සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
ගුවන් තොටුපළවල ජනතාවට හිංසාකාරී අන්දමින් හැසිරෙන විවිධ වංචනික කටයුතු වල යෙදෙන තැරැව්කරුවන්ට විරුද්ධව රුපියල් 25,000ක ඳඩ මුදලක් හෝ මාස 10ක සිරඬුවමකට යටත් කරන බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවැසීය.
යම් අවස්ථාවක මේ දඬුවම් දෙකම එකවර ක්‍රියාත්මක කළ හැකි බවද ඇමතිවරයා කීය.මෙම දඬුවම් ක්‍රියාත්මක කිරීම සඳහා නීති ප්‍රතිපාදන ඇතුළත් සිවිල් ගුවන් සේවා (සංශෝධන) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණි.
පනත් කෙටුම්පත දෙවැනිවර කීයවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ නිමල් සිරිපාල ද සිල්වා මහතා විසිනි.
පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේද පැවසීය.
‘‘විවිධ තැරැව්කරුවන් විශාල පිරිසක් ගුවන් මගීන්ගේ ඥාතීන් ලෙස පෙනී සිටිමින් ගුවන්තොටුපළේ විවිධ වංචනික වැඩ කටුයුතු වල නිරත වෙනවා. මොවුන් එක්තරා විදිහට ගුවන්තොටුපළ අක්‍රමණය කරපු සංවිධානාත්මක කණ්ඩායමක් . මොවුගේ හැසිරීම ගුවන්තොටුපළේ පරිපාලනයට බාධාවක්.සමහර තැරැව්කරුවන් ගුවන්තොටුපළේ විවිධ අපරාධ පවා කරලා තිබුණා.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්
මාත් ගුවන්තොටුපලට යනවා අවුරුද්දකට හය හත් පාරක් පවුලේ කට්ටිය රට යන එන කොට. දැන් නම් බයේ බැහැ බැරිවෙලාවත් පොලිස් නිලධාරියෙක් අල්ලගත්තොත් රුපියල් 25000/- දීලා හිරෙත් ඉන්න වෙනවා.
තැරව්කාරයන්ට උපරිම දඩුවම් කරන්න. නමුත් දුප්පත් කුලී වැඩක් කර ජීවත් වන අයට සහනයක් ලබා දෙන්න
ඉතාමත්ම හොද තීරණයක්. මෙම තීරණය එලෙසම, නිසිලෙස ක්‍රියාත්මකවේ යයි අපගේ විස්වාසය වන අතර මෙම තීරණ තීන්දු ගැනීමට තිබුනේ මිට දශක කීපයට පෙර බව සදහන් කිරීමට කැමැත්තෙමු. කෙසේ වෙතත් පසුව හෝ එම තීරණ ගැනීම පිලිබදව අප අදාළ ආයතනවලට නැවතවරක් ස්තුති වන්ත වන්නෙමු.
අනේ ඔව් පුදුම වදයක් අපි විදින්නේ කිසි තේරුමක් නෑ පිටවෙන දොරටුවේ සෙනග පිරිලා ඔහේ ඉන්නවා. අපිට එලියට යන්නත් ඉඩක් නැ. ඒ මදිවට ගුවන්තොටුපොළේ වැඩ කරන අයත් ඉන්නවා. නිල ඇඳුම ඇදුම පිටින්ම. අනික ඒ කොරිඩෝව පුදුම කලුවරයක් විදුලි ආලෝකයක් නැ විදුලි බුබුළු නැ කට්ට කළුවරයි
එතකොට ගුවන්තොටුපළේ අල්ලස් ගන්න නිලධාරීන්
එතකොට රටින් එන බෑග් කපලා බඩු හොරකම් කරන අයට දෙන දඬුවම මොකක්ද? මේක කරන අය අල්ලගන්නත් ලේසියි. සමහර රටවල ගුවන් හමුදාවේ අය සහය කරගන්නවා මේ ක්‍රියාවලියට...
ගුවන් තොටුපළේ ආගමන විගමන කවුන්ටරෙන් ඇතුළට යනකම්ම එළියේ වැසිකිළියක් නැත. එළියේ පාරෙන් එහා පැත්තේ ඇති වැසිකිළිවල බිම වාඩිවිය යුතුය. විදේශික සංචාරකයින්ටත් ආබාධිත සංචාරකයින්ටත් මෙම ක්‍රමය ඉතාම අපහසුය. එමනිසා කරුණාකරලා හරියාකාර වැසිකිළි ටිකක් හදන්න. සංචාරක කටයුතු දියුණු කිරීමේ පිළිවෙතට මෙම යෝජනාව ඉදිරිපත් කළ යුතුය.
