( සුජිත්හේවා ජුලිගේ )
පිට කිරීමට සුදානම් කොළඹ වරායේ ගොඩ ගසා ඇති මෙට්රික් ටොන් 30,000 ක් ග්ලයිෆොසෙට් තොගයේ අඩංගු සංඝටක හා ප්රමිතිය වහා රටට හෙළි කරන්නැයි දැනුම් දෙමින් කොළඹ වරාය අධිකාරියේ හා පලිබෝධනාශක රෙජිස්ට්රාර් කාර්යාලයේ නිලධාරීන්ට අද (14) ලිපියක් යොමු කළ බව පාර්ලිමේන්තු මන්ත්රී රතුරලියේ රතන හිමියෝ පැවසුහ.
මෙම ග්ලයිෆොසෙට් තොගයේ ඇති විස රසායන සංඝටක මොනවාදැයි මෙතෙක් කිසිදු වාර්තාවක් ඉදිරිපත් වී නැතියිද උන්වහන්සේ කීහ.
මෙම ග්ලයිෆෝසෙට් තොගය වරායට පැමිණි පසු රජය තේ, රබර් සඳහා ග්ලයිෆොසෙට් තහනම ඉවත් කළ බවක් කී රතන හිමියෝ කැකිරාවේ පුද්ගලයකු හා තවත් පුද්ගලයින් කිහිප දෙනකු මෙම ග්ලයිෆොසෙට් ගෙන්වීමට සම්බන්ධ වී සිටින බවද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ග්ලයිෆොසෙට් තහනම් කිරිමට පෙර ලංකාවේ ආර්ථික වගාවන්හී වල් මර්ධනයට සාර්ථක ක්රමයක් හදුන්වා දියයුතු වෙනවා. විකල්පයක් නැතිව තහනම් කිරිම අන්තනෝමතික හා ඒක පාර්ශවික තීන්දුවකි.
ග්ලයිෆොසෙට් තහනම් කිරීමට පෙර ලංකාවේ ආර්ථික වගාවන්හී වල් මර්ධනයට සාර්ථක ක්රමයක් හඳුන්වා දියයුතු වෙනවා. විකල්පයක් නැතිව තහනම් කිරීම අන්තනෝමතික හා ඒකපාර්ශවික තීන්දුවකි.
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ නගර සභාවත් ග්ලයිෆොසෙට් වල නාශකයක් ලෙස භාවිතා කිරීම තහනම් කර ඇත. රජයේ මෙම තීරණය පැහැදිලිවම හිතවතකුගේ ග්ලයිෆොසෙට් තොගයක් වරායෙන් මුදා ගැනීමට ගත් තීරණයක්.
ටොන් 30000ක් නේද? දැන් හිතා ගන්න පුලුවන් තහනම ඉවත් කිරීමට හේතුව. මෙතන වටිනාකම කෝටි කීයක්ද? නේද. තහනම ඉවත් කරන්න එතනින් සුලු ගානයි යන්න අැත්තේ. අනික අය මේ රටේ දැන් ඉන්න මිනිස්සු මැරෙනකන් මෙයාලට අය බලයට එන්නත් බෑනේ. මේ ඉන්න අවුරුදු කීපයට හම්බ කරගන්නත් එපැයි.
අපේ පාලකයන්ට නම් කීවට වැඩක් නෑ. තේ වගා කරන අයට බැරිද දන්නෑ. එකතු වෙලා. "ග්ල්යිපොසෙට් හා අහිතකර රසායනිකයන්ගෙන් තොර" ලංකාවේ තේ යනුවෙන් ලෝකේ වෙළඳපලක් හදාගන්න. මොකද දියුණු රටවල් කැමති එහෙම දේවල් වලට. එතකොට ඔය ග්ලයිපොසෙට් භාවිතා කරන රටවල් නිතරඟයෙන් ඉවත් වෙයි. අැමතිලා කම්කරුවන් ගැන කිඹුල් කඳුලු හෙලුවට. මම දැක්කා එක ගහක් කඩා වැටිලා වත්තක ගෙවල් 08ක් පොඩි වෙලා. එ් කියන්නේ මේ මිනිස්සු ජීවත් වෙන නිවාසවල තරම මැන ගත්තහැකිනේ. අැමතිනම් කියයි එ්ක ගහේ තරම කියලා
ග්ල්ය්ෆෝසේට් වල මොන ප්රමිතියක්ද හාමුදුරුවනේ ..මේක වස... මේවා කුඹුරුවලට ගහන ගොවියෝ වකුගඩු ලෙඩෙන් මැරෙනවා.... ඒවා ගහපු කුඹුරුවල හාල් කන අපිත් මැරෙනවා.
ග්ලයිෆොසෙට් තහනම් රටවල් අතර රුසියාවත් ,බ්රසිලයාත් සුවිස් රටත් ඇතුලත්.
දැන් ග්ලයිෆොසෙට් ගැන කියවනවා. එය තහනම් කල යුතුයි තමයි. එයිට වඩා රටේ තවත් විනාශයක් වෙන බව නොපෙනේද? ඒ ගැන සොයා බලා මේ කුමන්ත්රණකාරී රුකඩ ආණ්ඩුව ඉවත් කල යුතුයි නේද?