(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 40 ට අධික වටිනා අයිස් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් සමග ජාවාරම් කරුවකු විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇති බව විශේෂ කාර්ය බලකාය කියයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව ජාවාරම සදහා රැගෙනවිත් තිබු අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 204 යි මිලිග‍්‍රෑම් 50 ක් තිබී ඇති අතර මෙය මෙතෙක් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් වැඩිම අයිස් මත්ද්‍රව්‍ය තොගය වේ.
ජාවාරම්කරු මෙම මත්ද්‍රව්‍ය තොගය කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයට රැගෙනවිත් තිබියදී මොහු අත්අඩංගුවට ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd