ඩයනා උදයංගනී
රාමලාන් සමයේදී ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය රට ඉඳි සවුදි අරාබි රජය මගින් ප්‍රදානයක් ලෙස ලබාදීම සාමාන්‍යයෙන් සිදුවුවද මෙවර එසේ නොලැබීම හේතුවෙන්, ආර්ථීක අපහසුතා ඇති මුස්ලිම් පවුල් වෙත බෙදාදීම සඳහා සතොස ආයතනය මඟින් රට ඉඳි මෙට්‍රික් ටොන් 250ක් මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
මෙම රට ඉඳි මුස්ලිම් දේවස්ථාන හරහා ඉස්ලාම් බැතිමතුන් අතර ඛෙදාදීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක, ඉඩම් හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
මීට අමතරව ඒ සඳහා පෞද්ගලික පරිත්‍යාගකරුවන් තිදෙනෙකු විසින් රට ඉඳි මෙට්‍රික් ටොන් තුනක තොගයක් ලබා දී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.
අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙසක් එකට දන්සැලක්, තොරණක් පෙන්නන්න දෙන්න ආණ්ඩුවට බැහැ. හැබැයි මේවට නම් ඉහළින්ම සහයෝගය... මම මේ ජාතිවාදය අවුස්සනවා නෙවෙයි. මහ ජාතියටත් මේ සැලකිල්ල මේ ආකාරයටම තියෙන්න ඕනෑ. අැයි සිංහලයාට විතරක් වෙනස්කම් කරන්නේ?
අනිත් ආගම්වලට මේ සැලකිල්ල නැත්තේ මොකද? උදාහරණයක් හැටියට කතෝලික බැතිමතුන්ටත් උපවාස කාලයක් තියෙනවා. හින්දු බැතිමතුනුත් උපවාස කරනවා බෞද්ධයෝත් සිල් ගත්තම රෑට කන්නේ නැහැ. මුස්ලිම් කට්ටිය විතරක් මහජනතාවගේ බදු මුදල් වලින් හුරතල් කරන්න ආණ්ඩුවට ඇති වුවමනාව මොකක්ද?
බුදු පිළිම චීනෙන් දීපු ඒවාට ටැක්ස් ගැහුවා. දැන් නිකන් දෙනවා රටඉඳි... ඉන්නකෝ තව පොඩි කාලයක්...
ජාත්‍යන්තරයත් එක්ක හොඳ සම්බන්ධතා තියෙන ආණ්ඩුවට දැන් රටඉඳි සල්ලි වලට ගන්නවෙලා... පම්පෝරිය විතරයි.
හැමදෙයක්ම අනාගන්න ආණ්ඩුවක්... ඔහොම යං ඔහොම යං... ඊළඟ ඡන්ද වලදී අපි දෙන්නම් ඔය ගොල්ලන්ට ජම්බු...
චීනෙන් පරිත්‍යාග ලෙස ලැබුණු බුදුපිළිම 1000 ට ලක්ෂ 32ක බදු ගැහුව ආණ්ඩුව දැන් රාමලාන් වලට සතොස හරහා ගෙන්වා නොමිලේ බෙදා හරිනවා.. ඔතන තමයි ආණ්ඩුව වරද්දගත්තෙ.. දිගින් දිගටම මහජාතියට සිදුකරන කුඩම්මගෙ සැලකිලි හින්දා ඇතිවෙලා තිබුණ පීඩනය තමයි පසුගියදා මහනුවරදි පුපුරා ගියෙ.. රටේ සෑම ජනවර්ගයකටම සමානව සැලකිය යුතු ආණ්ඩුව එක් ජනවර්ගයකට විශේෂිත සැලකිලි දක්වනකොට නුවර සිද්ධිය අවසාන සිද්ධිය වනු ඇතැයි කාහටනම් කිවහැකිද..?
දැන්නම් ඉන්නේ කාලකන්නි දේශපාලන රැලක්. උන්ට රටක්,ජාතියක්,ආගමක්,තිබුනත් එකයි නැතත් එකයි. උන්ගේ පවුල සහ නෑ පරපුර විතරක් සුර සැප විදගෙන හිටියොත් ඇති. මුස්ලිම් ඇමතිවරු එවුන්ගේ සංවරය වෙනුවෙන් නිර්බිතව හැම දේකටම පෙනී සිටිද්දී අපේ හැත්තත් උන්ටම විතරක් කොරන්නයි ට්‍රයි කරන්නේ. යකෝ සිංහලයෝ දැන් ජීවත් වෙන්නේ මැදපෙරදිග ඉන්නවා වගේ.
මේ රට ඉඳි වෙනදා වගේම නොමිලයේ ප්‍රධානයක් ලෙස ලැබෙනවා ඇති... මේකටත් වැය ශීර්ශයක් පෙන්නන්න හදන්නේ.
මස් වලට ඌරො ටොන් 250 කුත් ගේන්නකො
මැද පෙරදිග රටවලින් එන රට ඉඳි ඉතා විෂ සහිතයි කෘමි නාශක සහිතයි, රතු කුරුමිණියන් මර්ධනයට ඔවුන් කබෝෆුරාන් වැනි කෘමිනාශක අධික ප්‍රමාණයක් පාවිච්චි කරනවා, සෞදියේ රජයේ පරීක්ෂණයකට අනුව එක් විවෘත වෙළඳ පොලක තිබු සියලු රට ඉඳි පරීක්ෂා කිරීමෙන් පසු විනාශ කර තිබෙනවා, මේ ගෙන්නන රට ඉඳි එසේ විෂ තත්ත්වයන් සඳහා පරීක්ෂා කලොත් හොඳා.
සාමය සංහිඳියාව ඇති කිරීමට සුළු ජාතීන්ගේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කරන යහපාලන රජයට අපේ ප්‍රණාමය.