(විනීතා එම් ගමගේ)
ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ රුසියාවේ වලැඞ්මියර් පුටින් දක්වන නිර්භීත භාවයත් , මැලේසියාවේ මහතීර් මොහොමඞ් දක්වන කළමණාකරනයේ සුවිශේෂී හැකියාවත් , සිංගප්පුරුවේ ලී ක්වාන් යූ දැක්වු දූරදර්ශීභාවයත් යන මේ සුවිශේෂී ලක්ෂණ තුනම ඇති, ලක් ඉතිහාසයේ බිහිකළ හැකි සුවිගේෂිම ජනාධිපති අපේක්ෂකයා මීළඟ ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කරන බවට රටට පොරොන්දුවක් දෙන්නේ යැයි පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තුවේ මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය
එහෙත් ජනාධිපතිරවණයේ අපේක්ෂකයා තීරණ්ය කිරීමට ඒකාබද්ධ විපක්ෂයට කිසිදු හදිස්සියක් නැතැයි ද හෙතෙම කියා සිටියේය.
ඊළඟ ජනාධිපතිවරණයේ දී ආප්ප න්‍යාය ක්‍රියාත්මක කිරීමට තම කණ්ඩායම ද සුදානමින් සිටින බව ද මැතිවරණය ප්‍රකාශයට පත් කළ විට රටම පුදුම වෙන අපේක්ෂකයකු නම් කරන බව ද ගම්මන්පිල මහතා පැවැසීය.
උයද ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ අද (14) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ඊළඟ ජනාධිපතිවරණය 2019 ඔක්තෝබර් මාසයේ ප්‍රකාශයට පත් කළ යුතු බවත් ඡුන්ද කල් දාගැනීමේ උවමනාවෙන් සිටින්නන් 2020 ගැන කතා කරන බවත් ගම්මන්පිල මහතා කීය.
ආණ්ඩුවෙන් ඉවත් වු 16 දෙනා සමග එකතුව වැඩ කිරීමට තමන් සූදානම් බවත් තමන් සමග එකතුව වැඩ කිරීමට ඔවුන් සූදානම් බව එම කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කරන එස් බී දිසානායක මහතා කීප වරක්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල බවත් කී මන්ත්‍රීවරයා ඔවුන් සමඟ කණ්ඩායම ශක්තිමත් කරගෙන, අනාගතයේදී ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජවිපේ සහයෙන්වත් ගොඩ නගා ගත නොහැකි තත්වයකට පත් කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
ආණ්ඩුවෙන් තවත් හය දෙනෙක් වත් ගැනීමේ අරමුණ ද පවතින බව ඔහු කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨාභය මහතාටත්, මහින්ද මහතාටත් අප විරුද්ධ නැහැ. අපට පේන්න බැරි ඒ අය වටේ ඉන්න ඡන්ද පදනමක් නැති, මේ වගේ කේවට්ටයන් ටික දෙනාටයි. රජ්ජුරුවන්ගේ වඳුරා වගේ තමයි මේ ගොල්ලන්ගේ පිරිහීම ඇතිවෙන කතා නිසා ජනතාව කලකිරෙනවා. මේ බාලංශ බබාලා රූප පෙට්ටියේ හුරතල් වචන හලනකොට මේ ලෝකේ රසයක් නම් දැනෙන්නේ නැහැ. පිළිකුල් රසය තමයි ඇතිවන්නේ...
හෙට ඉර පායනවා සත්‍යනම් 2018 අප්‍රේල් 4 වැනිදා රනිල් වික්‍රමසිංහගේ අගමැති තනතුර ගලවා ඔහුව ගෙදර යැවීමත් සත්තයි ඕං ...
කාට හොඳ නායකයින්ද මේ අය?
මම හිතන්නේ නම් උගන්ඩාවේ ඉඩි අමින් වගේ කියලයි.
කාට හොඳ නායකයෙක්ද ගම්මන්පිල මහත්තයෝ? මිනී මරුවන්ට කප්පම් කාරයින්ට, පොලු කාරයන්ට, කොමිස් කාක්කන්ට රටේ දේපල හොරුන්ට හොඳ නායකයෙක් වෙන්ට ඇති මගේ හිතේ...
කොපමණ පිවිතුරු වුණත් ඔය කියන කෙනා ඉන්න පක්ෂයට මුස්ලිම් සහාය ලැබෙන්නේ නැහැ.
කොහොමත් රටම පුදුම වෙයි.
අැහෙන දේවල් ඔහේ දොඩවනවා. හැමදාම කැපී පෙනෙන්න මොනා හරි දොඩවනවා අර්ථයක් ධර්මයක් නැතුව.
එච්චර විශිෂ්ට ගති ගුණවලින් පිරුණු ජනපති අපේක්ෂකයෙක් මේ රටේ නම් නැහැ. සමහරවිට පිට රටකින් කෙනෙක් ගේනවා ඇති.
2015 දීත් අම්බරුවන් ඔය විදියට තප්පුලමින් උඩුබිරුවා නේද?
මෙයා මේ කියවන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයා ගැන කියලා හිතාගන්න පුළුවන්. නමුත් එයාටත් ඇමරිකන් පුරවැසිකම කැන්සල් කරගන්න වෙනවා.
දැනට ඉන්න හොඳම නායකයා සජිත් ප්‍රේමදාස වැරදී නැතුවා නොවේ එත් සමස්තයක් විදිහට බැලුවොත් ඔහු සැබෑම මිනිසෙක්.
මේ හැමෝම ටිකක් නොමග ගිහිල්ලා. මේ කතා කරන්නේ ඉතිහාසයේ හොදම නායකයා වෙන්න ඉන්න කෙනා. එයාව තමයි ඉදිරිපත් කරන්නේ.
අංගොඩ ඉස්පිරිතාලේ පැත්තේ ගියොත් නම්, රටටම ගැලපෙන වර්ගයේ නායකයෙක් හොයා ගන්න තිබුණා. එළියේ කෑගහන අයයි එතන ඉන්න අය අතරයි විශාල සමානකමක් තියනවා.
කොමඩි ගණයේ කතාබහ මගින් ජනතාවට පණිවුඩයක් ගෙනයාමට ඔබ දක්ෂයෙකි. තත්කාලීන සමාජය පිලිබඳ මනා අවබෝධයක් සහ ඒ වෙනුවෙන් ස්වීය විග්‍රහයක් නොමැති බහුතරයක් ශ්‍රී ලංකා ජනතාව කොමඩි කතාන්දර සමග මුසපත් වන බව ඔබ දනී. විධායක ජනාධිපතිධුරය ඉතා භයානක් පදවියකි. නුසුදුස්සකු අත පත් එම ධුරය වඳුරාට දැලි පිහිය හසු වුනා වැනියයි බොහෝ දේශපාලන කතිකාවත් ඇතිවිය වත්මන් ජනාධිපතිතුමා එම ධුරය අහෝසි කිරීම සඳහා පොරොන්දුවීමත් සමග හැට දෙලක්ෂයක් ජනතාව එයට අනුමැතිය දුන්හ. එපමණක් නොව පරාජිත අපේක්ෂකයා ලත් කැමැත්ත ද එයට එකතුවිය යුතුය. නිතිවෙධියෙක් වුවද ඔබ දේශපාලනය ගැන උනන්දු වුවෙකි. එහෙත් ඉහත සටහන් මහා ජනමතය ගැන කිසිඳු තැකීමක් නැතිව 2020 සඳහා හොඳම නායකයෙක් යෝජනා කරමින් සත්‍යයෙන් බොහෝ දුරස් දෙයක් , සත්‍යයේ පිටපතක පිටපතක් ලෙස යෝජනා කරයි. ජනතාව දැනුමින් සන්නද්ධවීම පාලකයා නුරුස්සයි. ප්ලේටෝ දැක්වූ අදහස අදටත් සත්‍යයක් වීම ඔබ නුරුස්සයි. සියලුම ජනාධිපතිවරු වේදිකාවට නැංගේ විශිෂ්ටතම චරිත ඇත්තවුන් ලෙසය. නමුත් බැස ගියේ රට මහා ණය කන්දක හිරකර තබාය. ලෝකයේ දුෂිතම රටවල් හතරට ඇතුලත් කරමිනි.
