(අංජුල මහීක වීරරත්න)
එදා ආර්ථිකය බිඳ වැටුණු විට ආණ්ඩු බලය අතහැර පළා ගිය අය අද ආර්ථිකය දියුණූ කරන්නේ කෙසේ දැයි අපෙන් විමසීම පුදුමයක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ දී අද (17) පැවසීය.
තමන්ට හැකියාව තිබු අවස්ථාවේ ආර්ථිකය ගොඩනැගීමට කටයුතු නොකළා නම් දැන් විවේචනය කිරිමෙන් ඵලක් නැති බවද අග්‍රාමාත්‍යවරයා කීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව කීවේ හෙද දින උත්සවයේ දීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය වෙනුවෙන් මෙහෙවරක් කළ සිව් දෙනෙක් සඳහා හෙද උන්තමාභීමානී සම්මාන පිරිනැමිණි.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න,මහාචාර්ය ආශු මාරසිංහ,හෙද අධ්‍යක්ෂිකා ආර්.එල්.එස්.රාජපක්ෂ,රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහත්ම මහත්මීහු මෙහිදී සම්මාන ලැබුහ.
ඡායාරූප - ගයාන් ලසන්ත අමරසේකර






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔව්. ආර්ථිකය දැන් නම් හොඳින් දියුණු වෙනවා. ඩොලරයේ අගය සීග්‍ර ලෙස වැඩිවන්නේ ඒ නිසයි.
මහබැංකුව හූරාගෙන හොරා කාපු විදිය හීනෙන් නිතර දෙවේලේ පේන හින්දා මෙයාම එ්ක කියන එක හොඳයි... අර පැරණි කියමනක් තියෙන්නේ" බැංකු හොරා කතාවෙන් දැනේ" කියලා. එය 100% නිවැරදිබව මේ පුද්ගලයාම ඔප්පු කරලා තියෙන්නේ කතාවෙන්ම.
ගොන් කතා තවත් කතාකරන්නේ නැතුව තමන්ගේ වැඩේ කරන්න. මහින්ද පැනල ගියානම් අගමැති තරගයට එන්නේ නැනේ.. දැන් අර සිංගපූරුවට පැනල ගිය යාළුවව හොයාගෙන එන්නකෝ
කවුද ඔයට එහෙම අභියෝග කරන්නේ. ඔයාගේ අර්ජුන් මහේන්ද්‍රන්ද නැත්නම් රවී කරුණානායක ද?
මොනවාද කාටද හලෝ ඔයකියන්නේ? මහා බැංකුව! අර ඕගොල්ලෝ මංකොල්ල කාපු බැංකුවේ වාර්තාවේ කියනවා ඔය පැනලා ගිය කට්ටිය ගේ කාලේ ආර්ථික වර්දනය 5.5% ආර්ථික විද්‍යාවේ පරිනත බුද්දියක් තිබෙන ඔබේ ආණ්ඩුවේ ආර්ථික සංවර්දනය 3.5% කියලා. ඉතින් අර්ර්තිකය කඩාවට්ටන ඔබලා සමග ඉන්නේ කවද? ඔයකතා අර 62 ටම හොඳයි.