ඉන්දිකා රාමනායක සහ තරිදු ජයවර්ධන
පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයේ වැඩ බැලීම සඳහා පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී ඩබ්ලිව් ආර් බී සෙනවිරත්න මහතා පත්කර ඇත.
ඩී ඩබ්ලිව් ආර් බී සෙනවිරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට අමතරව මුල්‍ය අපරාධ කොට්ඨාසයට ද පත්කර ඇති බව පොලිසිය කියයි.
මුල්‍ය අපරාධ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ඉකුත් (14) දින පොලිස් සේවයෙන් විශ‍්‍රාම යාමෙන් හිස් වු මුල්‍ය අපරාධ කොට්ඨාසයට ස්ථිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කරන තෙක් පොලිස්පතිවරයා මෙම පත්වීම කර ඇත.
පොලිස් මූල්යෙ අපරාධ විමර්ශන අංශය භාර නියෝජ්‍යය පොලිස්පති ධුරයට පත් කරන නිලධාරියා සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා (17) තීන්දුවක් ගැනීමට නියමිත බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
පොලිස්පතිවරයාගේ නිර්දේශය ද සැළකිල්ලට ගනිමින් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති පත් කරනු ඇතැයි පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලා වගේ පගා සහ දේශපාලන දඩයම් කන්දරාවක් නොවේවා. යහපාලන බැංකු හොරු එක්ක බාර් දාපු ලොක්කෝ හිටිය තැනකනේ.