(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ තරංග ගුණරත්න)
වැලිගම මිරිස්ස වෙරළ තීරයේ ඇති අනවසර ඉදිකිරීම් පොලිස් ආරක්ෂාව යටතේ කඩා ඉවත් කිරීම අද (11) වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළේය.
අනවසර ඉදිකිරීම් ලෙස හඳුනාගත් හෝටල් 20 ක් එහිදී බැකෝ යන්ත්‍ර යොදා කඩා ඉවත් කළ අතර ඊට ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවයද එල්ල විය. ඒ සඳහා පොලිසිය විසින් පොලීස් නිලධාරීන් සහ කදුලුගෑස් සහිතව කැරලි මර්ධන කණ්ඩායම් සීරුවෙන් තබා තිබුණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාල අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කිරීමෙන් පසු පොලීසියේ සහාය මත එම කටයුතු සිදුවිය.
මිරිස්සේ දී ඉකුත් අප්‍රේල් මස 08 වන දින විදේශීය ජාතිකයින් තිදෙනෙකුට එල්ල වු හිරිහැර හේතුවෙන් සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා මෙලෙස අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කළ බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
පූර්ව දැනුම් දීමකින් තොරව ඉදිකිරීම් කඩා ඉවත් කිරීම ගැන හෝටල් හිමියන් රජයට චෝදනා කළ අතර වෙරෙළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එසේ කඩා ඉවත් කර ගැනීමට ඔවුන්ට සහන කාලයක් ලබා දුන් බවත් ඊට අවනත නොවු ඉදිකිරීම් සියල්ල තම දෙපාර්තමේන්තු බලතල යටතේ කඩා ඉවත් කිරීමට කටයුතු කළ බවත්ය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය අනවසරයෙන් මේවා හදාගෙන තමන්ගේ පාඩුවේ පවත්වාගෙන යන්නේ නැතිව සංචාරකයන්ටත් හිරිහැර කරන්න ගියානේ. එතකොට රටට ජාත්‍යයන්තර වශයෙන් අපකීර්තියක් ලැබෙනවා. සංචාරක කර්මාන්තය බිඳ වැටෙනවා.ඒ නිසා මෙවැනි පියවරක් ගැනීමට සිදුවී තිබෙනවා.
ප්‍රමිතියකට නැති මෙම අනවසර ඉදිකිරිම් කඩා දැමූ විට වෙරළට ලැබී ඇති සුන්දරත්වය විශාලයි.
අන්න එහෙමයි තීරණ ගත යුත්තේ. හැමතැනම කුඩාරම්, කුණු ගොඩවල්, රටක් නොවෙයි අපායක්
පූර්ව දැනුම් දීම්? එතකොට ඕවා අනවසරයෙන් අටවන කොටත් ආණ්ඩුවට දැනුම් දීලද කලේ?
මේ අවුරුදු 3 ටම ගත්තු තීරණයක් කමිටුවක් දාලා කල් නොයවා ක්‍රියාත්මක කලාමද කොහෙද
දකුණේ සංචාරකයන්ට කරන හිරිහැර හා අතවර කාළයක් තිස්සේ පවතින අතර විශේෂයෙන් පසුගිය රජය කාලේ ප්‍රාදේශිය සභා සහ පලාත් සභා සදහා තම නියෝජිතයන් ලෙස අපරාධකරුවන් හා කුලී මැරයන් ලෙස පත් කිරිමත් සමග මෙම තත්වය උග්‍ර වු අතර මෙම තත්වය පාලනය කර දේශිය මෙන්ම විදේශිය සංචාරකයන්ට නිදහසේ තම විවේකය ගත කරන්න අවස්ථාව ලබාදීම වත්මන් රජයේ වගකීමවේ.
ඉතාමත්ම වැදගත් සහ හොද තීරණයක්. මිරිස්සේ පමණක් නොව ලංකාවේ සෑම තැනකම තිබෙන අනවසර ඉදිකිරීම් මෙලෙසම ඉවත්කළ යුතුමය. එලෙසින්ම පදික වේදිකාවේ වෙළදාම ද තහනම් කල යුතුමය.
හොඳ වැඩක්.
අපේ ගමෙත් වෙරළේ මෙවැනි අනවසර ඉදිකිරීම් කර තිබෙනවා. පුදුමයට කරුණ නම් මේවා කරලා තිබෙන්නේ ගමේ රටේ මිනිස්සු නොවේ. පිටරටින් ආපු විදේශිකයෝ හෝටලේ රෙස්ටුරන්ට් එක හදලා තිබෙන්නේ වාරකන් කාලයට වෙරළේ රල වදින හරියේ. හෝටලයේ තාප්පේ ගහලා තිබෙන්නේ ස්වභාවිකව වැහි කාලයට වතුර බහින කානුව අල්ලලා, වහිනකොට මුළු පාරම යටවෙනවා මේවට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා වෙරල සංරක්ෂණයේ කමිටියේ කාර්යාලයේ හිටපු ලොකු මහත්මයා හම්බන්තොටට මාරු කරලා දැම්ම මට පෙනෙන විදිහට දැන් ඉන්න නිලධාරියෝ නම් සුද්දගේ පගාව අරගෙන ලිපිගොනු යට ගහලා
ඔය ගැන්මෙන්ම අනෙක් ප්‍රදේශවල තියෙන මුඩුක්කු වන් අනවසර ඉදිකිරීම් ටිකත් ඉවත් කලානම් හොඳයි. විශේෂයෙන් සංචාරක ප්‍රදේශ වල.
මේ සමගම මෙම සංචාරක කලාපයේ බස්, ලොරි, ධාවන වේගය අලින්ට ගහන නලා ශබ්දය නතර කරලා දෙන්න. පාර අවට තියෙන හෝටල් වලට ලොකු අවහිරයක්... ඒ සමගම අනතුරු කීපයක් වුණා. විදේශිකයෝ මැරුණා. ඒවාට තවම පිළිතුරක් නැහැ. මෙය මම සඳහන් කළ අවුරුද්දකට පෙර තවම පියවරක් නැහැ. ඒ වගේම ත්‍රීවීල්වල තියෙන සංගීත ශබ්දය, ශ්‍රී ලංකාවට විදේශ විනිමයක් ගෙනත් දෙන මිරිස්ස සංචාරක කලාපය තව දියුණු කර ගැනීමටත්, එය ආරක්ෂා කරගැනීමටත් කඩිනම් පියවරක් ගන්න. මම මෙය ඉදිරිපත් කරන්නේ වැලිගම සහ මිරිස්ස සියලු දෙනා වෙනුවෙන් සහ ලංකාවේ සංචාරක ක්ෂේත්රය වෙනුවෙන්. මගේ ලස්සන පුංචි ශ්‍රී ලංකාවට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා...!!!