නිමල කොඩිතුවක්කු
සියලුම රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රැකියා විරහිත උපාධිධාරීන් රට පුරා උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥාණානන්ද හිමියෝ ලංකාදීපයට පැවසූහ.
රැකියා විරහිත උපාධිධාරීන්ගේ ඉල්ලිම් වලට පිළිතුරු ලබා දෙනවා වෙනුවට පසුගිය (08) වැනිදා සිදුකළ ප්‍රහාරයට විරෝධය පළ කිරීම , පත්වීම් ලබාදීමේදී සිදුකරනු ලබන දේශපාලන අතපෙවීම් වහාම නවත්වන ලෙස සහ පොරොන්දු වූ පරිදි සියලුම රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීම ඇතුලු ඉල්ලිම් ඒ අතර වන බව උන්වහන්සේ සඳහන් කළහ.
ඒ අනුව අනිද්දා (16) අනුරාධපුර, මහනුවර, කුරුණෑගල, රත්නපුර, මාතර, තංගල්ල, වවුනියාව, ත්‍රීකුණාමලය, කෑගල්ල, යාපනය, අම්පාර, මඩකලපුව, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක 14 ඉලක්ක කරමින් මෙම උද්ඝෝෂණ ක්‍රියාමාර්ගය පැවැත්වේ.
වත්මන් අණ්ඩුව දිගින් දිගටම රැකියා විරහිත උපාධිධාරීන් රවටමින් සිටින බවත් මේ ප්රශ්නය විසදන තුරු අඛණ්ඩව විරෝධතා ක්‍රියාත්මක කරන බවත් තැන්නේ ඥාණානන්ද හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොමිලේ ඉගෙනගෙන මදිවට මැරනකම් මහජන මුදලින් යැපෙන්නත් ඕනේ මෙයාලට. උපාධියක් තිබුණට මදි නිර්මාණශීලි වෙන්නත් ඕනේ. පුද්ගලික ආයතනත් දන්නවා මෙයාලගේ උපාධියේ තරම. ආණ්ඩුවේ දේශපාලන පත්වීමක්ම තමයි මෙයාලට හරියන්නේ, ඔහේ කාලය කකා ඉන්න.
උපාධියටත් ලැජ්ජයි. සැබෑ උපාධිධාරීන් පාරක් පාරක් ගානේ ඉන්නේ නෑ. ඒ ගොල්ලො දන්නවා යන්න ඕනෙ තැන. මේ අයට කියන්න පුළුවන්නම් වාක්‍ය රචනාවක් ලියන්න කියල. ලියාගන්න බෑ. උපාධියටත් දුකයි. අපේ කාර්යාලයට ආවා උපාධි ධාරියෙක් ප්‍රශ්න පත්රයකට ලිවා. ලේකම් කිලය ලියා ගන් බැරිව ගියා.
අපේ ආයතනයට පහුගිය මාස තුනක කාලයක් ඉඳලා උපාධිධාරීන් 6 දෙනෙක් ගන්න 3න් පාරක් දැන්වීම් පළකලා. ඒත් තාම අපේ අවශ්‍යතාවයට ගැලපෙන කිසිම කෙනෙක් හම්බ වුනේ නෑ. ගත්ත කෙනත් මාසෙකට පස්සෙ රු 60000 රස්සාව දාලා 30000 ආණ්ඩුවේ රස්සාවකට ගියා. සීවී එක ඇප්ලිකේෂන් එක ලියාගන්න දන්නෙ නෑ. ඉන්ටර්විව් එකකට සූදානම් වෙලා එන්නෙ නෑ. ඇවිත් අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න දන්නෙ නෑ. විෂය දැනුම නෑ. සාමාන්‍ය දනුම නෑ. දැන් ආයෙමත් රු.40000ක් දීලා ඇඩ්වර්ටයිස් කරනවා. පිටරටින් තමයි ගෙන්නන්න වෙන්නෙ.
