ඉන්දිකා රාමනායක
රුපියල් ලක්ෂ 70 ට ආසන්න හොරොයින් මත්කුඩු තොගයක් සහ පිස්තෝලයක් සමග පූගොඩ ගල්පොතුගොඩ ප‍්‍රදේශයේ දී සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්පොතුගොඩ පදිංචිකරුවකු වන 41 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ළග තිබී ග‍්‍රෑම් 152 ක හොරොයින් තොගයක් සොයාගත් බව පොලිසිය කියයි.
සැකකරුගේ ප‍්‍රකාශ මත ඔහුට මත්ද්‍රව්‍ය ලබාදුන් බව කියන සෙසු ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට සුදානම් වූ අවස්ථාවේ ඔහු එම ස්ථානයේ මෝටර් රථය දමා පලාගොස් ඇති අතර එම මෝටර් රථය පරික්ෂා කිරීමේ දී එහි තබී තවත් හෙරොයින් ග්‍රෑම් 500 ක ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd