(විනීතා එම් ගමගේ)
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පරිසර ආරක්ෂණ බලපත්‍රය කල් ඉකුත් වී වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් මේ වනතුරු එය අලුත් කරගැනීමට එහි බලධාරින් කටයුතු කර නැතැයි වාර්තාවේ.
එම බලාගාරයේ පරිසර ආරක්ෂණ බලපත්‍රය වාර්ෂිකව අලුත් කළ යුතුව ඇති බවත් මේ තරම් විශාල පරිසර විනාශයක් සිදුවෙමින් පැවතියත් මේ පිළිබඳව පරිසරය භාර අමාත්‍යවරයා වන ජනාධිපතිතුමන් හෝ අනෙක් පරිසර බලධාරින් සොයා නොබැලීම කණගාටුවට කරුණක් බවත් පරිසර විද්‍යාඥ හේමන්ත විතානගේ මහතා ලංකාදීපයට පැවැසීය.
සුළඟේ පාවෙන අළු චිමිනියේ රඳවා පහළට හෙලන ඒකකය කැඩී තිබීම නිසා ඉකුත් පෙබරවාරි මාසයේ සිට බලාගාරයේ අළු ජලය සමඟ එක්කර මුහුදට දමන බවත් අනෙක් පිරිපහදු ඒකක හතරම මේ වන විට කැඩී ඇති බවත් මේ නිසා සියලු අපද්‍රව්‍ය පිරිපහදු කිරීමකින් තොරව මුහුදට හෙළන බවත් හෙළිවී ඇති බවත් විතානගේ මහතා පැවැසීය.
මේ තත්ත්වය යටතේ බලාගාරය අවට මුහුදේ වර්ග කිලෝ මීටර් සියයකට අධික වපසරියක් දැඩි පරිසර දුෂණයකට මුහුණ දී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
මුහුදු මසුන් හා කොරල්පර මේ හේතුවෙන් දැඩි විනාශකාරි අවදානමකට මුහුණ දී සිටින බවද විතානගේ මහතා හෙළි කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති විරෝධී තහනම් ලන්ච් ශීට්, බෑග් තවමත් යහතින් වෙළෙඳසල් වල තියෙද්දී ඒවා වලක්වන්න බැරි පරිසර අධිකාරිය කොහේ ඕවා ගැන හොයන්නද?
මම 2020 විශ්‍රාම යන්නේ නෑ....මට පරිසරය හදන්න ඕනා...............