පහත් තැනට මිස උස් තැනට නොවේ. දඬුවම වැඩි සුළු වරදටයි. දුම්රිය මාර්ගයේ ඇවිදීම කරන අය අල්ලා දඬුවම කර දඩ ගසා රජයට ලොකු අදායමක් ගත හැකිය.
රුපියල් 15000 වසර 14ක් නම් අපිට හිතාගන්න පුළුවන් අනිත් දෙන්නට කෝටි 2 වසර කීයකින් ලැබෙයිද කියලා..