මහින්ද නිශ්ශංඛ
අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ පෞද්ගලික බස් වර්ජනය අත්හිටවූ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය.
රජයෙන් ලබා දුන් 6.56% ක බස් ගාස්තු වැඩි වීම ප්‍රමාණවත් නොවන බව කියමින් අද රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් සිදු කරන බව එම සංගමය කලින් කියා තිබිණි.
ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා සමඟ අද පැවැති සාකච්ඡාවකින් පසු වැඩ වර්ජනය නතර කිරීමට තීරණය කළ බවත්, සියයට 12.5% බස් ගාස්තු වැඩි වීමක් ලබා දීමට ඇමැතිවරයා එකඟ වූ බවත් අංජන ප්‍රියංජිත් මහතා කීවේය.
අවම ගාස්තුව රුපියල් 12ක් කිරීමට සහ සමස්ථ බස් ගාස්තුව සියයට 12.5කින් වැඩි කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන අඟහරුවාදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ඇමැතිවරයා පොරොන්දු වූ බව කී සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය බස් ගාස්තු වැඩිවීම ලබන අඟහරුවාදා සිටම ක්‍රියාත්මක වන බව ද ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
’බස් ගාස්තුව තවත් වැඩි කරන්න දෙන්නේ නැහැ’- රාජිත"... මේ සත්‍යතාවය කුමක්ද? මෙසේ පැවසුවේ ජනතාව නියෝජනය කරන ජනතා බදු මුදලින් "උපරිම සැප" ලබන මහජනතාව වෙනුවෙන් සේවය කරනවා කියන "අම්බරුවෙක්" නොවේද? මෙය ප්‍රකාශ කලේ කොහෙන්ද යන්න ඔබ සැමට බාරයි. මෙසේ විහිළු සපයන්නේ ඔබේත්, මගේත්, අපේත් දුප්පත් වැටුපෙන් එකතු කරගන්න මුදල්වලින් නොවේද? මේ අයට ලැජ්ජාව යන්න කිසිලෙස නැති බව මෙයද හොඳම උදාහරණයකි.
අනේ රටකට ගිය කළක්. පුද්ගලික බස්කාරයින්ට ඕන විදියට කරන හැටි. පුද්ගලික බස්රථ රියැදුරු කොන්දොස්තරලා ගහන මාටියාපාර ගෙවන්නෙත් අපි..
සමහරක් පිං ඇමැතිලා බස් සමාගම් කාරයින්ගේ පදේට නටන්නේ, ඒ අයව පත්කලේ බස් සම්ගම්කාරයින් කියලා හිතාගෙන වෙන්න ඇති. බොරුවට සීයට 6.5 ක යෝජනාවක් ඇටෙව්වා මිනිස්සු රවටන්න. ඒකට ජනතාවගේ විරෝධයක් නැතිබව දැනුණාම ඉතිරි සීයට හය වැඩිකලා රැවටුනේ අපිද, ඔබලද කියලා ඊළඟ ඡන්දයදී බලාගමු !
මේ වගේ අපෘෂ්ඨවංශී ආණ්ඩුවක් නම් මේ මුළු මගුල් සක්වලේම පහළවෙලා නැතුව ඇති..
පුද්ගලික බස් රථහිමියෝද දේශපාලකයින්ගේ එක් දෙවියෙකි. ඔවුන්ට තවත් බොහෝ දෙවිවරු සිටිති. හැබැයි ඒ සියල්ලෝම ශ්‍රී ලංකාවට පමණක් ආවේනික වූ දෙවිවරුය.
මේක ආණ්ඩුවේ ඩබල් ගේම් ගහන අයගේ වැඩක්.
මිල සුත්තරයට පිටින් ගිහින් ගාස්තු වැඩි කලේ අනිවාර්යයෙන් යටින් හොද ගාණක් හුවමාරු වෙන්න ඇති.
සැමදා රජයන් නටවන බස්කාරයන් මේ රජයත් නැටෙව්වා කිව්වොත් එය නිවැරදියි.
මෙහෙමත් හරි තීරණයක් ගන්න බැරි ආණ්ඩුවක්! උදේ කිව්ව එක හවසට වෙනස් කරන එකේ තේරුම, මුලින් ගත්ත තීන්දුව වැරදියි කියන එක නේද? ප්‍රතිපත්තියක් ඇතුව වැඩ කරනවානම් ඔහොමත් දෙපැත්තට වැනෙන්න පුලුවන්ද? රජයක් වුනාම ස්ථිරසාර තීන්දු ගත යුතුයි.