අර ජාත්‍යන්තර පාසල්වල හෝඩියේ ඉඳන් මුදල් ගෙවල ඉගෙන ගන්න ළමුන් මුදල් ගෙවා ලංකාවේ බැරිනම් පිට රට හරි පුද්ගලික විශ්ව විද්‍යාල වල ඉගෙන ගෙන උපාධියත් කරගෙන රක්ෂාවක් කරගෙන රටේ ජනතාවට බරක් කරදරයක් නොවී ජිවත් වෙනවා. ඒක මෙගොල්ලට හෝඩියේ ඉඳන් විශ්ව විද්‍යාල දක්වා ජනතමුදල් වලින් උගන්වල දැන් රස්සාවකුත් හොයල දෙන්න ආණ්ඩුවට සිදුවෙලා. පුද්ගලික ආයතන ප්‍රධානින් මේගොල්ලන්ව බඳවා ගන්න කැමති නැහැ. මොකෝ මේගොල්ලන්ගේ විශ්ව විද්‍යාලේ ඉන්න කාලේ කොළඹ පාරවල් වහගෙන බෝර්ඩ් උස්සගෙන ඉබාගාතේ ඇවිදිමින් හැසිරෙන ආකාරය සහ මානසිකත්වය ගැන දන්නා නිසා. විශ්ව විද්‍යාල සිසුන් කියපු ගමන් වැඩි දෙනෙකුගේ මනසට එන්නේ බෝර්ඩ් උස්සගෙන පාරවල් වල ඇවිදින තරුණ තරුණියන්ගේ චිත්‍රයක්
උපතේ සිට විපත දක්වාම බෝර්ඩ් ලෑලි ප්‍රදර්ශනය කරන එක තමයි මෙයාලා ඉගෙනගන තියෙන ලොකුම පාඩම. හෝඩියේ පංතියේ ඉඳල උපාධිය දක්වා නොමිලේ ඉගෙනගෙන විශ්වවිද්යාලේදී මහපොලෙන් කාලබීල පාරවල් වල රස්තියාදු වෙලා අන්තිමට ආණ්ඩුවටම බරක් වෙලා ජීවත් වෙන්න තමයි මෙයාලගේ බලාපොරොත්තුව. මං හිතන්නේ පාරේ ඉන්න හිඟන්නෝ මෙයාලට වැඩිය සාධාරණයි.
ඉස්සර විශ්ව විද්‍යාලයට ගියා කිව්වාම මිනිස්සු ඒ අය දිහා බැලුවේ පුදුම ගෞරවයකින්. ඒ තරම්ම හැදියාවක්, විනයක්, හික්මීමක් සහ බහුස්සෘත බවක් තිබුණා. ඒ නිසා කිරෙන් වතුර වෙන්කර ගන්නවා වගේ හොඳ දක්ෂ උපාධිධාරීන් වර්තමාන සමහර (සැවොම නොවේ ) දෙනාගෙන් වෙන්කර ගත යුතුය.
අධ්‍යාපනය ලබා දීලා තියනවා මදිවට ලජ්ජා නැතුව රස්සාත් ඉල්ලනවද? රාජ්යසේවයේ දැනටමත් වැඩක් නැති පින් පඩි කාරයන්ගෙන් පිරිලා. රටට කිසිම ප්‍රයෝජනයක් නැති වශයෙන් නෝට්ස් කටපාඩම් කොරල විභාගේ කොහොම හරි පාස් කොරගත්තට මොවුන් අතරේ ප්‍රයෝගික බුද්ධියක් සබැ උගත් කමක් තියන පුද්ගලයන් බොහොම දුර්ලභයි. අධ්‍යාපනය මෙහෙම නම් මේ ජෝකර්ලා නිෂ්පාදනය කරන විශ්ව විද්‍යාල සියල්ල වසා දැමිය යුතුයි. කුඹුරු වැඩ, හේන් ගොවිතැන් වැඩ, වඩු වැඩ, ගව පට්ටි පාලනය , රබර් කිරි කැපීම, පොල් කැඩීම වැනි රස්සා හොයා ගන්නට මොවුන්ට බැරි මොකද කියා සොයා බැලීම සුදුසුයි. පින් පඩි කාරයන් රටට බරක්.
සියලුම උපාධිදාරීන්ට රැකියා ලබාදිය හැකි රටක් මේ ලෝකේ නෑ. හැකිතරම් මහන්සිවී හැකි රැකියාවක් සොයාගන්න. අනාගතයේදී සුදුසු රැකියාවකට යන්න. 1966 දී රැකියා නොලැබුන විද්‍යා උපාධිදාරීන්නුත් සිටියා.
සති අන්ත පුවත් පත් ටික අරන් බැලුවනම් ඔනතරම් රැකියා තියෙනවා. අඩුමතරමින් රැකියා 2500 ක් වත් තියෙනවා සති අන්ත පුවත්පත්වල. ඇයි මේ අයට බැරි ඒවගෙන් රැකියාවක් හොයාගන්න ?
රට තුල රැකියා අවස්ථා ඕන කියල ආණ්ඩුවට බලපෑම් කරන්න මේ අයට අයිතියක් තිබෙනවා. ඒත් රජයේ රැකියා දෙන්න කියලා ඉල්ලන එක තේරුමක් නැති දෙයක්.
සියළු දෙනාගෙම අදහස් එක්ක මමත් එකඟයි. රජයේ හැම රැකියාවටම තරග විභාග තියන්නන ඕනේ. උපාධිය තිබුණට විභාගේ අසමත්නම් රැකියා නැහැ. ව්භාග දෙපාර්තමේන්තුවට පුළුවන් හැම කෙනා ගැනම තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යන්න. ( ණය තොරතුරු වගේ ) එතකොට ඔය උද්ඝෝෂන කරන අයට ඒ රිපෝට්එක පෙන්වන්න පුළුවන්. අද ග්‍රාම නිලධාරි වසමකට ග්‍රාම නිලධාරි, සමෘද්ධි නිලධාරි, සංවර්ධන නිලධාරි, කෘ.ප.නි.ස. නිලධාරි හතර දෙනයි. මොනවද දවසකට තියෙන වැඩ. උපාධියක් තියෙනවනම් නම්බුකාර විදියට විභාගයක් ලියලා රජයේ රස්සාවකට යන්න. නැතිනම් පුද්ගලික අංශට යන්න. බුද්ධිමත් වෙන්න. නිකන් උද්ඝෝෂණ කර කර කාලේ කන්නැතිව. එහෙම නැතිව දේශපාලන උවමනාවන්වලට රැකියා දෙන්න ගියොත් මේ රටට දෙයියන්ගෙම පිහිටයි.
තව ඉස්සරහට කසාද බැදලා දෙන්නත් වෙයි....
'90 දශකයේ මුල භාගයේ සිට පටන් ගැනුණ ප්රවනතාවයක් නම්, බොහෝ ආයතන වල උපාධියක් වැනි අධ්‍යාපනික සුදුසුකම් ලැබුවන්ට වඩා වෘත්තීය අධ්‍යාපනක් ලැබුවන් ඉදිරියෙන් සිටීමයි. ඊට හේතුව විය හැක්කේ වෘත්තීය අධ්‍යාපනය ලැබුවන් රැකියාවට පැමිණෙන විටම ඔවුන්හට රැකියාව පිලිබඳ යම් දැනුමක් තිබීමයි. යථාර්තය නම්, ලංකාව වැනි රාජ්‍ය අදායම අඩු රටක, විශාල රාජ්‍ය අංශයක් ගොඩ නැගිය නොහැකි අතර, අද පුද්ගලික අංශය රාජ්‍ය අංශය මෙන් 6 ගුණයක් රැකියා උත්පාදනය කරයි. එමනිසා, මේ උපාධිධාරීන් කලයුත්තේ සුළු රැකියාවක් හෝ කර, යම් වෘත්තීය අධ්‍යාපනක් ලබා රැකියා වෙළදපොලට අතුල්වීමයි.
යන්තර මන්තර ගුරුකම්, කේන්දර බැලීම්, නැකත් හැදීම, අංජනම් බැලීම, පේනකීම, භද්‍රකාලි ආරුඩය, වශී එන්ජින් නිෂ්පාදනය, බෝධි පුජා අධ්‍යක්ෂණය වගේ අංශවල බොහොම හොඳට හම්බ කරන්න පුළුවන් රස්සාවල් මේ රටේ තියනවා. දේශපාලුවෙකුට පොඩ්ඩක් ජැක් ගැහුවොත් උපදේශක ජොබක්, එහෙම නැත් නම් වැලි ගොඩ දැමීම වගේ ජාවාරමක් වත් අල්ලගන්න බැරි වෙන එකක් නැහැ. කුලියට මිනි මැරීමේ කර්මාන්තයටත් දෙයියන්ගේ පිහිටෙන් මේ රටේ හොඳ අනාගතයක් තියනවා. මහන වීම වුනත් ගැලවීමේ මාර්ගයක්නේ! දෙයියනේ කියල දැහැමෙන් සෙමෙන් ඒ වගේ ජොබක් හොයා ගන්න හිතන්නේ නැතුව ජනතාවට කරදර කරන එක හරි මදි නේද?