( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අල්ලස් පනත යටතේ අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.නවාස් සහ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහත්වරුන්ට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති පැමිණිල්ල විභාගයට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු දෙනෙක් අද (14) ඉවත් වූහ.
පෙත්සම් විභාගයෙන් ඉවත් වූයේ සිසිර ද ආබෲ සහ මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනාය.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ උදය රොහාන් ද සිල්වා මහතා ඇතුළු පෙත්සමකරුවන් සිව්දෙනෙකු ගෙනු කළ පෙත්සම් අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් ,බුවනෙක අළුවිහාරේ සහ නලින් පෙරේරා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (14) කැඳවූ අතර එහිදී මෙම විනිසුරුවන් දෙපළ පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව දැනුම් දුන්හ.
ඒ අනුව කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් සලකා බැලීම ලබන ජුනි 06 වැනිදා දක්වා කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නම් ඉතින් විදේශ විනිශ්චයකාරවරු ගේන්නම වෙනවා.
නීතිඥ මාෆියාව සහ විනිසුරු මාෆියාව අතර එක ගෙයි කෑමක් පවතිනවද? අපට මේ දෙගොල්ල ගැන විශ්වාසයක් තබන්න අමාරුයි. විදේශ විනිසුරුවන් ගෙන්වමු!
ඉන්න අය ගෙදර යවන්නත් වෙනවා