( දියතලාව - ඩී.කේ.රත්න සහ වියලුව - නිශාන්ත කුමාර )
අඹුසැමියන් අතර සිදුවූ ආරවුලකදී ස්වාමියා විසින් අද (12දා) හවස තම බිරිදට දර පොල්ලකින් සිදුකල පහරදීමකදී එම දර පොල්ල සිඟිති දරුවකුගේ බෙල්ලට වැදීම නිසා එම සිගිති දැරිය මියගොස් ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි.
කන්දකැටිය මුඩගමුව පදිංචි එන්.එම්.සමුදිකා සෙව්වන්දි නැමති මාස පහක සිගිති දැරියක් මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත.
දර පොල්ල වැදීමෙන් පසු දැඩි අසාධ්‍ය තත්වයෙන් මෙම දැරිය මීගහකිවුල දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු බදුල්ල මහ රෝහලට මාරු කර ඇතත් බදුල්ල මහ රෝහලට රැගෙන එන විටත් මෙම දැරිය මියගොස් තිබේ.
කන්දකැටිය පොලීසිය මේ පිළිබදව පරීක්ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා... කන්දෙකැටිය ප්‍රාදේශීය සභාවට මෙතුමාව යවමු..
මහා පව් කාර තාත්ත කෙනෙක් ....
කුඩා දරුවකු නැති උනත් සමහර මිනිස්සු විහිලුවට ගන්නවා.........
ඉතාම කනගාටු දායකයි.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් සිත කම්පා නොවේ.................. ඉදිරියට යහපත් ජීවිතයක් ගෙවන්න මේ මව් පිය දෙපලට දහම වැටහේවා කියා පතමි.
වැඩිහියන් අකුසල් රැස් කරගත්තා.......... අනිත්‍ය වටහා ගන්න. බුදු වදන තේරුම් ගන්න.
මාස 5 ක කිරිදරුවෙක් මැරුණට පස්සේ ජයවේවා!!!! කියන මිනිස්සු ඉන්න රටක් මේක.
ලංකාවේ බහුතරය පහළ බුද්ධි මට්ටමක් සහිත ජනතාවක් බවට මීට දින කිහිපයකට පෙර කොළඹ විශ්ව විදයාලයේ ආචාර්ය වරියක් ජාතියන්තර වර්ථාවක් ඇසුරෙන් කල ප්‍රකාශය මට මේ අවස්ථාවේ සිහිපත් උනා. ඇත්තටම අපේ රටේ මේ තරම් පහත් දීන මනුෂ්‍ය ස්වභාවයක් පෙන්නුම් කරන්නේ මේ හේතුව නිසාම විය යුතුයී.අපේ බහුතරයක් ඉන්නේ ගෝත්රිත අවදිය තුලයි. ප්‍රශ්න විසදිමට බාහු බලය යෙදවිම එකම විසදුම ලෙස දකින අනිකාගේ අදහස් වලට හා සිතුම් පැතුම්වලට ගරු නොකරන පුද පූජා පවත්වමින් හා නොයකුත් ආගමික හා විඥාණ වාදී ක්‍රියාකාරකම් වල යෙදමින් පුද්ගල විමුක්තිය සොයමින් සමාජීය වශයෙන් පිරිහෙමින් ඇති මිනිසුන් කොටසක් වන අපිට ලෝකය තුළ පහල ස්ථානයක් හිමිවීම අරුමයක් නොවේ.
බොහොම කණගාටුයි. දරුවන් නැතිව ලක්ෂ ගණන් දොස්තරවරුන්ට පුදන, දෙවියන්ට භාර වෙන්න සැතපුම් ගණන් නිතර යනෙන, ඥාති සොයුරියක් මේ පුවත දැකලා හිසේ අත ගසා ගත්තා. ඇය කිව්වේ එකම දෙයයි. මෙහෙම ජීවිතය ගැන වගකීමක් නැති මිනිස්සුන්ටද දරුවන් ලැබෙන්නේ?
මෙවැනි අපරාධවලට දැන්වත් මරණ දඬුවම පනවන්න. ගරු ජනාදිපතිතුමනි, දැන්වත් ක්‍රියාත්මකවන්න. එය බෞද්ධයින්ට හානියක් නොවෙයි. එදා රජ දවස ගැන හිතන්න එදා බෞද්ධයින් හිටයේ නැද්ද?
අපේ මිනිස්සු හරිම අවේග ශීලි, වලි දාගන්න තමා දක්ෂයි..................හරිම දුකයි .
වසර ලක්ෂයකට පමණ පෙර පොලු මුගුරු රැගෙන දඩයමේ ගිය මානවයා තවමත් පොලු මුගුරු ඉවත් කර නැත.