රවී ලියනගේ , සිරංගිකා ලොකුකරවිට
තෙල් මිල වැඩි කිරීමට විරෝධය පාමින් බෝපේ පොද්දල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කළු පටි පැළඳ බයිසිකල්වල නැගී අද (15) ප්‍රාදේශීය සභාවට පැමිණියහ.
ඔවුන් ප්‍රාදේශීය සභා භූමියට ඇතුළු වෙනවාත් සමඟම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු තණකොළ සහ විරෝධතා පුවරු සමඟ ඊට විරෝධය දැක්වීමෙන් උණුසුම් තත්වයක් ඇතිවිය.
ඡායාරූප - රවී ලියනගේ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න බලන්න කොතරම් හොඳ කට්ටියක්ද කියල, පරිසර දුෂණය නැහැ, මහජන මුදල් වියදම නැහැ, මහා ජනයා ගැන සිතන මන්ත්‍රිලා ඔහොම දිගටම ගියොත් එතකොට අපි දන්නවා ඔයාලගේ සේවය අපට කියලා. නැතිනම් අපේ සේවය ඔයාලට වෙනවා. එතකොට අපි බෑ කියන දවසක් එනවා.
උන් කාල ඉතුරු වෙච්ච වෙන්න ඇති.
පෙට්ට්‍රල් ලීටරය රු: 158 ගිය කාලේ මේගොල්ලේ ගීයේ කොහොමද කියලා පොඩ්ඩක් හොයලා බැලුවා නම් හරී.
මෙයාලා බයිසිකලෙන් යන එක ලොකුවට හිතන් හිටියට වෙන රටවල පාලකයෝ පාර්ලිමේන්තුවට යන්නේත් බයිසිකලයෙන්......එහෙම තමා රටට ආදරේ කරන නායකයෝ..
මේක මෝඩයින්ගේ පාරාදීසයක්. පොසොන් එකට ඔලු බක්කෝ නටන එක මතක් උනා. හනේ ඉතින් මේවා දැකලා අපිට මාර චූන් .
පොඩි ඌරෝ සෙට් එක නියමයි.
මෙවැනි වීරයන් දකින්න පුළුවන් ලංකාවේ හැර වෙන කොහෙද?
මෙගොල්ලොන්ට පඩිය විතරක් ඇති මොකද බයිසිකලේ සභාවට එයි.
මේ අය දරුණු අමතක වීමේ ලෙඩකින් පෙළෙනවා.
මහින්දගේ කාලේ ඉන්දන රුපියල් 100.00 කට දෙන්න කියල උසාවිය තීන්දු කලත් රුපියල් 165.00 ර දුන්න එක ගැන මේ ගොල්ලන්ට කිසිම දැනුවත් කමක් නැතුව ඇති මගේ හිතේ. එහෙමද නැත්නම් කොහොමෙන් හරි ආණ්ඩුව පෙරලන එකද මේ විහිලු තහළු වැඩවල ඒකායන පරමාර්ථය?
දුප්පතාගේ වාහනෙන්ම හැමදාම පරිස්සමෙන් එන්න.
කොහොමත් එන්නේ බය්සිකලේ අවරුදු 5 පස්සේ යන්නේ බෙන්ස් එකේ.............
මෙයාලගේ ලොක්ක බලයේ ඉන්නකොට ලෝක වෙළඳ පොළ තෙල් මිල ඉතා අඩුවෙන් තිබුණේ. නමුත් හිතුවක්කාර විදියට තෙල් මිල වැඩි කළා. ඒ කාලේ මෙහෙම බයිසිකලෙන් අවොත් අදට මේගොල්ලෝ ආගියතක් නැහැ. වර්තමාන රජය තෙල් මිල වෙඩි කිරීම පිළිබඳ හරි කියල කියන්නේ. නමුත් මෙයාලාගේ ලොක්ක බලයේ ඉන්නකොට අදටත් වඩා තෙල් මිල වැඩි. මේවා ජනතාව මුලා කරන වැඩ.
හැමදාම ඔහොම ගියානම් හරිනේ
අපි දන්නවා 1996 ,97 කාලයේ රෝද දෙකෙන් ආපු ප්‍රාදේශීය සභාවල සමහරු 2000 වෙන කොට ආවේ ප්‍රාඩෝ පැජරෝවල, බාගෙට ගේ හදාගෙන හිටි අයට ගෙවල් දෙක තුන. තමන්ගේ ඉඩම් කෑල්ල වටේ කටුකම්බි වැටක් වත් නොතිබුණ අය මෙන්න තාප්ප බැඳලා ස්වයංක්‍රීය ගේට්ටු දාල. නරක නැහැ නේද?
ලෝක ප්‍රසිද්ධ බෙන්ස් , බී එම් ඩබ්ලිව් , අවුඩි, ෆොක්ස් වැගන් වැනි වාහන නිපදවන ජර්මනියේ 50% විතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිලා හොඳ කාලගුණය තිබෙන දවස්වලට පාර්ලිමේන්තු එන්නේ පාපැදියෙන් ,අනිත් දිනවල පොදු ප්‍රවාහන සේවයෙන් , ලංකාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරු පාපැදියෙන් පාර්ලිමේන්තු එන එක අරුමයක් එහෙම අවහම එක පත්තරෙත් වැටෙනවා , බලන්න අපේ දේශ පාලකයන්ගේ ආර්ථිකය කොපමණ දියුණුද කියල
ජනතාවට ඔයතරම් ආදරේනම් පාර්ලිමෙන්තු මන්ත්‍රින් හැටියට ලබනා සියලු වරප්‍රසාද ඔබලා කියන ඔය සමාජ ක්‍රමය ඇත්වන තුරු අත්හැරීමයි. වාහන තීරුබදු රහිත බලපත්‍රය, ඉන්දන දීමනා, සංග්‍රහ දීමනා,නිවාස දීමනා,පාර්ලිමෙන්තු පැමිණීමේ දීමනා,දුරකථන ඇතුලු රටේ මහජන බදු මුදල් හිමිවන සියලු දේ ඔබ කතා කරන අහිංසක ජනතාව වෙනුවෙන් එක වසරක් අත් හරින්න පුළුවන්නම් එදාට අපි සූදානම් ඔබලා සැබෑ නියෝජිත්යන් සේ දකින්න.
හැමදාම ගියොත් හොඳ කාටද? වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම ප්‍රාදේශීය දේශපාලුවන්ගේ ඉන්ධන දීමනා/ වාහන පහසුකම් ඉවත් කලයුතුවේ. වාහන.දීමනා දියයුතුවන්නේ වැඩකරන සේවකයන්ට පමණි.
අනේ හොදා පාර්ලිමේන්තු කැන්ටිමෙන් අඩුවට හොදට කාලා තර වෙලා ඉන්න ඔයාලට ටිකක් ඇඟට ව්‍යායාමයකුත් ඕනි නේ හොදා හොදා වෙන කරන්න දේකුත් නැනේ. මොකද ජනතාවගේ දුක බලන්න යන්න කියලද.?
නගරසභා මන්ත්‍රිලා වගකියන්න ඕනේ තම නගරසභා වසම තුල පමණි , එමනිසා ඔවුන්ට ඉන්ධන දීමනා දියයුතු නැත, අවශ්‍ය නම් පාපැදියක් දෙන්න.