(රංජන් කස්තුරි )
ඉන්ධන මිල ඉහළ ගියද කිසිසේත් විදුලි ගාස්තු ඉහළ නොදමන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ලෝක වෙළෙඳපොලෙහි තෙල්මිල උච්චාවචනයන්ට මුහුණ දුන්නද ආණ්ඩුව විදුලි ගාස්තු ඉහළ නොදැමීමට තීන්දුවක් ගෙන ඇතැයි ද එම නිසා විදුලි පාරිභෝගිකයින් අපහසුතාවට පත් නොවන බවද හෙතෙම පැවසීය.
ආණ්ඩුව සෑම විටකදීම ජනතාවට හැකි උපරිම සහන ලබාදෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ධන ලීටරයකින් රජය රුපියල් 40-58 අතර මුදලක් රජය බදු ලෙස අයකරනවා. විදුලිබල මණ්ඩලයට දෙන ඉන්ධනවලට 70% විතර බදු සහනය දුන්නා නම් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.
අනේ ඔහෙලා ඔක්කොමලා කිව්වේ ඔහොම තමයි. කවුද ඔහෙලා කියන බණ විශ්වාස කරන්නේ? ඔහෙලා තණකොළ කෑවට අපි කන්නේ බත්...
තෙල් මිල වැඩි කරන්න කලින් කිව්වෙත් මේකම තමයි. අයි.ඕ.සී. එක තෙල් මිල වැඩි කළාට අාණ්ඩුව වැඩි කරන්නේ නෑ කිව්වා. එහෙම කියලා මාසයක් ගියේ නෑ.
අම්මේ මලයගේ සුන්දර මුණ... දැන් අාපහු කටට පණ ඇවිල්ලා වගේ. මොකද "දෙළුම් යුෂවත්" පානය කළාද තකහනියක්..? අපටත් කියලා දෙන්නකෝ ඔය බබා දාන ක්‍රමය මලයා...
වැඩිකරපල්ලා වැඩිකරපල්ලා... රටට, ජනතාවට හෙන ගැහිලා ගියත් මහගෙදර ගවගාල පෝෂණය කරන්න සල්ලි ඕනෑ නේ වැඩිකරපල්ලා හැම එකක්ම...
ඔන්න කස කාරයෝ එනවා...
වැඩි කරන්න එපා. ප්‍රති සංශෝධනය කරන්න. ඒ ඇති...
මෙහෙම තමයි අර්ජුන ඇමැතිතුමාත් අයි.ඕ.සී. තෙල් මිල වැඩිකරන කොටත් කිව්වේ. බොරුවට අර කමිටුවේ කමිටු රැස්වෙලා, අවසානයේ වැඩිකරනවා.
අය්යෝ ඇයි විදුලිබිල වැඩිකරන්නේ නැත්තේ. අපරාදේ අපි මේ බලාගෙන හිටියේ වැඩි කරනකම්. වැඩ්පුර ගෙවන්න සල්ලිත් ලෑස්ති කරගෙන හිටියේ අපරාදේ අපි එකතුකරපු සල්ලි දැන් ඉතින් ඒ සල්ලිවලට කරන්නේ මොනවද කියලා මම මේ දහඅතේ කල්පනා කරන්නේ.
ඒ කියන්නෙ තව ටික දවසකින් වැඩි කරනවා කියන එක තමා. ලක්ෂ 62 ඔන්න ඔබලාට තවත් යහපාලන තෑග්ගක් අත ළඟ සතුටු වෙන්න.