(හර්ෂණ තුෂාර සිල්වා)
රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.55 ක් දක්වා අද (17) පහළ ගියේය.
රුපියලේ විකුණුම් අගය මෙතරම් දුරට පහත වැටුණු පළමු අවස්ථාව මෙය වූ අතර මැයි මස 11 වැනිදා ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් රුපියලේ අගය 159.29ක් ලෙස දැක්විණි. එය මීට පෙර රුපියල පහත වැටුණු ඉහළම අගය විය.
මේ වසරේ ජනවාරි 1 වැනිදා මැයි 11 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල 3.2කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
රුපියල වැඩි වශයෙන් අවප්‍රමාණය වූයේ අප්‍රේල් මස අගදී සහ මැයි මස මුලදී යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ තෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය නිකුත් කරමින් (11) සඳහන් කළේය.
පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.
(ඡායාරූප රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද කෙනෙක් කිව්ව නේද එහෙම උනාම රටට ලොකු ලාබයක් ලැබෙනවා කියලා.?
රජය අපහසුතාවයට පත්කරන්න එපා. මේ පත්තරේම තිබුනා නිරපේක්ෂ අගය වැඩිවෙලා කියලා හෙවත් දුප්පත්කම අඩුවෙලා කියලා.
කොයි පාලකයා අාවත් ඕක තමයි වෙන්නේ... තව අවුරුදු 10ක් 15ක් යනකොට මේකත් සිම්බාබ්වේ වගේ රටක් වෙනවා. ලංකාදීපෙම තිබුනේ පුවතක් සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා කියලා ශ්‍රී ලාංකිකයන්ගේ බුද්ධි මට්ටම මන්ද බුද්ධික මට්ටමේ තියෙන්නේ කියලා.
රජය නොවේ මොන කෙනා අමාරුවේ වැටුනත් කමක් නැහැ රටේ මහජනතාව අමාරුවේ නොවැටී තේරුනාද? මොකද දේශපාලකයෝ නම් යහතින් ඉහෙන් බසින රෝගයක් නැතිව යහතින් මහජන මුදලින් යස අගේට පිනටම කාලා බිලා ඉන්නවා. නමුත් සාමාන්‍ය පුරවැසියන් අනේක දුක් විදිනවා.
අපේ ඇමති මොළ කට්ටුවට මේ කියන බණේ කඳුලක් වත් තේරෙනවද මන්දා?
එක එක හේතු පෙන්නමින් ගොඩක් මුදල් නෝට්ටු මුද්‍රණය කළා පහුගිය දවස්වල. කුරුටු ගාපු මුදල් නෝට්ටු වෙනුවට අලුතින් මුද්‍රණය කල මුදල් වල වටිනාකම කල පහුගිය දවස් වල පත්තරේ තිබ්බා. හිතන්නවත් බැරි මුදලක්... මුදල් නෝට්ටුවල කුරුටු ගහන්න තහනම්, එ්ක හරි, නමුත් එ්ක ඉදිරියට නවත්වන්න පුළුවන්ද? එ්ක ප්‍රායෝගික නෑ. මොකද ඒ.ටී.එම් එකෙනුත් කුරුටු ගාපු මුදල් නෝට්ටු එනවා. අනික සල්ලි වල කුරුටුගාලා තිබ්බා කියලා අපට එචචර ප්‍රශ්නයක් වුනේ නෑ... ඉරිලා තිබ්බ සල්ලි කොළ ඇරෙන්න. මේක ආණ්ඩුව සැලසුම් කරලා කළදෙයක්.. අලුතෙන් වැඩිපුර මුදල් නෝට්ටු මුද්‍රණයට කියලයි මට හිතෙන්නේ.
දැන් ඊළඟට මහබැංකු අධිපතිවරයා කියයි. රුපියල අව ප්‍රමාණය වීම නිසා රජයට බිලියන මෙච්චර ප්‍රමාණයක ලාභයක් වුණා කියලා. ඊට පස්සේ ඛනිජ තෙල් භාර ඇමතිවරයා කියයි බොරතෙල් බැරලයක මිල ඉහළ ගිය නිසා තෙල්මිල වැඩි කළයුතුයි කියලා. අන්තිමට ආණ්ඩුවට ලාභය අපිට අලාභය...!!!
මේවා බොරු කතා. රටට අපමණ අගයක් ලබා දුන්නේ, තිරසාර සංවර්ධනය, සහජීවනය, සංහිදියාව ඇති කරේ යහපාලන රජයයි.
වසරක අානයන වියදම ඩොලර් කෝටි 2000යි අපනයන අාදායම ඩොලර් කෝටි 1000යි. මේකට හරියන එකම විදිය තමා අාර්ථිකය තරමක් සංවෘත කිරීම. එ් කියන්නේ රටින් නැතිවම බැරි දෙයක් අැර වෙන මොකුත් නොගෙන්වා සිටීම. හැබැයි රට තුල එ්වා අැති තරම් නිෂ්පාදනය කරමින් එය කල යුතුයි. ඉන්පසු උපරිම වෙර යොදා රටේ නිෂ්පාදනය වැඩි කල යුතුයි. එ් නිෂ්පාදන අපනයනය සඳහා වෙළඳපොලවල්ද සොයා ගත යුතු අතර. එහිදී වර්තමානයේ සැප ගන්න තානාතිපති සේවයේ යොදවා අැති අය ගෙන්වා වැඩ පුලුවන් මිනිසුන් එ් සඳහා යෙදවිය යුතුයි. එමෙන්ම මෙච්චර කාලයක් නීතිය මගින් කරන්න බැරි වුන දූෂණය, අල්ලස, අපරාධ, හොරකම, පාතාලය, මත්උවදුර ලෙයින් යකඩින් හෝ මර්ධනය කල යුතුමයි. නැත්තම් මෙහෙම ගියොත් රටක් නෑ.අවුරුදු දහයක් එහෙම ගියොත් අැති. පස්සේ වුවමනා විදියට වෙනස් විය හැක.
රුපියලේ අගය වැඩිවෙන්න රටේ නව නිෂ්පාදන ආරම්බ වෙන්න ඕනේ ඒවායෙන් විදේශ විනිමයන් රටතුලට ගලා එන්න ඕනේ. දියවන්නාවේ ඉන්න 200 ගණනක් සියලුම වරප්‍රසාද භුක්ති විඳිනවා මිසක් නිෂ්පාදන ඇතිකිරීමේ සැලසුම් ක්‍රමයක් ගැන දැනුමක් නොමැති පුද්ගලයන් බවයි අපේ හැගීම..
එහෙමනම් අර මහා බැංකුවේ අධිපති කියන විදියට රටට ගොඩක් වාසි වෙයි. රුපියලේ අගය තවත් අඩුකරන්න.
මෙසේ වෙන්නේ අර දියවන්නා ඔය නිවසට එන නොහැකියාවෙන් පෙලෙන හිඟමනෙන් ජීවත්වෙන මිනිසුන් පිරිසක් නිසායි.
එක් අයෙක් සුදු ඇඳගෙන හොරකමේ. අනෙකා ටයිකෝට් දාගෙන හොරකමේ. මෙය හොරුන්ගේ දේශයයි. හොරකම් කිරීම ඇරුණුවිට වෙන ආර්ථික ප්‍රතිපත්තියක් නෑ. ඉතින් ආයෝජකයෝ එයිද? බදු බරෙන් ජනතාව පීඩාවට පත්කරනවා. තෙල් ගණන් කෝටි ගණනක වියදමින් ඇඩ්දානවා. ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ලාට රැපියල ඉහළයාම හොඳලු. මොවුන්ව බලයට පත්කරන අපටයි පිස්සු.
ලක්ෂ 62 දැන් කොහොමද ඔයගොල්ලන්ගේ යහපාලන රජය...? ගොඩක් හොඳයි නේද? ඔබට සතුටුයිද දැන්...?
තවත් පහළට යාවි !!!
රුපියලේ අගය අඩුවීම මං දන්න කාලෙ ඉඳලා වෙන එකක්. නමසිය හැත්තෑ ගණන් වලදී එන් එම් පෙරේරා මුදල් ඇමති කාලෙ කිව්වා රුපියලේ අගය හෙට ඉඳල ශත 80 යි කියලා. අපි හිතුවේ එදායින් පස්සේ රුපියලට සතේ ඒවා 100 ක් නෙමෙයි 80 ක් කියල.
විදේශිය ශ්‍රමිකයන් මෙරටට එවන විදේශිය විනිමය හොඳටම ඇති රුපියල ස්ථාවරයක තබා ගන්න කොහෙද මුන් කෝටි ගණන් ගෙවල සුකොපබෝගී වාහන ආනයනය කරන කොට
සමෘද්දියටත් වැඩේ දුන්නාම ඕක රුපියල් 200ක් විතර වෙයි.
අනේ ලොකු දෙයක් ....පිට රටවල් වල ගිහින් දුක් විදලා ලංකාවට සල්ලි එව්වහම ඩොලර් එකකට ලැබෙන්නේ පොඩි ගාණක්.........ඉට අමතරව ඒකට ටැක්ස් කියලා ගැනකුත් ආණ්ඩුවට කපා ගන්නවා.ආණ්ඩුව කිසි පිළිවෙලක් නැතිව ජොබ් වලට ගන්නවා. පඩි වැඩි කරගන්නවා...........කෝට් ගණන් වියදම් කරලා වාහන ගන්නවා......
මොන දේත් ආණ්ඩුවේ වාසියට හරවාගෙන මිනිස්සු රවට්ටනවා. විදේශ ණය, පොලී ගෙවීම් වටිනාකම කියන්නේ ඩොලර් වලින්. අපනයන ආදායම කියන්නේ රුපියල් වලින්. අපි හිතමු අපනයන අදායම ඩොලර් 100යි කියලා. එතකොට 2015 වසරේ 130*100=13000ක අදායමක් ලබනවා. හැබැයි 2018 වසරේ 159*100=15900ක අදායමක් ලබනවා. දේශපාලකයෝ ආඩම්බරෙන් කියනවා අපනයන අදායම 2900ක් වැඩිවෙලා අපි අපනයන වැඩිකලා කියලා. අපි මේ ඉලක්කම් මාරුව නොදැන අත්පුඩි ගහනවා.