අජන්ත කුමාර අගලකඩ
ධීවරයින් සඳහා භූමිතෙල් සහනය ඉන්ධන මිල ඉහළ දැමු ඉකුත් 10 වැනි දා සිටම ක්‍රියාත්මක වන පරිදි ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා අද (15) ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
බහුදින යාත්‍රා සඳහා ඩීසල් සහනයක් ලබාදිය යුතු බවට ඇමැතිවරයා කර තිබු ඉල්ලීම අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.
ඉන්ධන මිල ඉහළ දමා ඇති බැවින් ධීවර ජනතාවට ඉන්ධන සහන මිලට ලබාදිය යුතු බවට ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd