ජනපතිගේ අගමැතිගේ ෆේස්බුක් වැඩ - ගම්මන්පිල ආණ්ඩුව වෛරී ප්‍රකාශ පාලනයට මුවාවී සමාජ මාධ්‍ය ජාල තහනම් කර ඇත්තේ ආණ්ඩු විරෝධය මර්දනය කිරීමට යැයි පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 12 March 2018
අධිකරණ සංවිධාන කෙටුම්පතට එරෙහිව පෙත්සමක් අධිකරණ සංවිධානය පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් , එබැවින් පනත් කෙටුම්පත් විශේෂ බහුතර සංඛ්‍යාවකින් හා ජනමත විචාරණයකින් සම්මත කරන්නැයි ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද (11) ශේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සමක් ගොනු කළේය. 12 March 2018
මුහුදු නොයන්නැයි ධීවරයන්ගෙන් ඉල්ලයි අද (12) සහ හෙට (13) මුහුදු යන්න නොයන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ධීවර අමාත්‍යාංශය නිවේදනය කරයි. 12 March 2018
සමාජ ජාලා මගින් අසත්‍ය ප්‍රචාර යැවු සිසුවා යළි රිමාන්ඩ් හදිස්සි නීතිය ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවේදී ජාතීන් අතර සංහිඳියාව බිඳදැමීමේ අරමුණින් සමාජ ජාල මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළේ යැයි කියන පාසැල් සිසුවා ලබන 26 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා අද (12) නියෝග කළේය. 12 March 2018
අනධ්‍යයන සේවක වර්ජනයෙන් සරසවි අකර්මන්‍ය වෙයි විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය අකර්මන්‍ය වී ඇතැයි රාජ්‍ය විශ්ව විද්‍යාල වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි. 12 March 2018
ස්ථානමාරු අවලංගු කරන්නැයි වහලය මතට නගිති උතුරු මැද පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු රියදුරන් සිව් දෙනෙකු වෙනත් දෙපාර්තමේන්තුවකට ස්ථාන මාරු කිරිමට විරෝධය පළ කරමින් ඉන් රියදුරන් දෙදෙනෙකු අද (12) පෙරවරුවේ සිට අනුරාධපුර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලයයේ වහලය මතට නැග විරෝධතාවයක නිරතව සිටිති. 12 March 2018
පාසල් යමින් සිටි සිසුවාට අලියා පහර දෙයි පාසල් යමින් සිටි හල්දුම්මුල්ල නිකපොත අක්කරසීය ප්‍රදේශයේ අටහැවිරිදි පාසල් සිසුවෙකු අද(12) උදෑසනදී වනඅලි ප්‍රහාරයකට ලක්වී කොස්ලන්ද දිසා රෝහලට ඇතුළු කර තිබේ. 12 March 2018
ආපනශාලාවට පෙට්‍රල් බෝම්බ ගැසු හතක් සැකපිට ආණමඩුව නගරයේ පිහිටි ආපන ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. 12 March 2018
චීන ජනපතිට හිතේ හැටියට බලේ ඉන්න අවස්ථාව ජනාධිපතිවරයකුට ධුරය දැරීමට හැකි කාල සීමාව වෙනස් කරමින් ෂී ජින්පින්ග් ජනාධිපතිවරයාට ඕනෑ තරම් කාලයක් බලයේ සිටීමට චීන කොමියුනිස්ට් පක්ෂය අද, ඉරිදා (11) අවස්ථාව සැකසීය. 11 March 2018
ගිනි තැබූ කඩය දවසින් හදයි ආණමඩුව නගරයේ තිබූ ආපන ශලාවකට (11) අද අලුයම කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කිරිමට කම්පා වූ නගරයේ ව්‍යාපරික සංගමය හා ජනතාව එක්ව දිනක් ගතවීමටත් මත්තෙන් අදාල ස්ථානය තිබූ තත්වයට ගෙන ඒමට කටයුතු කර තිබුණි. 11 March 2018
බ්‍රිතාන්‍ය තරුණිය අපයෝජනය කළ ලක් තරුණයා හිරේ බි්රතාන්ය තරුණියක බියවද්දවා අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ලාංකික සිසුවෙකුට වසර 12 ක සිරදඬුවමක් නියම කිරීමට බි්රතාන්යයේ මැන්චෙස්ටර් අධිකරණය තීන්දු කර ඇතැයි එරට පළවන මැන්චෙස්ටර් ඊවිනින්ග් නිව්ස් වෙබ් අඩවිය අද (11)වාර්තා කර ඇත. 11 March 2018
