(ටී.කේ.ජී.කපිල )
නීතිවිරෝධී ලෙස ස්වර්ණාභරණ තොගයක් තම යට ඇඳුමේ සඟවා ගෙන මෙරටට පැමිණි දේශීය ගුවන් මගියකු අද (15) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි රෙදිපිළි ව්‍යාපාරිකයෙකි.
සිංගප්පූරුවේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියදී මෙම සැකකරු සහ ස්වර්ණාභරණ තොගය අත්අඩංගුවට ගෙන ඇත.
මෙහි මාල , වළලු , අත් පළදනා, කරාබු ඇතුළු ග්‍රෑම් 339 ක් බර ස්වර්ණාභරණ තොගයක් තිබූ අතර ඒවායේ මුළු වටිනාකම රුපියල් 20,34,000 ක් බව රේගුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd