(විනීතා එම් ගමගේ)
‘බදු ගහන්නේ නැත්නම් පෙට්‍රල් ලීටරය රුපියල් 90 කට දෙන්න පුළුවන් බව ඉතාම වගකීමෙන් ජනතාවට කියන්න කැමතියි‘ යැයි පිවිතුරු හෙළ උරුමය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උයද ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
තවමත් තීරු බදු, දේශීය භාණ්ඩ බදු, වරාය සහ ගුවන් සේවා බදු සහ ජාතිය ගොඩ නැගීමේ බදු වශයෙන් කෝටි 8,000 ක් පමණ ආණ්ඩුව උපයා ගන්නා බව ද ගම්මන්පිල මහතා හෙළි කළේය.
තෙල් මිළ ඉහළ දැම්මේ තෙල් මත අධික බදු බරක් පටවලා තිබෙන නිසා මිස මිළ වැඩි වීමේ ප්‍රශ්නයක් නිසා නොවන බව රවි කරුණානායක මන්ත්‍රි තුමා ඉතාම නිවැරදිව සඳහන් කළේ යැයි ද හෙතෙම කීවේය.
මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තවදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා මෙසේ ද කීය.
‘‘මේ දවස් වල ආණ්ඩුවේ මැති ඇමතිවරු ගිරව් වගේ කියන කතාවක් තිබෙනවා. අපි තෙල් මිළ වැඩි කළත් තවමත් මහින්ද යුගයට වඩා ලාභයිනෙ. ඒ නිසා පොහොට්ටුවේ අයට අයිතියක් නෑ තෙල් මිළ විවේචනය කරන්න කියා ඔවුන් කියනවා. මේක පදනම් විරහිත කතාවක්.
මේ ආණ්ඩුව මැයි 11 දින පෙට්‍රල් ලීටරයක මිළ රු 137ක් කළා. ඊට කලින් මාසයේ ඒ කියන්නේ අපේ‍්‍රල් මාසයේ ලෝක වෙළඳ පොලේ තෙල් බැරලයක මිළ ඩොලර් 67යි. මීට පෙර රු 137 දක්වා පෙට්‍රල් ලීටරයක මිළ වැඩි කලේ 2011 සැප්තැම්බර් 30 දා. ඊට පෙර මාසයේ ලෝක වෙළඳපොලේ තෙල් බැරලයක මිළ ඩොලර් 100යි.
අපි 137 දක්වා වැඩි කරන්නේ ලෝක වෙළඳපොලේ ඩොලර් 100 ට තෙල් බැරලය විකුණන විට. මේ ආණ්ඩුව ඩොලර් 67 වුණාම රු 137ක් කළා. මහින්ද යුගයේ රු 150ට පෙට්‍රල් දුන් බව ඇත්තයි. එදා තෙල් බැරලයක මිළ තිබුණේ ඩොලර් 100ත් 110ත් අතර. මහින්ද යුගයේ දී වගේ ලෝක වෙළඳපොලේ තෙල් මිළ ඉහළ ගියා නම් මේ ආණ්ඩුව අද වන විට පෙට්‍රල් ලීටරයක මිළ රු 200ක් කරලා. ඒනිසා හරියට ඉතිහාසය දන්නෙත් නැතුව ගණන් හදන්න දන්නෙත් නැතුව කට මැත දොඩවන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ තමුන්නාන්සේලා නැත්නම් පෙට්‍රල් ලීටරය තවත් අඩුවට දෙන්න පුළුවන්...
ගන්න පඩියට රටට වැඩක් කරන්නකෝ... ගිරවා වගේ කියවන්නේ නැතුව. මෙයාට හැමදේටම කතා කරන්න ඕනේ..
එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රුපියල් 100ක් දෙන්න නියම කරපු කාලේ මේ මහත්තයා කොහෙද හිටියේ? ඒ වගේම රුපියල් 155ට ලීටරේ විකුණන කොට මහත්තයාගේ කට වැහිලා තිබුනේ මොකද?
ඒක තමයි. එහෙම වුණාට මොකද දන්නේ නෑ.. මහින්ද රාජපක්ෂ පාලන කාලේ පෙට්‍රල් රු-165 ට විකිණුවේ... ඒ කාලේ ඉතින් ඒවා නෙවේනේ ප්‍රශ්න... එ්කනේ කතා කලේ නැත්තේ...
මේවා ඇයි ඔබගේ ලොක්කට පාලනය කරන්න බැරිවුණේ? ලොක්කා වගේ මෙයත් උදයට එකයි, සවසට එකයි කතාකරන්න පුරුදුවෙලා.
ඔයාලගේ අප්පච්චිත් දුන්නේ එහෙමද?
අනේ ... ඔබට ඕක කියන්න බැරි වුනානේ මහින්දගේ කාලේ අධිකරණයෙන් මිල අඩු කරන්න කියලත් මහරජාණන් මිල අඩු නොකළ වෙලාවේ... අනික බදු අඩු කලාම කොහොමද ඔබලාගේ 225දෙනාට සලකන්නේ?
නිකම් මෙතන කෙබර කියන්න එපා මහත්තයෝ... අපිට අතීතය හොඳට මතකයි. කවුරු පාලනය කළත් ඔච්චර තමයි. රජයක් බදු නොගහ රටක් කළමනාකරණය කරන්නේ ඔවුන්ගේ අම්ම අප්පාගේ බූදලයෙන්ද? නිකම් බයිලා නොගහා ඉන්න.
විශ්වාස භංගයෙන් පස්සේ ඔන්න ආයෙත් කල එලි බැහැලා. ඉතින් දැන් මේ රට රවටන්න බොරු අපබ්‍රංශ සුරංගනා කතා කියන්නේ. ඒ කාලයේ 90 ට දෙන්න තිබුණානේ.... අනේ පව්. මෙයා කියන සුරංගනා කතා ගැන අප හොඳට දන්නවා. විශ්වාසය දිනලා රනිල්ව ගෙදර යවන එක ඉර හඳ වගේ විශ්වාසයි කිව්වනේ. ඉර හඳට මොකද වුණේ දන්නේ නැහැනේ... තෙල් මිල වැඩි වුනාට අපිත් විරුද්ධයි. ඒත් රට රවටා කරන මේ බොරු අපබ්‍රංස කතා තමයි ඉවසන්න බැරි. ඒ දවස්වල රවී කරුණානායක කිව්ව කෙනාට අද මන්ත්‍රීතුමා වෙලා... අනේද කියන්නේ?
2014 දෙසැම්බර් මාසේ කොහෙද තෙල් බැරල් එක ඩොලර් 100 වුනේ, ගල් පැලෙන බොරුනේ කියන්නේ. 2014 දෙසැම්බර් මාසේ තෙල් බැරල් එක තිබුනේ ඩොලර් 60 කට අඩුවෙන්, මම ගුගල් එකෙන් චෙක් කරගත්තා , ඕනෑම කෙනෙකුට ගුගල් හරහා බලාගන්න පුළුවන් ,
මෙයා කියන විදියට දුන්නොත් රජයට කොහින්ද අාදායම්...?
මෙතුමාගේ විහිළු කතා ඇහුවාම මට ෆ්‍රෙඩී සිල්වා මහත්තයා මතක් වෙනවා අප්පා. එදා ශ්‍රේෂ්ඨාධිකරණය රූපියල් සීයට පෙට්‍රල් ලීටරය දෙන්න මිල නියම කෙරේ. ආණ්ඩුවට බදුත් ගෙවලා සංස්ථාවට ලාභයක් තියලා හෙජින් ගණුදෙනුව අහෝසි කරලා ඒ නිසා රටට අහිමි රුපියල් කෝටි දහස් ගණනක් රටට ඉතිරි කරලත් බව ගම්මන්පිල මහත්තයා නොදන්නවට ලංකාවේ මිනිස්සු බහුතරයක් දන්නවා. ඒ තීන්දුවට පයින් ගහලා ගම්මන්පිල මහත්තයලාගේ අප්පොච්චි රුපියල් 158 පෙට්‍රල් ලීටරය වික්කේ රටට රුපියල් කෝටි ගණනක් අහිමි කල බව ගම්මන්පිල මහත්තයා නොදන්නේ සමහරවිට ඒ දවස්වල ඕස්ට්‍රේලියාවේ සුද්දගේ ඇටොර්නි බලපත්‍රය බලබල හිටිය නිසා වෙන්න ඇති...
මහත්තයෝ අන්තර්ජාලය තුලින් මෙම පත්තරය කියවන්නේ 2015 ට පස්සේ ඉපදිච්ච අය නොවේ
මෙයා හිතන් ඉන්නේ මේ රටේ ඉන්නේ මෝඩයෝ කියලා
මම මොකුත් කියන්නෑ කියන්න දේකුත් නෑ උඩ කට්ටිය හොඳට කියලා.
මෙයාගේ තර්කයට අනුව රෝහල්, පාසල්, විශ්ව විද්‍යාල සියල්ල වසා දැමු විටද, කිසිම බද්දක් නොගෙවා ඔහේ ජීවත් වෙන්ට පුළුවන්!
ලීටරේ රුපියල් 155ට තිබුණු කාලේ ඒ මිලේ අන්තර්ගතය හොයාලා අපිට කියන්න පුළුවන්ද? පෙට්‍රල් මිලට බදු අන්තර්ගතවෙලා තිබුණේම නැද්ද ඔහේලාගේ කාලේ? අනේ මෙහෙමත් විහිළු කතා. දැන් අපිට ඒවාට හිනා යන්නේ නැති තරම්...
ඔයා අපෙන් ඉල්ලපු රුපියල් 100 බදු කොච්චර තිබුණාද?
අර අග විනිසුරු රුපියල් 100ට පැට්රල් දෙන්න කියලා තීන්දුව දුන්නු වෙලාවේ එ්ක ඔහෙලා ක්‍රියාත්මක කළාද කියාල හිටියා නම්?
මෙච්චරම ශ්‍රී ලාංකිකයන් හෑල්ලු කරන බොරුකාරයෙක් මිහිපිට ඉපදිලා නැහැ මන් හිතන්නේ . දුශිතයි. බයානකයි .
මම මොකුත්ම කියන්නේ නෑ මේ ප්‍රතිචාර දිහා බලපුවහම තේරෙනවා මෙතුමා මොනතරම් ජනප්‍රිය විහිලු කාරයෙක්ද කියල.
මෙයාව අපේ අය ලබන පාර ගෙදර අරින්න ඕන..............මී හරක් බඳින කණුවක් මේක
ඔයා කට ඇරියොත් කියන්නේ බොරු.
එහෙනම් කලින් ආණ්ඩුවට රුපියල් හැටට දෙන්න තිබුනනේ. ඒ කාලේ තමුන් කොහෙද හිටියේ?