ක.ග කරුණාරත්න
පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාරි ඉංජිනේරුවරයාට රාජකාරි කටයුත්තක් කිරීම සඳහා ගිය අවස්ථාවේදී බැන තර්ජනය කර පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය මඟ හරිමින් සිටි එජාප පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායකවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි 21 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර කිරිමට පොලොන්නරුව මහේස්ත්‍රාත් ලුසාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය අද (15) නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ පොළොන්නරුව, රෝහල හන්දිය, සෙන්ට්‍රල් ෆාමසි යන ලිපිනයේ පදිංචි ජයසුන්දර කෝරලේ මුදියන්සේ රාළහාමිලාගේ සුජීව නිශාන්ත ගුණතිලක යන අයයි.
ඉකුත් 11 වැනි දා පෙරවරුවේ පොලොන්නරුව, නවනගරය දෙකේ ඇළ ප්‍රදේශයේ පිහිටි වාරිමාර්ග රක්ෂිතයක කර තිබූ අනවසර ඉදිකිරීමක් ඉවත් කිරීම සඳහා පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග ඉංජිනේරුවරයා වාරිමාර්ග නිලධාරීන් පිරිසක් සමඟ එම ස්ථානයට ගිය අවස්ථාවේදී මෙම සැකකරු සහ තවත් අයෙකු වාරිමාර්ග ඉංජිනේරුවරයාට බැන තර්ජනය කළ පහරදීමක් සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුඹලා පත්කරපු උන් නුඹලටම පහරදෙයි...............
යහ පාලනය ඉහ වහා ගිය අවස්ථාවක්.
සහජීවනය දොරේ ගලා යයි. අලි බෙටි තම ඉතිරි වෙන්නේ .
මි හරක් පැටව් මේ උත්සහ කරන්නේ "අම්බරුවන්ගේ" තත්ත්වයට පැමිනිමටය.එසේ පැමිණියොත් පමණයි "දියවන්නාඔයේ අම්බරුවන් රැළට" එකතුවීමට සුදුසුකම් ලබන්නේ.