ගුවන් තොටුපළවල ජනතාවට හිංසාකාරී අන්දමින් හැසිරෙන තැරැව්කරුවන් ට දඬුවම් කරනවා වගේම හොඳින් ක්‍රියාකරන සීසීටීවී පද්ධතියකුත් තිබිය යුතුයි. 2016 ජනවාරි 05 දින විදේශගතව සිට පැමිණි මගේ බෑගය ලක්ෂ 10 මුදල් සමග ගුවන්තොටුපල ඉදිරිපිටදී සොරාගනු ලැබුවා. කටුනායක පොලිසියට පැමිණිලි කළපසු සීසීටීවී දර්ශන පරීක්ෂා කලත් මාගේ බෑගය සොරාගත් ස්ථානයේ සීසීටීවී කැමරාව අක්‍රීය වී ඇති බව ගුවන් තොටුපොල ආරක්ෂක අංශය දන්වා සිටියා. මේ නිසා පොලිසියට මේ සම්බන්ධව පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙනයන්න බැරිවුණා. ගුවන්තොටුපොළ මීට වඩා ආරක්ෂාකාරී තැනක් විය යුතුයි.
කරුණාකර ගුවන් මගීන්ගේ භාණ්ඩ ගමන්මලු සොරකම් කරන උදවියත් අල්ලා ගන්න. මේවා සම්බන්ධ පැමිණිලි ගණන් ගන්නෙවත් නැහැ. විශේෂයෙන් බටහිර රටක සිට එනවා නම් ගමන් මල්ල කපා භාණ්ඩසොරකම් කරන එක සුලභයි. පැමිණිලි විභාග කරන්න ඉහල උසාවියේ නඩුවක් දාන එක ලෙසයි. ගුවන් තොටුපළෙන් ඈනුම් යවමින් පැමිණිල්ල බලනකොට හොරා මල්ලේ තිබුන චීස් චොක්ලට් කාලා අවුරුද්දක් ගත වෙලා. උපන්ගෙයි සිට අනුන්ගේ දාඩිය මහන්සියෙන් බඩ වඩා ගන්න පුරුද්ද ලංකාවෙන් නැති වුන දාට රට දියුණු වේවි. ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි මගේ මිතුරෙකුගේ ගමන් මල්ල නැති වී අන්තිමේ වෙනත් කෙනෙක් දැන හඳුනන ලොක්කෙකු මැදිහත් වන තෙක් පැමිණිල්ල පුස් කෑවා.
කියන තරමට හරියට වෙනවා නම් අප සැමට හොඳයි, මුලදී වෙයි, නමුත් ටික කලක් ගියාම පරණ තත්වයම හැදෙනවා. මේ ලංකාවේ හැටි....
ඔය කියන තැරැව්කරුවන් ගොඩක් දේශපාලකයින්ගේ ගෝලයෝ. පළාත්සභා, ප්‍රාදේශිය සභා පරිලිමේන්තු ඡන්දෙ කාලෙට පාප්ප ගාන, පොස්ටර් අලවන අය තමයි. මේ අය එලවන්න බැහැ.
නීති හැදුවට කාටවත් වැඩ වරදින්නේ නැහැ. ගුවන් තොටුපොළේ නීති ක්‍රියාත්මක කරන කොන්ද පණ නැති අයට තදින් හිටියොත් නම් යම් තරමක ප්‍රගතියක් දකින්න හැකිවේවි !!!
මෙය ඉතාම හොඳ තීරණයක්. මම 1996 සිට ගුවන් තොටුපොළ හරහා අවුරුද්දට කීප සැරයක් රැකිියාව සඳහා ගමන් කරනවා. ලෝකයේ ඇති අනිත් ගුවන්තොටුපොළවල් සමග සංසන්දනය කරන විට ශ්‍රී ලංකා ගුවන් තොටුපල ඉතාමත් අශෝභන ඉතාමත් පහත් ගණයේ ගුවන්තොටුපලක්. තීරුබදු සංකීර්ණයේ ඉන්නා වෙළෙන්දන්ගෙන් ඇතිවන්නේ හරිම අපහසු තාවයක්. හරිම නින්දිත විදියට ඔවුන්ගේ බඩු විකුණ ගන්න තැත් කරන්නේ.රටවලින් එන සංචාරකයන්ට කතා කරන හැටි සහ ංචාරකයන් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන කියවන දේවල් අපට අනන්තවත් ඇසී තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ ගැන හරිම අප්‍රසාදයෙන් කතා කරන්නේ. රැකියාව සදහා ගිහින් පැමිණෙන ගෘහ සේවිකාවන්ගෙන් අනිසි ලෙස මුදල් ගැනීමට තැත්කරන ගුවන් තොටුපොළේ සේවය කරන සේවකයන් මා අනන්තවත් දැක තිබෙනවා. මේ සම්බන්ධව ඉතාම තදින් නීතිය ක්‍රියාත්මක කරන්නැයි මා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා සේ නීතිය තදින් ක්‍රියාත්මක කළොත් ගුවන් තොටුපොළ හරහා ගමන් කරන ජනතාවට පමණක් නොවේ, ශ්‍රී ලංකාවේ කීර්ති නාමයටත් හොඳ වේ යැයි මා සිතනවා. අදට මේ ඇති.
