සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
ජාතික විගණන පනත අද (11) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබුණත් විවාදයට ගැනුණේ නැත.මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු පැය දෙකකින් අවසන් විය.විගණන පනත පිළිබඳ විවාදය අද දවස පුරා පැවැත්වීමට නියමිතව තිබුණි.
විගණන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය නොපැවැත්වුණ හෙයින් සිවිල් ගුවන් සේවා (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාද කර සම්මත කර ගැනිණි.
ජාතික විගණන පනත් කෙටුම්පත විවාදයට ගන්නා දිනය ඉදිරියේදී පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා පැවසීය.
ජාතික විගණන පනත් කෙටුම්පත ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉකුත් 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විගණන පනත එක්ක ගෙදර යන්න වෙන කට්ටිය ගැන හිතලා වෙන්න ඇති.
ඔය පනත ක්‍රියාත්මක කරන්න හොරු ඉඩදෙන්නේ නැ. එ් නිසා රුපියල් 100,000/= වැඩිය හොරකම් කළ සියලුදෙනාගේ දේපල රාජසන්තක කර හොරාට මරණ දඬුවම දිය යුතුය. රුපියල් 10,000/= ත් 100,000/= අතර හොරකම් කළ අයගේ දේපල රාජසන්තක කර සියලු තනතුරුවලින් ඉවත්කළ යුතුය. නැවත කිසිදු තනතුරක් දැරුය නොහැක. රුපියල් 10,000/= දක්වා හොරකම් වලදී එම හොරකම මෙන් 10 ගුණයක් නැවත රජ්‍ය භාණ්ඩාගාරයට ගෙවා තනතුර රැකගත හැකිය. ඉහත සොරකම් යන්නට හොරකම්, වංචා, දුෂණ, අල්ලස් සියල්ල අතුළත්ය. හොරකම් සඟවන, යට ගහන, හොරුන් බේරා යවන නිලධාරීන්ට එම මුදල් ප්‍රමාණය අනුව වරදකරුට හිමිවන දඬුවම ලබාදිය යුතුයි.