ක.ග කරුණාරත්න
පොලොන්නරුව - ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තල්පොත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමකින් හමු වූ ලෝකඩ බුද්ධ ප්‍රතිමාවක් අද (11) පොළොන්නරුව පුරාවිද්‍යා කාර්යාලයට බාර දුන් බව පුරාවිද්‍යා නිලධාරීහු කියති.
පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් මෙම සමාධි බුද්ධ ප්‍රතිමාව සෙන්ටිමීටර් 6.8 ක් උස සෙන්ටිමීටර් 6.5 ක් පළලින් යුක්ත බවත් එය පොලොන්නරු යුගයට අයත් යැයි විශ්වාස කරන බවත් පුරාවිද්‍යා ගවේෂණ නිලධාරී එච්.එම් අබේකෝන් මහතා පැවසීය.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය පී.බී මණ්ඩාවල මහතාගේ උපදෙස් පරිදි මෙම බුද්ධ ප්‍රතිමාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් කෞතුකාගාරය වෙත බාරදීමට පුරාවිද්‍යා නිලධාරීහු කටයුතු කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගියපාර මුහුද යට තිබ්බ පිළිම වගේ වෙයිද දන්නෑ......
මෙතන අඩු වියදම් ගෙවල් හදන්න හොඳ තැනක් වෙලා වගේ...