(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
ඉපලෝගම බැලුම්ගල නව ගම්මානයට නිවාස සංවර්ධන අධිකාරිය මඟින් තැබූ මුල්ගල හිටපු අමාත්‍ය මර්වින් සිල්වා විසින් ගලවා දැමීය.
ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් බැලුම්ගල නම්වූ පුරාවිද්‍යා භූමියක නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා බව පවසමින් ඩෝසර් කර දැමු පුරාවිද්‍යා නටබුන් නිරීක්ෂණය කිරීම සඳහා අද (12) හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ නිරීක්ෂණය කිරීමෙන් පසු නිවාස සංවර්ධන අධිකාරිය මගින් නිවාස තැනීම සඳහා තැබූ මුල්ගල ගලවා ඉවත් කළේය.
මාධ්‍ය මගින් මේ පිළිබඳව හෙළිදරව් කිරීමත් සමඟ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු කණ්ඩායම මෙම ස්ථානයට පැමිණ පුරාවිද්‍යා භූමියේ විනාශය නිරීක්ෂණය කොට මෙය සිදුකළ පිරිසට දැඩි ලෙස දෝෂාරෝපණය කරන්නට ද විය.
එමෙන්ම එම ස්ථානයේ පිහිටි එළාර රජුගේ බැලුම්ගල නම් වූ ගල්ලෙනට මර්වින් සිල්වා මහතා පැමිණි පිරිසගේ ආධාර ඇතිව ගොඩවීම විශේෂත්වයකි.
බැලුම්ගල උඩට නැගී හෙතෙම කියා සිටියේ මෙම ස්ථානය ඓතිහාසික වශයෙන් වැදගත්කමක් ඇති ප්‍රදේශයම නිරීක්ෂණය කළ හැකි ස්ථානයක් බව ය.
විජිතපුර බලකොටුවට ආසන්නයෙන් පිහිටි මෙම බැලුම්ගල ප්‍රදේශයේ පිහිටා තිබූ පහන් ගල නම් වූ ස්ථානයට පැමිණ දුටුගැමුණු රජු වෙනුවෙන් පහන් දල්වා යාඥාවක්ද සිදුකළේය.
පසුව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මෙම ස්ථානයේදී මාධ්‍ය අමතමින් කියා සිටියේ පුරාවිද්‍යා භූමිය ඩෝසර් කර විනාශ කළ පුද්ගලයින්ට වහාම වැඩ තහනමට ලක් කිරීම නොව නීතිය ක්‍රියාත්මක කළයුතු බවයි.
විෂයභාර අමාත්‍යවරයාට එහි වගකීමෙන් මිදීමට නොහැකි බව ද හෙතෙම පෙන්වා දුන්නේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තමන් යෝජනා කරනු ලබන්නේ වහාම මෙම වැරදි කරුවන්ට දඬුවම් ලබා දෙන ලෙසය. එසේ නොවන්නේ නම් අග්‍රාමාත්‍යවරයා ද මෙහි චූදිතයෙක් වන බව මර්වින් සිල්වා මහතා මෙහිදී සඳහන් කළේය.
ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බැලුම්ගල ගම්මානයේ පිහිටි විජිතපුර බලකොටුවට සමානකම් කියන බැලුම්ගල ආරක්ෂිත පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේම විවිධ ස්වේච්ඡා සංවිධාන සහ බෞද්ධ සංවිධාන විසින් මෙම ස්ථානයට පැමිණ නිරීක්ෂණය කිරීම ද විශේෂත්වයකි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරේ මරු... ඔන්න අායෙත් වැඩ පටන්ගත්තා. ඉදිරියට හොඳ හොඳ සෙල්ලම් ටිකක් බලාගන්න පුළුවන්..
විෂයභාර අමාත්‍යවරයාව ගස් බඳීවිද දන්නේ නැහැ.
මා දැක ඇති, අසා ඇති දේ වලින්... අවසාන ඡායාරූපය දෙස බැලූවිට පෙනී යන්නේ මෙම ස්ථානයේ නිධන් තිබූ බවයි. අවසාන ඡායාරූපයෙන් අතීතයේ නිධන් තැන්පත් කර තිබූ ස්ථානත් හොඳින් දිස්වෙනවා. ඔතන විතරක් නෙමෙයි... රට පුරාම උදා ගම්මාන හදද්දී ඩෝසර් කරලා නිධන් ගත්ත අවස්ථා ඕනෑතරම් තියෙනවා. හැබැයි ඒවා කටකතාවලින් කියන්නේ... කෙළවර වුණා මිසක් මාධ්‍යයට නිරාවරණය වුණේ නැහැ. මර්වින් මහත්තයා කාලෙකින් පරණ වැඩකට අත ගහන්න ගිහින් වගේ...
වෙනත් පින්තුරයක මම දැක්කා මේ පහන් ගලේ සිදුරු ඊතලයක හැඩයට කොටලා තියෙනවා වගේ... යම් දිශාවක් පෙන්නන්න.
කැළණියේ කප්පම් ගත්තේ කවුද? මිනිස්සු ගස් බැන්දෙ කව්ද? දරුවනුත් එහෙ මෙහෙ ගියා නම් රට කොහෙ හදන්නද?
රට වලපල්ලටම ගිහින් වගේ....
බලය තියෙනකොට ඔබ.... කළ කී දේ මතකද? ඔබට දැන් කිසිම බලයක් නැත. මෙවැනි දේ කරන්න මේ රජය දැන් නීතියට ගරු කරනවා ඔබගේ.... රජ්ජුරුවෝ හරියට දුක්වෙනවා. දැන් ජනතාව වෙනුවෙන්...
