පැටී මංජු කලවානේ දී අත්අඩංගුවට ගිනි අවි ළඟතබා ගැනීම හා මනුෂ්‍ය ඝාතන සිදුකිරිම සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි පතාල සාමාජික පැටී මංජු නැමැත්තා කලවාන ප්‍රදේශයේ තේ වත්තක බංගලාවක සැඟ සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 09 March 2018
ගැටුම්වලට මුල්වූ මන්ත්‍රීවරුන් හෙළි කරන්න - ඒකාබද්ධය ඉල්ලයි මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ ගැටුම් වලට මුල්වී කටයුතු කළ බවට කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනා වහාම රටට හෙළි කරන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු කතානායක කරු ජයසූරිය මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (08) ඉල්ලා සිටියහ. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද විවිධ අදහස් උදහස් ඉදිරිපත් විය. 08 March 2018
දිනේෂ් - බන්දුල මන්ත්‍රී සගයින් වෙනුවෙන් සටනට බසිති කිසියම් ප්‍රශ්නයක් ඇතිවන තැනකට යාමට මහජන නියෝජිතයින්ට අයිතියක් තියෙන නමුත් මහනුවර දිස්ත්‍රික්කයේ සිද්ධි ඇති කරපු අය සිටියදී ඒවා වෙන අයගේ කරපිටට දාන්න එපා යයි ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 March 2018
සැකකරුවන්ට දින 14ක රැඳවුම් නියෝග මහනුවර කළහකාරී තත්ත්වයක් ඇති කිරීමට කුමන්ත්‍රණය කිරීම ආදී චෝදනා කීපයක් යටතේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දස දෙනා දින 14ක් රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝග නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 08 March 2018
පල්ලේකැලේ තරුණයාගේ මරණය ඝාතනයක් මහනුවර පල්ලේකැලේදී පිළිස්සුණු නිවසක තිබී තරුණයකුගේ මළ සිරුරක් හමුවීමේ සිද්ධිය මිනී මැරුමක් සේ සලකා විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 08 March 2018
මහනුවර කලහයෙන් 2ක් මරුට 11කට තුවාල - 71ක් සැකපිට මාර්තු 04 වැනි දා සිට අද (08 වැනිදා) උදෑසන දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ කළහකාරී සිද්ධීන්වලින් දෙදෙනෙක් මියගිය බවත් 11 දෙනෙක් තුවාල ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. මෙම සිදුවීම් සම්බන්ධයෙන් අද වන විට 71 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණ. 08 March 2018
පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා වෙඩි වැදී රෝහලේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා මහතා වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයයි. 08 March 2018
සමගියට පෙරගමන් යන්න ජනපතිගෙන් කාන්තාවන්ට ඇරැයුම් මේ රටේ ජාතික සමගිය ගොඩනැගීම සඳහා කාන්තා බලවේග ශක්තිමත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(08) පස්වරුවේ පොළොන්නරුවේ පැවති ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් ජාතික උළෙලේ දී පැවැසීය. 08 March 2018
වන්දි ගෙවන්න ස්වාධීන ආයතනයක් මානව හිමිකම් හෝ මානුෂවාදී නීතිය දැඩි ලෙස උල්ලංඝනය වූ පුද්ගලයින්ට වන්දි ගෙවීම සඳහා ස්වාධීන ආයතනයක් ස්ථාපිත කීරීමට රජය තීරණය කර තිබේ. 08 March 2018
කොටහේනේ වෙඩිතැබීමකින් තිදෙනෙක් රෝහලේ කොටහේන සුමිත්රාරාමපාරේ බිලිං වත්තේදී වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ පළතුරු ව්‍යාපාරිකයන් තිදෙනකු බව පොලිසිය කියයි. 08 March 2018
රටේ සහජීවනයට බාධාවක් නැහැ - අගමැති වසර 30ක කුරිරු යුද්ධයකින් පීඩා විඳි ජනතාවට දැන් අවශ්‍ය වී තිබෙන්නේ සාමයෙන් සහජීවනයෙන් ජීවත් වීමට මිස ජාතිවාදයෙන් වෙලී කුලල් කාගැනීමට නොවේයැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (8)පැවැසීය. 08 March 2018
ප්‍රචණ්ඩත්වයට හේතුව වගවීම නැතිකමයි - හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සුළු ජන කොටසකට වරින් වර ඇතිවන ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්ට හේතුව වගවීම සහ සංක්‍රාන්ති යුක්තිය ක්‍රියාත්මක නොවීම බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් කුමරු ප්‍රකාශ කළේය. 08 March 2018
පැරිස් නුවර අවන්හලකදී ලාංකිකයකුට කඩු ප්‍රහාරයක් ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ඉන්දීය අවන්හලක ආහාර ගනිමින් සිටි ශ්‍රී ලාංකිකයෙකුට නාඳුනන කණ්ඩායමක් විසින් කඩු ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් ඇතැයි ප්‍රංශ පුවත්පත් සේවය අද (08) වාර්තා කළේය. 08 March 2018
අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි යුරෝපා තානාපතිවරු ඉල්ලති ද්වේෂ සහගත සාපරාධී ක්‍රියාන්වන්හී යෙදෙන අපරාධකරුවන් කඩිනමින් නීතිය ඉදිරියට ගෙන ඒම අවශ්‍ය බවට යුරෝපා සංගමයට අයත් තානාපතිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. 08 March 2018
