(මනෝප්රිය ගුණසේකර)
දිසා විනිසුරුවරුන් දහතුන් දෙනෙකු පසුගියදා මහාධිකරණ විනිසුරුවරුන් ලෙස උසස් වීම් ලබා දී ඇත.
එලෙස උසස්වීම් ලබාදෙන ලද්දේ ආර්.එස්.එස්. සපුවිද, සුජීව නිශ්ශංක, ලාල් රණසිංහ බණ්ඩාර, එස්.ඒ.අය්.එස්. සුරවීර, ප්රදීප් අබේරත්න, සහන් මාපා බණ්ඩාර, එස්. නන්දසේකරන්, ක්රිෂාන්ති අමරතුංග, ඉවොන් ප්රනාන්දු, ජී.ජී. සිරිපාල, එන්.එම්.එම්. අබ්දුල්ලා, ගිහාන් පිළපිටිය සහ එස්. සුසෙයි යන මහත්ම මහත්මීන්ටය.
මහාධිකරණ විනිසුරුවරුන් ලෙස එලෙස උසස් වීම් ලබා දෙන ලද විනිසුරුවරුන් අගවිනිසුරු ප්රියසාද් ඩෙප් මහතා සමඟ ඡායාරූපයෙන් දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලෝ ගැන මුකුත් කියන්න බැහැ. මේ කාලෙ මේගොල්ලෝ ගැන ගොඩක් කතා ඇහෙන හින්දා. කොහොම උනත් 13 එතරම් හොඳ නොම්බරයක් නොවේ.
මගේ සුබ පැතුම් !!! ඒවගේම කියන්න ඕන ඔය විනිසුරුවරුන් නඩු ඇසූ දිසා අධිකරණවලට වෙනත් විනිසුරුවරුන් තවම පත්කර නැත්නම් හෙට සිට ඒවායේ නඩු කල්යනවා. මම දන්නවා අඩුවශයෙන් එහෙම එක තැනක්... ඒක මට බලපාන නිසයි කියන්නේ. මගේ නීතිඥ මහතාට නියමිත ගාස්තුව ගෙවීමට මට සිදුවේ. නමුත් නඩුව ඉදිරියට යාමක් සිදුවන්නේ නෑ. මෙය කාගේ වරදක් දැයි නොදනිමි.