මමනම් කියන්නේ උගත්, ලස්සන, විනීතව මගීන්ට කතාකරන පිරිසක් පත්කරන එක තමයි හොඳ. ඉන්නෙම මීගමු පැත්තේ කට්ටිය තමයි.
ගුවන්තොටුපලේ කවුන්ටර් දිහා බැලුවාම වැඩිපුර හිස් ඒවා තිබෙන්නේ... ඒවගේ වැඩකරන නිලධාරීන් සහ සේවකයින් කරන්නේ බොහෝවිට නිල ඇඳුම් ඇඳගෙන, තමන්ට අදාල නැති වෙනත් අංශවලට ගොස් රස්තියාදු ගහන එකයි. බොහෝවිට ආගමන, විගමන කවුන්ටර් වල දිගු පෝලිම් දැකිය හැකිය. පෝලිමේ 150ක් විතර ඉන්නවා. දැක්ක ගමන් එකවර කොහේ හෝ සිට නිලධාරියෝ පැමිණ තම අාසනවල අසුන් ගනු ලැබේ. කරුණාකර මේ නිලධාරීන්ට ලෝකයේ අනිත් රටවල ගුවන් තොටුපළවල ක්‍රියාත්මක වන විදිහට සේවයට වාර්තාකර වෙලාවේ සිට තම විවේක කාලය හැර, තම අසුනේ සිටින ලෙසට නියම කරන්න. එතකොට මගීන්ට සිදුවන අනවශ්‍ය රස්තියාදුව වළක්වා ගන්න පුළුවන්...
මුස්ලිම් ලොක්කෝ ටිකක් ඉන්නවා කස්ටම් එකත් එක්ක. අපි ගෙනෙන මුදල් ලියාපදිංචි කරන්න උදව් කරන්න. ඇමතිතුමෝ හෙව්වොත් හරි.
ඉස්සෙල්ලම උගනන්න ඕනි, ඔය ආගමන නිලධාරීන්ට මිනිස්සුන්ට ඔරවල බලන්නේ නැතිව හිනාවෙන විදිය... ඩියුටි ෆ්‍රී එක සති පොළක් වගේ. ලංකාවේ මිනිස්සුන්ට ප්‍රයෝජන දේවල් තියෙන්නේ හරිම අඩුවෙන්...
ගුවන් තොටුපල ඇතුලේ තියෙන කුලී රථ සේවාව ගැන මම කියන්න හදන්නේ. මාස දෙකකට කලින් මම, බිරිඳ සහ මගේ අවුරුදු තුනේ දුව එක්ක ඉන්දියාවට ගිහින් එන අතරේ පිටවීමේ දොරටුව ලඟ තියෙන මේ කුලී රථ සේවාවෙන් වහනයක් ගත්තා. එතන හිටපු සේවිකාවට කිව්වා මට යන්න ඕන තැන. නමුත් ඇය නියමිත ගමනාන්තය සඳහන් නොකර ප්‍රධාන නගරය තමා සඳහන් කළේ. විමසුවාම ඇය කිව්වා රියදුරුට කියන්න යන තැන එයාට යම් මුදලක් දෙන්න කියලා. ප්‍රධාන නගරෙට එන්න කලින් රියදුරුට කිව්වා යන තැන.. එතකොට අමතර කි.මී. එකකට රුපියල 80ක් ගන්නවා කිව්වා. පස්සේ ප්‍රධාන නගරේදී එයට මම කිව්වා දැන් මීටරේ සඳහන් කරගන්න. ඒ ටිකට මම ගෙවනවා කියලා. ඇත්තටම ප්‍රධාන නගරේ ඉඳන් ගෙදරට තියෙන්නේ කි.මී. 2.5ක දුරක් මොහු ගෙදරට ආවම කිව්වා කි.මී. 5ක දුර ආව ඒ නිසා ඒ මුදල ගෙවන්න කියලා. ඔන්න ඔය වගේ මහ එපා කරපු මිනිස්සු තමා ඔතන කුලී රිය සේවයේ ඉන්නේ. එක එක දේශපාලකයන්ගේ හයිය මේ මිනිස්සුන්ට තියෙනවා කියලා මම අහල තියෙනවා. ඒ නිසා බොහොම කල්පනාවෙන් තමා ඔතැනින් වාහනයක් ගන්න ඕනේ.