මහනුවර අලාභ හානි ගැන යුදහමුදාවෙන් පොරොන්දුවක් මහනුවර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් හානිවූ පූජනීය ස්ථාන හා නිවාස එළඹෙන වෙසක් පුන් පොහෝ දිනට පෙර ප්‍රතිසංස්කරණය කර හිමිකරුවන්ට බාරදෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. 08 March 2018
හිටපු අගවිනිසුරුට එරෙහි නඩුව කල්යයි අභියාචනාධිකරණ විනිසුරු ඒ. එච්. එම්. ඩි. නවාස්, හිටපු අග විනිසුරු සහ නිතිපති මොහාන් පීරිස් සහ ලංකා විදුලි පුද්ගලික සමාගමේ හිටපු ලේකම් එම්. ඒ. ෆර්ඩිනෑන්ස් යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩුව ලබන ජුනි මස 14 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් එල්. බණ්ඩාර මහතා අද (08) නියෝග කළේය. 08 March 2018
මහනුවර ආරක්ෂාවට පොලිසියෙන් හමුදාවෙන් 6880ක් මහනුවර ප්‍රදේශයේ ඇතිවූ කලබලකාරී තත්ත්වයෙන් පසු මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිසියේ පොලිස් විශේෂ කාර්ය බළකායේ හා ත්‍රිවිධ හමුදාවේ 6880ක් යොදවා ඇතැයි පොලිසිය සහ යුද හමුදාව කියයි. 08 March 2018
තෙල්දෙණියට ගිනි තිබ්බ 10 ක් අත්අඩංගුවට මහනුවර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට සහ ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් 10 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි. 08 March 2018
ගම්පහ රෝහලේ විදුලි සෝපානයෙන් වැටී අයෙක් මරුට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි විදුලි සෝපානය අද (8) සවස 2 ට පමණ අක්‍රීයව නැවතී තිබියදී ඉන් පිටතට බැසීමට තැත්කළ පුද්ගලයකු සිව් වැනි මහලින් බිමට වැටීමෙන් මිය ගිය බව පොලිසිය. 08 March 2018
නුවරට යළිත් සවස 6 සිට ඇඳිරිනීතිය අද උදේ 10ට ඉවත් කරනු ලැබූ ඇඳිරිනීතිය සවස 6ට යළි පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 08 March 2018
ක්‍රීඩා රාජ්‍ය ඇමැතිගේ ප්‍රකාශයට මුස්ලිම් ඇමැතිවරුන්ගේ විරෝධය ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය එච්.එම්.එස්. හාරිස් මහතා විසින් කරනු ලැබූ ප්‍රකාශය පිළිබඳව ජාතික රජයට සම්බන්ධ මුස්ලිම් පක්ෂවල අමාත්‍යවරුන්ගේ දැඩි විරෝධය එල්ල වී තිබේ. 08 March 2018
අගමැති පොලිස් කොමිසමේ ක්‍රියාදාමය ගැන වාර්තාවක් ඉල්ලයි ප්‍රායෝගික ක්‍රමවේදයක් සකස් නොකර අඩුපාඩු ඇති වන විට පමණක් ක්‍රියාත්මක වන ජාතික පොලිස් කොමිසම අනුගමනය කරන ක්‍රියාදාමය පිළිබඳව වාර්තාවක් දෙන ලෙස 08 March 2018
‘සමාජ ජාලා අත්හිටුවීම ජාතිවාදි ගැටුම් පාලනයට රුකුලක්’ - පොලිසිය කියයි ෆේස් බුක් ,වයිබර්,වට්ස්ඇප්,ඉමෝ වැනි සමාජ ජලා මාධ්‍ය අත්හිටු වීමට ගත් පියවර මගින් මහනුවර හා අනෙකුත් ප්‍රදේශයන්හි ඇති වු ජාති වාදී ගැටුම් පාලනය කිරීමට විශාල පිටුවහලක් ලැබුණු බව පොලිස් දෙපාර්තමේන්තුව රජයට අද (8) වාර්තා කරනු ලැබීය. 08 March 2018
ජාතිවාදය එපා - බියවැද්දීම් එපා යයි කතානායකගෙන් නිවේදනයක් ජාතිවාදී සිදුවීම් ඇතිකරමින් කලකෝලහල ඇතිකර රට නැතතත් ආපස්සට හැරවීමට කටයුතු නොකරන ලෙස කතානායක කරු ජයසුරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි. 08 March 2018
නාඋලට විශේෂ පොලිස් ආරක්ෂාවක් මාතලේ - නාඋල පොලිස් බල ප්‍රදේශයට මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ. 08 March 2018
කෝටි තුනක මත්ද්‍රව්‍ය සමඟ දෙන්නෙක් කොටු වෙති රුපියල් කෝටි තුනක ආසන්න මත්ද්‍රව්‍ය කිලෝ 2 ග්‍රෑම් 613 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් කඩුවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි. 08 March 2018
ඇඳිරිනීතිය 10ට ඉවතට මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා අද සවස හතර වන තෙක් පනවා ඇති ඇඳිරිනීතිය උදෑසන 10ට ඉවත් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 08 March 2018
නීතිය හා සාමය ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර නීතිය හා සාමය ඇමැතිවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි. 08 March 2018
අම්පාරේ පරාටේ ඇතුළේ තිබුණේ පිටි ගුලියක් අම්පාරේ කඩයකදී වඳ පෙති යැයි කියමින් පොලිසියට භාර දුන් ආහාර වල තිබී ඇත්තේ පිෂ්ඨය සහිත ආහාර කොටසක් බවට නිගමනය කරන්නේ යැයි රජයේ රසපරීක්ෂක ඒ වැලිඅංගගේ මහතා පොලිසියට දන්වා යවා තිබේ. 07 March 2018
අසමගිය ඇති නොකරන්න’යි ජනාධිපති ලේකම් ඉල්ලයි රටේ අසමගියක් ඇති නොකරන ලෙස සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අද (7) පැවසීය. 07 March 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026