ප්‍රසාද් මුතුකුඩ
සීදුව විජය කුමාරතුංග රෝහලේ අක්ෂි ශල්‍යාගාරය මාස කීපයක සිට වසා දැමීමට බලධාරින් කටයුතු කිරීමෙන් රෝගීන් දැඩි අසීරුතාවයකට පත්වී ඇතැයි ශ්‍රි ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සීදුව ශාඛාවේ සභාපති රුවන් බෝගොඩ මහතා අද (15) පැවසීය.
ඒ මහතා මෙම සම්බන්ධව මාධ්‍ය වෙත කරුණු දන්වා සිටි අවස්ථාවේදි එක්ස් කිරණ ශිල්පියකු සහ රෝහල් සේවකයකු අතර ඇතිවු ගැටුමක් දුරදිග යාමෙන් උණුසුම් තත්ත්වයක්ද ඇති විය.
රෝහල් අධ්‍යක්ෂක මණ්ඩල සභික ආචාර්ය කාලෝ ෆොන්සේකා මහතා රෝහලට පැමිණ සිටි අවස්ථාවකදී මෙම සිදුවීම සිදුවී තිබේ.
අක්ෂි රෝග සම්බන්ධව දිවයිනේ ජනප්‍රිය රෝහලක් වන කුමාරතුංග රෝහලේ පාලන තත්ත්වය කඩා වැටීමෙන් දුර බැහැර සිට පැමිණෙන රොගීන් අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි රුවන් බෝගොඩ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෝ ආවනම් ඉතින් ,එතන කාලා යන්න ඇති. දැන් ඉතින් ඇසක් සුව කරන්න ඉඩමක් විකුණන්න වෙයි. ඕක තමයි අපේ රටේ ලොකු ලොක්කන්ගේ කෙරුවාව. අවොත් ඉතින් පලාතම විනාශයි.
මේක මට හිතෙන්නේ ඔය රෝහල ඉදිරියේ තියෙන අලුතෙන් දාපු පුද්ගලික ඈස් රෝහල අයිති ,ඉස්සර ඔය රෝහලේ වැඩ කරපු දොස්තර මහත්තයාගේ සැලසුම් කරපු වැඩක් වගේ පෙන්නේ. දැන් ඉබේම ලෙඩ්ඩුන්ට මේ පුද්ගලික රෝහලට යන්න වෙනවනේ.
මේ රෝහල කඩාගෙන වැටෙන්න ප්‍රධාන හේතුව තමයි එහි දිගුකලක් සේවයකළ විශ්වකර්ම අක්ෂි වෛද්‍යවරෙක් වූ තිමිරය ඉවත්කොට අක්ෂි කාච වැඩිම සංක්‍යාවක් පැය 12 ක් ඇතුලත දැමීමේ ගිනස් වාර්තාව හිමි ශල්‍ය වෛද්‍යවරයා රෝහලෙන් ඉවත්වීයාම. ඔහුට අක්ෂි ශල්‍ය වෛද්‍යවරු 20 කගේ කාර්යභාරය තනිවම කළහැකි පුද්ගලයෙකි. ඔහු සිටි කාලය ඇතුලත රෝහලේ කිසිම අඩුපාඩුවක් තිබුණේ නැත. කොළඹ අක්ෂි රෝහලේ අවුරුද්දකට සිදුකරන ශල්‍යකර්ම සංඛ්‍යාවට ආසන්න සංඛ්‍යාවක් විජය කුමාරතුංග රෝහලේදී එතුමා විසින් සිදුකරන ලදී.
විජය කුමාර තුංග නමින් ඉස්පිරිතාලයක් නම් කලේ මොකද? කියා මටනම් තේරෙන්නේ නැත. දන්නා කෙනෙක් කියන්න ප්ලීස්
විජය කුමාරතුංග නමින් පිචර් හෝල් එකක් නම් කලානම් කමක් නැත. ඉස්පිරිතාලයක් නම් කලේ ඇයි?