කරුණාකර ඔය ගුවන් තොටුපල නවීකරණය කරන කොට අඩුම තරමේ පැය භාගෙන් භාගයටවත් කොළඹ කොටුව හා සම්බන්ධ කරලා ධාවනය වන සැහැල්ලු දුම්රියක් හෝ රේල් බස් ධාවන සැලැස්මක් හදන්න. ගුවන් මගීන්ට රේගු පරීක්ෂාවෙන් පසු කාගෙවත් උපකාරයක් නැතුව තැරැවුකරුවන්ට මැදිහත්වීමට ඉඩ නොදී තම භාණ්ඩ ට්‍රොලිය තල්ලු කරගෙන ගිහින් එම සේවා පහසුවෙන් ලබාගන්න පුළුවන් විධියට ගුවන් තොටුපලේ යටිතල පහසුකම් දියුණු කරන්න. එතකොට මගින් ඒවා පාවිච්චි කරාවි.. මගීන්, පොදු ප්‍රවහන සේවා පාවිච්චි කරනකොට ගුවන් තොටුපලේ සහ එ් අවට මාර්ග තදබදයත් අඩුවේවි.. මෙගා පොලිස් කියමින් විශාල වියාපෘති ගැන කටින් බතල කොළ හිටෙව්වට හරියන්නේ නැහැ. ලොකු දියුණුවක් ලබන්න ඕනේ නම් මෙවැනි පොඩි පියවර ගැන මුලින්ම හිතන්න ඕනේ. ඇමතිවරු පිටරට සංචාර ගියහම එම රටවල මේවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා ටිකක් ඇහැරලා බලන්න ඕනේ...
අනේ පුළුවන් නම් විදේශ වල ඉඳන් එන මගීන්ට තමන්ගේ බෑග් ටික තමන් යන වාහනයට පටවා ගන්න ඉඩ දෙන්න. මොකෝ ඒවා ඒ රථවලදීත් එයාලම තමා පටවාගෙන එන්නේ. කටුනායකදී බලෙන් වගේ ඒ බඩු වාහනයට දාන්න උදව් වෙනවා. එපා කියන්න කියන්න ඒ දේම කරනවා. බලහත්කාරයෙන්ම, මේවා ගැන දැනට අවුරුදු 30ක් ඉඳන්ම කියනවා වැඩක් නැහැ වගේ...
2017 වසරේ අපි ලංකාවට අවා. ලංකාවේ ආගමන විගමන නිලධාරීන් සහ යූ.කේ. වල නිලධාරීන් අතර විශාල වෙනසක් අපි දැක්කා. අපේ නිලධාරීන් කස්ටර්මර්ස්ලාව දකින්නේ හරියට වැඩකාරයෝ එනවා වගේ. මුහුණේ හිනාවක් හෝ ප්‍රසන්න බවක් නැහැ. රටකට ඇතුළු වෙනතැන මේ වගේ මුස්පේන්තු මිනිස්සු නිසා නැතිවෙන්නේ රටේ කීර්තියයි. අපි පෝලිමේ ඉන්නවිට හිටපු ගමන් කවුන්ටර් එකේ හිටපු නිලධාරියා නැගිටලා යන්න ගියා කිසිවක් නොකියා. විනාඩි 10ක් විතර කවුරුවත් ආවේ නැති නිසා අපිට වෙනත් පෝලිමකට යන්න වුණා. මේ විදිහට කස්ටර්මර්ස්ලාව අමාරුවේ දමන්නේ නැතිව, සොරි, කවුන්ටර් එක ක්ලෝස් කරනවා. ඊළඟ කවුන්ටර් එකට යන්න ප්ලීස් කිව්වා නම් මිනිස්සු අතරමං වන්නේ නැහැ. එක දෙයක් කියන්නම ඕනේ. ලංකාවේ මිනිස්සු මාන්නයෙන් උද්දච්ච මෝඩ රැලක්...
