ධිවර ජනතාවට ලබාදෙන භූමිතෙල් සහනාධාරය එලෙසෙම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
භූමිතෙල් මිල ඉහල දැමීමෙන් ධිවර ජනතාව විවිධ ගැටළු වලට මුහුණදී සිටින බවට විවිධ පාර්ශවලින් කරන ලද විමසීම් හේතුවෙන් ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේදී අද (11)පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ භූමිතෙල් අව භාවිතය වැළැක්වීම සඳහා මෙලෙස තෙල් මිල ඉහල දැමීමට තීරණය කර ඇති බවය.
බොහෝ බස් සහ ලොරි වැනි බර වාහන ඩිසල් වෙනුවට භූමිතෙල් භාවිතා කරන බවටත් එමගින් පරිසරයට විශාල හානියක් වන බවටත් රජයට පැමිණිලි රැසක් ලැබී තිබු බවත් , එය පාලනය කිරීම උදෙසා මෙලෙස භූමිතෙල් මිල රුපියල් 57 ක් වැනි මුදලකින් ඉහල දැමුවා මිස ජනතාව පීඩාවට පත්කිරීමේ කිසිදු අදහසක් රජයට නැතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය .
එනිසා ධිවර ජනතාව අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම භූමිතෙල් සහනාධාරය විදිමත්ව ක්‍රියාත්මක නොවන්නේනම් ඒ පිලිබඳව වහා ධිවර අමාත්‍යංශය මැදිහත්ව අවශ්‍ය සහන සැලසීමට කටයුතු කරන බවද දිලිප් වෙදආරච්චි අවධාරණය කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුම ඔහොම කිවුවට ඔය සහනාධාර ගන්න ධීවරයන්ට පෝරම පුරවගෙන වරු ගණනක් පෝලිමේ ඉන්න සිදු වේවි, රෑට මාලු අලන්න ගිහින්, දවාලේ වරුවක් විතර පෝලිමේ තැපලා නිදා ගන්නවත් වෙලාවක් නැතිවේවි. අන්තිමට බොරු නම් දීලා නිලධාරි ටික එකතුවෙලා සහනාධාරේ අරන් තෙල් ටික බස්කාරයන්ට විකුනාවී
ඔය සහනාධාර දෙන්නේ මොකටද? මාළු අඩුමිලට දෙනවද? තවමත් පිටරටින් ගෙනෙන මාළු ලාබ නේද? ලින්නෝ ...? ගන්න භූමිතෙල් ටික, බස්වලට දෙන අය ගැන ඉස්සර වෙලාම හොයන්න. ඒවා ප්‍රසිද්ධ රහස්...
ඔබතුමාගේ නිලරථය වන ටොයෝටා සහරා සිලින්ඩර් 8 සුදුපාට ජීප් රථයට කිලෝමීටර් 5 යන්න පැට්රල් ලීටර් එකක් වැයවෙනවා. බොහෝවිට ඔබතුමා මේකෙන් කරන්නේ බොහෝවිට තිස්සමහාරාමේ පැත්තේ තිබෙන මල ගෙවල්වලට යන එක... ඔබතුමා සහ ඔබතුමාගේ සහෝදර දේශපාලකයෝ මෙවැනි අනවශ්‍ය දේවලට වියදම් කරන මුදල් ඉතුරු කරගත්තා නම් ඉන්ධන වලින් මෙහෙම බදු ගහන්න වුවමනාවක් වෙන්නේ නැහැ.