මාකඳුරේ මධුෂ්ගේ ගොලයෝ දෙන්නෙක් මාතරදී කොටුවෙති මාකඳුරේ මධූෂ් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රභල ගෝලයන් දෙදෙනෙකු අද (11) පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 11 March 2018
සියලුම විලවුන් වර්ග ඔක්තෝම්බරයේ සිට නියාමනය කෙරෙයි ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරනු ලබන හා ආනයනය කරනු ලබන සියලුම විලවුන් වර්ග නියාමනය 2017.10.10 දින සිට ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ආරම්භ කර ඇති බවත් එම නිසා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව විලවුන් ආනයනය, නිෂ්පාදනය සහ බෙදාහැරීම නොකළ යුතු බව එම අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා අවධාරණය කර සිටියි. 11 March 2018
දෙමළ ඩයස්පෝරාව මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව ගැන ගතු කියයි යුද්ධය අවසන් වී වසර නවයක් ගත වුවද දෙමළ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජය මෙතෙක් කිසිඳු විසඳුමක් ලබා දී නැතැයි දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතවරියක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සැසිවාරයේදී ප්‍රකාශ කර තිබේ. එමෙන්ම යුද්ධය පැවති කාලයේ දී හා ඉන් පසුව අතුරුදන්වූවන්ගේ රහස් වාර්තාව මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති බවද ඇය සදහන් කර ඇත. 11 March 2018
ෆේස්බුක් තහනම ඉවත්කිරීම ජාතිවාදී ප්‍රකාශ නැත්නම් පමණී රටතුළ ජාතීවාදී ආගම්වාදී සහ අසත්‍ය ප්‍රචාර පතුරුවා හැරීම නැවතී ඇතිබවට ආරක්ෂක අංශ රජයට වාර්තාකළ පසුව සමාජ මාධ්‍ය ජාලා තහනම ඉවත්කීරීම සම්බන්ධයෙන් සලකා බලන බවද ජනාධිපති ලේකම් ප්‍රනාන්දු මහතා සදහන්කළේය. 11 March 2018
භාෂණයේ නිදහසට මුවාවී තක්කඩි වැඩ කරලා - ඇමති දුමින්ද ඇතැම් වෙබ් අඩවිකරුවන් තම නම ඈඳා බොරු පුවත් නිර්මාණය කර පසුව මාසිකව වෙළෙඳ දැන්වීම් ඉල්ලමින් සමාදාන වීමේ සදාචාර විරෝධී මාධ්‍ය භාවිතයක නියැලෙමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් හා කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි. 11 March 2018
නීතිය හා සාමය ඇමැති හෙට පොලිස් ප්‍රධානීන් හමුවෙයි මහනුවර දිස්ත්‍රික්කයේ පවතින වර්තමාන තත්ත්වය හා රටේ අනෙකුත් පළාත්වල නීතිය හා සාමය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ පොලීසියේ ඉහළ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (12) පැවැත්වීමට නියමිතය. 11 March 2018
පියාගේ ඝාතකයින්ට සමාව දුන් බව රාහුල් ගාන්ධි කියයි සිය පියාගේ ඝාතකයන්ට නැගෙණිය විසින් සම්පූර්ණයෙන්ම සමාව දී ඇතැයි ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධිගේ පුත් රාහුල් ගාන්ධි සිංගප්පූරුවේදී පවසා ඇත. 11 March 2018
මහනුවර සංචාරයේ යෙදෙනවා නම් ප්‍රවේශමෙන්- අරාබියෙන් නිවේදනයක් මහනුවර දිස්ත්‍රික්කය මුල් කරගනිමින් ඇතිවූ ගැටුම් හේතුවෙන් ලංකාවේ සංචාරය කිරීමේදී දැඩි අවධානයෙන් සිටින්නැයි එක්සත් අරාබි එමීර් රාජ්යේ සිය වැසියන් වෙත සංචාරක උපදේශන නිකුත් කරනු ලැබ ඇතැයි එරට පළවන ගල්ෆ් නිව්ස් වෙබ් අඩවිය අද (11) වාර්තා කර ඇත. 11 March 2018
