රංජිත් රාජපක්ෂ
රටේ නීතිය හෑල්ලුවී ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අද (14) තලවකැලේ සුමන මහ විද්‍යාලයේ පැවති රැස්වීමකදී පැවසීය.
නවීන් දිසානායක මහතා කියා සිටියේ මේ රටේ දේශපාලකයින්ට එක් අකාරයකටත් සමාන්‍ය ජනතාවට තවත් අකාරයකටත් නීතිය ක්‍රියාත්මක වන බවයි.
ශ්‍රි ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක නීතිය එක හා සමානව ක්‍රියාත්මක කළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ ඡන්ද දායකයාගේ සිතුම් පැතුම් හා ගැටලු තේරුම් ගෙන එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සමඟ සාකච්ඡා කර ජාතික සංවිධායක වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවද නවීන් දිසානායක මහතා කීය.
තම මව් භාෂාවට අමතරව මේ රටේ සැම සිසුවෙකුම තවත් භාෂාවක් දැනගත යුතු බවත් රට තුල ඉංග්‍රිසි භාෂාව ඉගැන්වීමට ගුරුවරුන් 6000 සිටියත් ඔවුනගේ සේවය නිසි ලෙස ඉටු කරනවාද යන්න ගැටලුවක් මතු වි ඇති බවත් අමාත්‍ය නවීන් දිසානායක මහතා කියා සිටියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෑල්ලු වෙන්න තරම්වත් නීතියක් මේ රටේ තියනවද? අපි නම් දන්නේ නැහැ එහෙම එකක් මේ සිරි ලංකාවේ තියනවා කියලා? සමහර විට මේ කියන්නේ ලෝයර්ලගේ සාක්කුවේ තියන නීතිය ගැන වෙන්න ඇති?
නාගානන්ද කොඩිතුවක්කු මහත්තය කියන්නෙත් මෙකමනේ . පටන් ගත්තේ සමෘදි නිලධාරියා ගස් බැන්දලානේ . එකෙක් කතා කලේ නැහැ
ඉතින් රන්ජන් ඇමති තුමාත් ඔය කතාවම නේද කිව්වේ?
හෑල්ලු කරන්න පටන්ගත්තේ කවුද? කොයි කාලේද? කියල කියමු බලන්න ඉස්සෙල්ලම?
අනේ හැබෑට මේ කියනකම්ම අපි දැනගෙන හිටියේ නැහැනේ. අනිත් 223 ගෙන් එකෙක් වත් මෙහෙම අවංකව කිවුවේ නැහැනේ නිතිය හැල්ලු වෙලා කියලා.
මහත්තයෝ ඔබතුමලම නේ නිතිය හැල්ලු කරලා තියෙන්නේ අර පොලිස් ලොක්කා කිව්වා නිතිය නවනවා කියලා මෙහෙ කියනවා නීතිය ක්‍රියාත්මක කරන ආයතන දුෂණය වෙලා කියලා මහජනයා ඔබතුමාලට ඡන්දෙ දීල මහජන මුදලින් සියලු පඩි විය හියදම් දීල දියවන්නාවට පත් කරලා තියෙන්නේ රට හදන්න නේද . අනේ ඉතින් අවුරුදු 70 තිස්සේ දේශපලකයෝ කරන්නේ එක නෙමෙයි නේ මුලදී හිටපු කිහිප දෙනෙකු ඇරෙන්න දේශපලකයෝ කවුරුත් කලේ ඔය අවුරුදු 70 රට විනාස කරලා දුෂනය වංචාව බෝ කරලා මිනිසුන් අපායට ඇදලා දාපු එක නේද.?
කතාව සම්පුර්ණ ඇත්ත. නීතිය විතරක් නොවෙයි, තවත් දේ බාල්දු වෙලා . මැති තුමෝ, මේ රටේ ජනාධිපතිවරු දෙන්නෙක් ඉන්නවද? අපි පත් කර ගත්තේ එක්කෙනයි. එත් මේ පොහොට්ටුවන්ගෙන් සමහරු ජනාධිපතිතුමා කියන්නේ එදා ජනතාව පරාද කරලා දාපු මහින්ද මහත්තයට. මේ ආණ්ඩුව කරන සමහර වැඩ කිඩ වලිනුත් පෙනෙන්නේ ජනාධිපතිලා දෙන්නෙක් ඉන්නවා වගේ. එහෙම නැත් නම් මේ රටේ රටවල් දෙකක් තියනවද? මෙහෙම ගියොත් නම් බාල්දු වෙලා බාල්දි පෙරලෙන්නත් පුළුවනි.
මේ අයට ලැජ්ජාවක් තියෙනවද මේ ගැන කතා කරන්නේ. රනිල් කරන අසමජ්ජාති වැඩ නීතියට අනුවද සිදු වන්නේ.මහා බැංකු මංකොල්ලයේ ප්‍රධාන හොරා නේද? ජේ, ආර්. එදා නීතියට කල විනාශයම නේද මේ කරගෙන යන්නේ.
මහා බැංකුව සුද්ද කරපු විදියට නිතිය හැල්ලු නොවී තියෙයිද? තාම ලක්ෂ 62 ට ඒක තේරෙන්නේ නැහැ.
ඇමතිතුමා, එහෙම නීතිය හෑල්ලුවට ලක් කලේ කව්ද? ජනතාවද, නැත්නං මහින්දද, එහමත් නැත්නං විපක්ෂයද? මතක තියා ගන්න, ඔබගේ ලොක්ක රනිල් පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධයේ විමල්ව පාස්පෝර්ට් සිද්ධියේදී ආරක්ෂා කළා නේද, අන්න එදාම නීතිය හෑල්ලුවට ලක් වුනා.
යුගයේ අවශ්‍යම දැක්මක් , කොයි තරම් දුරකට මේක ක්‍රියාත්මක කරන්න හැකිවේවිද දන්නේ නෑ.