ඔබට සතුටුයිද දැන්.
මහජනයාගේ කරපිටට දාල ......පාර්ලිමේන්තුවේ ඉන්න අය නොහැකියාවෙන් පෙලෙන අය
කමෝන්! රාජිත ඇමතිතුමා, ඔබතුමාට ටොන් පචය කියල චතුරත් ළඟදීම කියයි.
නිමල් සිරිපාල ඇමති බස් කාරයින්ගේ පදේට නටනවා, හරියට තීරණයක් ගන්න බැහැ බස් කාරයින්ගෙන් අල්ලස් ගන්න හින්දා.. හරියට තීරණයක් ගන්න බැරිනම් ඊළඟ ඡන්දයෙදි අනිවාර්යෙන්ම ගෙදරට තමයි ඉන්නවෙයි. එයා විතරයක් නෙවේයි කොන්ද පණ නැති යහපාලනය ගෙදරට තමයි ඉන්න වෙයි.
අයියෝ වැඩිපුර දෙන්න
අයියෝ අපි වැඩිපුර දෙන්න ඕනද?
අනේ උණු වැඩක්
අනේ වුණු වැඩක්
ගැමුණු ඉල්ලුවේ 10%, අවම ගාස්තුව 11/- යි. ඉල්ලුවටත් වඩා දුන්නේ මෙතන ලොකු රහසක් තියෙනවා.
ඩිසල් මිල වැඩිකිරීමේ වාසිය බස් හිමියන්ට හා කොන්දොස්තරලට නේද? අවම ගාස්තුව රු.දෙකකින් වැඩිකලම කෙටිම දුර යන 25ක් බස් රථයට නැග්ගොත් එතනම රු.50ක් .මෝඩකමට ආණ්ඩුවට බනින අතරේ බස් හිමියන් උපරිම ලාභ උපයනවා. රු.15ක් දුන්නොත් ටිකට් එකට රු.12 අරන් ඉතිරි රු.3 ගන්න කොන්දොස්තර මහතා ඇත මාරු කාසි තිබේවිද?
පුත්ගලික බුස් හිමියන්ට මීට වඩා තම අදායම ගන්න පුළුවන් ලංගම වගේ ටිකට් අනිවාර්ය කර රජයේ ආයතනයක් මගින් මගීන්ගේ ටිකට් බස් රථය තුල පරීක්ෂා කරන ක්‍රමවේදයක් ගෙනවානම්
අපිට කාගෙවත් පිළිසරණක්න නෑ
ඔය සංගම් එකකවත් මහත්තුරු මගීන්ට ඉතුරු සල්ලි දෙන් නැති එකට විසදුමක් දෙන් නෑනේ. තමන්ගේ මඩිය පුරෝගන්න විතරයි හදන්නේ. බස් සේවයේ ගුණාත්මකබව ගැන බලන්න කෙනෙක් නෑ.
මේ අය එලවා දමා හොද සේවයක් ලබා දීම සදහා වෘතිමය ආයතන වලට ටෙන්ඩර් කැදවන්න. බස් ගාස්තුව තීරණය විය යුත්තෙ ලබා දෙන සේවය මතය.
හර්ෂ, එයාටත් බස් ඇති. ඒකනේ...
ඉදිරි පැවැත්ම හිතාගන්න අමාරුයි.
ලක්ෂ 62 ඔබට ගොඩක්ම සතුටුයි නේද දැන්....?
කොහොමත් බදුලු ජනතාව එයා ගෙදර යවලා ඉවරයි. අනේ මන්දා තාම ඇමතිනේ.
ශ්‍රී ලංකාව තුල දුවන බස් වැඩිහරියක් සමහර පාර්ලිමේන්තු සහ හිටපු මහා ඇමතිලාගේ. ඒ නිසයි බස් ගාස්තු වැඩි කරන්නේ.
බස් ගාස්තු වැඩිකරනවානම් ඒවාට අදාල නීති ක්‍රියාත්මක කරනු?
අද සිටින දේශපාලකයන් එකෙකුටවත් මේ රටේ නැති බැරි මහජනතාවගේ දුක තේරෙන්නේ නැහැ.