ලංකාවේ විවිධ පළාත් වලින් ආපු සේවකයෝ මෙහි සේවය කරනවා. මීගමුවේ ධීවරයෝ මේ හිඟන පඩියට වැඩට එන්නේ නැත. වැරදි කරන මිනිස්සු උදා:නුවර, මාතර, යාපනේ හැමතැනම ඉන්නවා. මතකනේ සුනාමි වෙලාවේ ඇඳිරි නීතිය දාලත් දීපු සුද්දය...
ලංකාවේ ගුවන් තොටුපල වෙනරටක සිට පැමිණෙන කෙනෙකුට පළමුව රට ගැන මවන චිත්‍රය හරිම කණගාටුදායකයි. අපගේ ගමන් මලු කිහිප සැරයක් නැති වුණා. මම ලෝකයේ කොහේවත් දැකල නැති පුහු මාන්නයක් අපේ මිනිස්සුන්ගේ තියනවා. ඊට අමතරව ගුවන් තොටුපලේ දොරෙන් එළියට අාපුවහම පොලිසියේ රාළහාමිලා තොර තෝංචියක් නැතිව වාහන වලට නලාව පිඹිනවා. වාහන එහෙන් මෙහෙන් දානවා. මට එළියට අාපුවහම පිස්සුවගේ. වෙනරටවල් වල තිබෙන සංවිධානාත්මක ක්‍රම පිළිබඳ අත්දැකීමක් ඇති නව අධ්‍යක්ෂක මණ්ඩලයට ලංකාවේ ගුවන් තොටුපල සංවිධානය කීරීමට හැකිවේවි !!!
ගුවන් මගීන්ගේ ගමන් මලු භාණ්ඩ , නැති වීම ගැන කටයුතු කිරීම දන්නෙම නැති නිලධාරි කොට්ටාශයක්. පැමිණිලි ගැන ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. ක්‍රියාත්මක වෙනකොට හොරා ගමන් මල්ලේ තිබුණ බඩු වලට වග කියලා. මිනිස්සු පිටරට දුක් විඳලා යමක් හම්බ කරන් නිවාඩුවකට ඥාති හිත මිතුරන් බලන්න එන්නේ ගමන් මලු නැති කරගන්න නෙවෙයි. කරුණාකර ගුවන් තොටුපලේ හොරු අල්ලන්න කටයුතුකරන්න. ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි මිතුරෙකුගේ ගමන්මල්ල ගුවන් තොටුපලේදී නැති වෙලා. මේවා සංවිධානාත්මක වැඩ. ඒ ගමන් මල්ලේ මහලු දෙමව්පියන්ට ගෙනාපු බෙහෙත් පවා තිබිලා. හරිම ලැජ්ජයි මේ රටේ ප්‍රධාන ගුවන් තොටුපලේ වෙනදේවල් .
මමත් නිතර යන එන මගියෙක් මේ ගුවන්තොටුපොළ හරහා.කියන්න වචන නැහැ. කෙටියෙන් කිව්වොත් හරිම අසෝබනයි සියලුම අංශයන්හි සේවාවන්. රට යන විදිහටද කොහෙද මේවත් සිදුවෙන්නේ.
සනත් ඔබ හරි. මේ නිලධාරීන්ට පුදුම අසහනයක් තිබෙනවා පිටරට පාස්පෝට් හෝ ද්විත්ව පුරවැසිභාවය සහිත ලාංකික මගින් දැක්කාම. කරුණාකර ගුවන් තොටුපොල නිලධාරීන්ට මොන්ටිසෝරි යවලා හරි ආචාර සමාචාර කරන විදිය සහ පාරිභෝගික සේවා ආචාර ධර්ම කියලා දෙන්න. මේ ළඟදී පිටකොටුවේදී නාට්ටාමි මහතෙක් මට එක්ස්කියුස් මී කියා බරක් හිස මතින් දරා පාර මාරු වුණා. මේ කාර්යාල සේවාවන් කරන, අන්තර් ජාතික සම්බන්ධතා ඇති තැන හැටි!!!
දැනට සති කිහිපයකට උඩදී අාගම විගමන නිලධාරීන්ගේ කාමරයක තිබිල විස්කි බෝතල 1000 කට වැඩි ප්‍රමාණයක් අහු වුණා , එකෙන්ම පෙනෙනවා මේ ගොල්ල රාජකාරි කරන්නේ කොහොමද කියල