වැරදි පෙන්වා දෙන අදහසින් කළ වැඩේ අගය කල යුතුවේ. ඉවසීම යනු නිවටකම නොවන බව දැන් පෙනේවි....
මෙයා අායෙ සෙල්ලම් දාන්න හදනවා වගේ...
නම ගිය නිධන් හොරෙන් ගන්න කෙනෙක් වෙන්න ඇති කරන්න ඇත්තේ...
එ් පැත්තේ නිධන් තියනවලු නේද? පහුගිය කාලේ කෞතුකාගාරෙත් වටිනා කඩු කස්තාන තිබුණලු නේද?
මෙතුමා 2020 පොදු අපේක්ෂකයා කරව්..
ඔය වැඩේට, ඔහේගේ පුතා ආවේ නැතෙයි?
ලොක්ක බුදියගෙන ඉඳිද්දී උඩුබුරලනවා වගේ නේද?
ලංකාව කියන්නේ පොඩි රටක්... මහා විශාල ජනගහනයක් ඉන්න. රටේ හැමතැනම පුරාවස්තු තියෙනවා. ඉතින් එහෙම කියලා දැන් ජීවත් වෙන මිනිස්සුන්ට ගෙයක් හදාගන්න... ඉඩමක් ගන්න බැරි වුනොත් තව ටිකක් කල්යද්දී මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? ඒ නිසා අතීතයේ කළ ඒවත් පුලුවන් තරම් රැකගෙන, අදයි හෙටයි ජීවත්වෙන මිනිසුන්ටත් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදන්න ඕනෑ. මේ මනුස්සයා මේක ගැලෙව්වට ඕක හිටවන්න ගෙයක්වත් නැති කන්න බොන්නවත් නැති අහිංසක මිනිසුන්ගේ බදු සල්ලි කොච්චර යන්න ඇතිද? ලංකාවේ මුල් ගල් හිටවන්නත් කෝටි ගණන් යන රටක්නේ...
අයෙත් රංගනයට ඇවිත් වගේ..
මෙය ගලවන්න ඕනේ නැහැ. දැනටමත් එතන නිවස සෑදීම නවත්තලයි තියෙන්නේ.
මිනිස්සු කියාවි කිඹුලා කනවා ඉවසන්න පුළුවන් කොහිල කටු ඇනෙන එක තමයි ඉවසන්න බැරි කියලා.
මෙහි අදහස් දක්වන ප්‍රගති ගාමීන් මොනවා කිව්වත් මේ සිද්ධියට විරුද්ධව එක හෙලා නැගී හිටිය එකම එකම එඩිතර පුද්ගලයා මොහු නොවන්නේද ඔහුට ජය වේවා
එල්ලෙන්න වැල් නැතුව ඉන්න මේවගේ කට්ටියට මේවා හොඳ අවස්ථාවල්.
ක්‍රියාව නම් නරක නෑ ඔය වගේම නැගෙනහිර පළාතේ වෙන පුරාවිද්‍යා සංහාරය ගැන සොයා බලා ක්‍රියා මාර්ගයක් ගත්තනම් තමා නියම වීර ක්‍රියාව වන්නේ . ජයවේවා !!!!!!!!!!!
ලංකාවේ ඉන්නේ පිස්සොනේ
අලුත් වටයකින් ජනතාව අන්දවන්න සුදානම් වෙන පාටයි. මේයාලගේ නායකයා රටම කොල්ල කාල බඩුමිලයි සංවර්ධනය ගැනයි කිඹුල් කඳුළු හෙවනවා තව ටික දවසකින් ප්‍රජාතන්ත්‍රවාදයයි මානව හිමිකම් ගැනයි කතා කරන්න පටන් ගත්තම තමයි ලොකුම විහිළුව වෙන්නේ.
අයෙමත් කැලෑ නීතිය රජකරනවා වගේ.
කොහෙන් හරි අයෙමත් ඇතුලට රිංග ගන්න බලනවා වගෙයි. අර පුත්තරයත් එක්කම ආව නම් තමා වඩා හොඳ! බලාගෙන. පොළොව පලාගන යන්න පුළුවනි!
මෙවන් පුද්ගලයන් වීරයන් නොකරන්න,
රටේ සිදුවන වැරදි ක්‍රියාවන් වෙනුවෙන් නීතිය්‍යානුකූලව ක්‍රියාකරනවා මිස ,චන්ඞිකමින් මොහුකල ක්‍රියාව බුද්ධිමත් ජනතාව කෙසේවත් අනුමත නොකරනු ඇත.මෙවන් පුද්ගලයන් කල් ඉකුත්වු භාණ්ඞමෙනි. මෙවන් අයගේ දේශපාලන සංස්කෘතිය ප්‍රඡාතන්ත්‍රවාදී රටකට නොගැලැපේ.කරුනාකර මෙවන් පුද්ගලයින් පුහුවීරයින් නොකරන්න.
අපගේ පෞරාණික ස්ථාන රැකගැනීමට ඔබතුමා දරන ප්‍රයත්නයට බෙහෙවින්ම ස්තුතියි මැතිතුමනි. මේ රජය ක්‍රියා නිසා සිදුවන්නේ අපගේ මුතුන්මිත්තන්ට හතර රියන්කඩ අහිමිව විලාපය තැබීමටය.
හැමදාම පුරාවස්තු ගැන උදම් අන අනා හිටපල්ලා. අතීතෙ ඇර වර්තමානයේ, අනාගතේ ගැන උදම් අනන්න දෙයක් අපිට තියෙනවද?
මොවුන් සමාජයෙන් කොන්කර තැබිය යුතුය.
රනිල්ගෙන් ලකුණු ගන්න තමන් විසින්ම හදා ගත්තු කොන්ත්‍රාතුවක් කියල තමයි අපට හැඟෙන්නෙ.