(මුදිතා දයානන්ද)
ඉන්ධන මිල ඉහළ යාම හා බඩු මිල ඉහළ දැමීමට එරෙහිව තම පක්ෂය දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් රට පුරා පවත්වන බවත් එහි ආරම්භක උද්ඝෝෂණය හා පාගමන මැයි 22 වැනිදා පස්වරු 3.00ට කොළඹ කොටුවෙන් ආරම්භ කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩ්. ලාල්කාන්ත මහතා අද (15) පැවසීය.
ලාල්කාන්ත මහතා මේ බව සඳහන් කළේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය සාකච්ඡාවකදී වන අතර තවදුරටත් ඔහු මෙසේද පැවසීය.
‘ආණ්ඩුව, දේශපාලන පක්ෂ , විවිධ සිවිල් සංවිධාන, මාධ්‍ය ආයතන මේ කවුරු මොන විදිහේ පැහැදිලි කිරීම් කළත් නොකළත් කඩපොළට ගිහින් බඩු ගත්තාම ඕනම කෙනෙකුගේ පොකට්ටුවට දැනෙනවා මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා කවුරු කොහොම පම්පෝරි ගැහුවත් අපි තමයි ආර්ථිකය හැදුවේ කියලා බදු බරයි, බඩු මිල වැඩිවීමයි ගැන ජනතාවගේ පසුම්බියට බොරු කරන්න ඒ කාටවත් බැහැ.
මේ ආණ්ඩුව හරියට බූරුගහන්න පුරුදු වුණ බේබදු තාත්තෙක් වගේ. හම්බ කරන්නෙත් නැහැ. අනෙක් අය හම්බකරන එක ඉතුරු කරන්නෙත් නැහැ. මේක නතර කළ හැක්කේ පාරට බැහැලා උද්ඝෝෂණ කරලා ආණ්ඩුව දණගස්සලා බඩුමිල හා බදුබර අඩුකර ගැනීමකින් පමණයි. එක්කෝ ආණ්ඩුව මේක දාලා යන්න ඕන. නැත්නම් බදු බර ඉවත් කරන්න ඕන. මේ දෙකෙන් එකක්වත් කරන්න ආණ්ඩුව සූදානම් නැත්නම් ඔවුන් ගෙදර යවන්න ඕන. ආණ්ඩුව දාලා යන කල් අපේ විරෝධය විවිධාකාරයෙන් ගෙන එනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව ගෙදර ඇරියාම බඩු මිල පහල ගිහිල්ලා බදු අඩුවෙලා රට සුඛිත මුදිත වෙනවාද ?
ඔයගොල්ලෝ ලස්සනට කතා කරනවා. ඒ නිසා මිනිස්සුත් එනවා පිරෙන්න රැස්වීම් වලට හරියට නොමිලේ පෙන්වන නාට්‍යක් බලන්න යනවා වගේ. ඔබලාම කියනවා හරියට සෙනගත් එනවා එත් ඡන්ද නැහැ කියලා. ඒ අය කතා රසවිඳින්න මිසක් ඡන්දෙ දෙන බලාපොරොත්තුවෙන් නෙවෙයි ඒවාට එන්නේ. චන්දෙ අවශ්‍ය නම් වැඩ කරලා පෙන්වන්න.
බීලා බූරු ගසුවානම් සමාව දෙන්න තිබුණා අසිහියෙන් කළා කියලා මේ ආණ්ඩුව බූරු ගහන්නේ සිහියෙන්, ජනතාව ඔට්ටුවටට තියලා
රට භක්ෂණය කරන්නයි මේ හදන්නේ.අරගල කරනවාට වඩා රජයට හැකි සහයෝගයක් දීලා.... විකල්ප ඉදිරිපත් කරලා නේද ප්‍රශ්න විසදන්න ඕනේ.මොකද පාරවල් පුරා ටයර් පුච්චමින් කරන අරගල වලින් බඩු මිල අඩුවෙනවාද ? ආයෝජකයන් අරගල තියෙන රටවලට එන්නේ නැහැ.මේ අය රටට සැමදා දුන්නේ විමුක්තිය නොවෙයි විපත්තියයි.මේ කට්ටිය රටට කරන හා කරපු හානිය කියා නිම කරන්න බැහැ. ඒවා මතක් වෙනවිටත් හද කම්පා වෙනවා.
ආණ්ඩුව බුරු ගහනවානම්, ජේවීපී එක තමයි තෝන් ගන්නෙ.. මටනම් හිතෙන්නෙ ආණ්ඩුව බුරුව ගහන්නෙ නෑ..අපිව බුරුවට අන්දවනවා.
තව මොනවද අපිව අන්දන්න තිබෙන්නේ එහෙම දෙයක් ඉතුරුවෙලා නැත. ඒ 62 විතරක් නොවෙයි තව 57 කුත් පව් ගෙවනවා රටේ වර්ධන වේගය 3.5% බැහැලා කියලා මහා බැංකු වාර්තාව කියනවා. තව මොනවාද කතා.
ජවිපෙ දේශපාලන වේදිකාව රසවත් කතාවලින් පෝෂණය වී ඇතත් මිනිසුන් ඡන්දය නොදෙන බවත්, විරෝධතා නොපවත්වා සහයෝගය පල කර වැඩ පෙන්වන ලෙසත් මෙම සංවාදයට එක්වන අය පවසති. වෙනත් දේශපාලන මත දරන කණ්ඩායම් දෙකක් සමඟ එක්ව කටයුතු කිරීමේ අදිනව යහපාලන ජාතික ආණ්ඩුව රටටම තේරෙන භාෂාවෙන් කියමින් සිටියි. අපේ රටේ මිනිසුන් හැසිරෙන ආකාරය පිළිබඳව මා තුළ විමතියක් හට ගනියි. අපේ දේශපාලන වපසරියේ පෙනෙන සත්‍යයන් පවතිද්දී මිනිස්සු උමතුවකින් මෙන් අසත්‍ය සහ දුෂණය කරවන දුෂිතයින්ට ප්රශස්ති ගයති.පුද්ගල විඥානය සහ සමාජ විඥානය හසුරුවන දේශපාලන ආධිපත්‍යය සහිත බලවේගවල පහසු ගොදුරු බවට පත්ව සිටිති. ජවිපෙ සක්‍රිය බුද්ධිමය ක්‍රියාකාරකම් කෝප් කමිටුව සහතික කරයි. සුනාමි කාලයේ ගාලු දුම්රිය මාර්ගය කෙටි කලකින් ප්‍රතිසංස්කරණය කරදීමෙන් ප්‍රායෝගිකව පෙන්නුම් කළේය. සපුමල් නෙලීමට ගොස් කන්නගි කුමරිය කෙකි පටලවා ගත අයුරු සිහිපත් කරමි.