කොමඩි ගණයේ කතාබහ මගින් ජනතාවට පණිවුඩයක් ගෙනයාමට ඔබ දක්ෂයෙකි. තත්කාලීන සමාජය පිළිබඳ මනා අවබෝධයක් සහ ඒ වෙනුවෙන් ස්වීය විග්‍රහයක් නොමැති බහුතරයක් ශ්‍රී ලංකා ජනතාව කොමඩි කතාන්දර සමඟ මුසපත් වන බව ඔබ දනී. විධායක ජනාධිපතිධුරය ඉතා භයානක් පදවියකි. නුසුදුස්සකු අත පත් එම ධුරය වඳුරාට දැලි පිහිය හසු වුනා වැනියයි බොහෝ දේශපාලන කතිකාවත් ඇතිවිය වත්මන් ජනාධිපතිතුමා එම ධුරය අහෝසි කිරීම සඳහා පොරොන්දුවීමත් සමග හැට දෙලක්ෂයක් ජනතාව එයට අනුමැතිය දුන්හ.එපමණක් නොව පරාජිත අපේක්ෂකයා ලත් කැමැත්ත ද එයට එකතුවිය යුතුය.නිතිවෙදියෙක් වුවද ඔබ දේශපාලනය ගැන උනන්දුවුවෙකි. එහෙත් ඉහත සටහන් මහා ජනමතය ගැන කිසිඳු තැකීමක් නැතිව 2020 සඳහා හොඳම නායකයෙක් යෝජනා කරමින් සත්‍යයෙන් බොහෝ දුරස් දෙයක් , සත්‍යයේ පිටපතක පිටපතක් ලෙස යෝජනා කරයි.ජනතාව දැනුමින් සන්නද්ධවීම පාලකයා නුරුස්සයි. ප්ලේටෝ දැක්වූ අදහස අදටත් සත්‍යයක් වීම ඔබ නුරුස්සයි.සියලුම ජනාධිපතිවරු වේදිකාවට නැංගේ විශිෂ්ටතම චරිත ඇත්තවුන් ලෙසය. නමුත් බැස ගියේ රට මහා ණය කන්දක හිරකර තබාය. ලෝකයේ දුෂිතම රටවල් හතරට ඇතුලත් කරමිනි.
ලංකාවට අනිවාර්යයෙන්ම පුටින් වගේ කෙනෙක් ඕනේ. මේ යන විදියට.
පුටින්ලා ඡන්දය දිනන්න, රටේ මුදල් සහ දේපල ගසා ගසා කෑවේ නැහැ . හොරා ගත් දේපල වලින් ,කොටසක් බෙදා, චන්දය ලබා ලබා ගත්තේ නැහැ . රටේ ජනයාත් මුදලට කෑදර වුනේ නැහැ . මේ රටේ මහජනතාවට දුන් පණිවිඩයත්, කොහොම හරි ගසා කාල ජීවත් වෙන්න . දැන් රට ඉවරයි......
පිලිපින් ජනාධ්පති නම් සුපිරි . ඒ වගේ කෙනෙක්නම් නියමයි .නීතිය හැමට සමාන වුනොත් ඒකවත් සැනසීමක් .අර ස්ත්‍රී දුෂක නඩු කාරයට එදිනම ඇප. අනිත් දුෂකයෝ අවරුදු ගණන් රිමාන්ඩ් ඉදල ඉහළ උසාවියෙන් ඇප ගන්නේ .රන්ජන් ඔබතුමා හරි