විශ්ව විද්‍යාලයෙන් පිටවන හැමෝටම රැකියා දෙන්න රජය බැඳිලා නෑ - වැවිලි ඇමති නවීන් විශ්ව විද්‍යාලවලින් පිටවන සෑම ළමයෙක්ටම රජයේ රැකියාවක් ලබාදීමේ වගකීමක් රජයට නොමැති බවත් රටේ ඉදිරිගමනට දායකවිය හැකි පරපුරක් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම රජයේ වගකීම බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය. 11 March 2018
සමාජ ජාලා මගින් අසත්‍ය ප්‍රචාරය කළ සිසුවා රිමාන්ඩ් හදිසි නීතිය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක ජාතීන් අතර සංහිදියාව බිඳ හෙළීමේ අරමුණින් සමාජ ජාලා මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළැයි කියන සිද්ධියට 11 March 2018
මුස්ලිම් පල්ලියෙන් බෞද්ධ හිමිනමකගේ මාපියන්ට නිවසක් කොලොන්නාව ජුම්මා මුස්ලිම් පල්ලිය, බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකගේ මාපියන් වෙනුවෙන් නිවසක් ඉදි කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේදී මුදල් පරිත්‍යාගයක් කළේය. 11 March 2018
රමිත් රඹුක්වැල්ලට පොලිස් ඇප නාවල නාරාහේන්පිට ‘ලේක් විව් ඩ්‍රයිව්‘ පාරේදී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනකු රිය අනතුරකට ලක්කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රමිත් රඹුක්වැල්ල රුපියල් 10,000 ක ඇප බැදුම්කරයක් මත නාරාහේන්පිට පොලීසිය විසින් මුදා හැර ඇත. 11 March 2018
බස් රියදුරුට පහර දුන් දකුණු පළාත් සභා මන්ත්‍රී සහ බිරිය 13 දක්වා රිමාන්ඩ් තලංගම කොස්වත්ත මංසන්ධියේදී පෞද්ගලික බස් රථ රියැදුරෙකුට පිස්තෝලයකින් පහරදී තුවාල සිදුකර සාපරාධී බියගැන්වීමක් සිදුකළැයි කියන 11 March 2018
‘ගුරු හිගයට කඩිනම් විසඳුම් දෙන්න‘ උතුරු පළාතේ වැලිඔය අධ්‍යාපන කොට්ඨාසයේ පාසල්හි පවතින ගුරුහිගය හේතුවෙන් සිසුහු දුෂ්කරතා රැසකට මුහුණ දී ඇතැයි වාර්තා වේ. 11 March 2018
යාපනයේ උත්සවයකදී කෑම විස වී 98 කට ප්‍රතිකාර යාපනය මෙලෙන්චිමුනෙයි ධීවර ගම්මානයේ දේවස්ථානයක පැවැති උත්සවයකදී ලබා දුන් ආහාර විස වීමකින් පුද්ගලයින් 98 දෙනෙකු අද (11) උදෑසන කයිට්ස් රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇතැයි පොලීසිය පවසයි. 11 March 2018
වවුනියාවේ බිළිඳා සොරා ගත් කත අත්ඩංගුවට වවුනියාව මහරෝහලේ ප්‍රසව ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මවකට උපන් දින දෙකක් වයසැති බිළිදෙකු සොරාගත් කාන්තාවක් අනුරාධපුර රෝහලේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි. 11 March 2018
බංග්ලාදේශයට කඩුලු 5 ක ජයක් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (10) පැවැති නිදහස් කුසලාන තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5 ක ජයක් අත්කරගත්තේය. 10 March 2018
මහනුවර හානිවලට වන්දි කඩිනම් කරන්න අගමැතිගෙන් උපදෙස් ලබන සිකුරාදා වන විට දේපොළ අලාභ හානි තක්සේරු කර හැකි ඉක්මනින් වන්දි ලබා දීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) පැවසීය. 10 March 2018
මහනුවර ආරක්ෂාකාරියි - යළිත් ඇඳිරිනීතිය නැහැ මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ මේ වන විට පවතින සාමකාමී තත්ත්වය හේතුවෙන් යළිත් ඇඳිරිනීතිය පැනවීමක් සිදු නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 10 March 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026