රංජන් කස්තුරි
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සේවය කරන ආගමන විගමන නිලධාරීහු අද (17) දහවල් 12.30 සිට නිහඬ විරෝධතාවයක නිරතව සිටිති.
ආගමන විගමන නිලධාරීන්ගේ වෘත්තීය ගැටළු විසඳිමට බල කරමින් එම නිලධාරිහු අද (17) රාත්‍රී 12 සිට අකුරට වැඩ කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක ද නිරත වීමට නියමිතය.
කටුනායක,රත්මලාන,මත්තල ගුවන්තොටුපළ වල හා කොළඹ ත්‍රිකුණාමලය හා හම්බන්තොට වරායන්හි සේවය කරන ආගමන විගමන නිලධාරීහු ද අකුරට වැඩ කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙති.
ඡායාරූප - ප්‍රසාද් මුතුකුඩ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනික් දවස්වලට මේ ගොල්ලෝ හරියට රාජකාරිය කරලා නැහැ නේ.... දැන් තමා නීතිය අකුරටම කරන්න යන්නේ මේ ගොල්ලෝ ලංකාවට එනවිට උදේට දැක්කම කිසිම සුහද කමක් පෙන්වන්නේ නැහැ..... එන මගීන්ට සහ සංචාරකයන්ට අනික් රටවලට ගියාම ඒ නිලධාරින් ඉතාම සුහදශීලී ලෙස සිනහ මුහුණිනි කවුරුත් පිළිගන්නවා.......
බලාගෙන ගියාම රජයේ සේවකයො විතරයි මිනිස්ස. අනිත් සේවකයො රොබෝලා. ඉල්ලීම් තියෙන්නේ එයාලට විතරයි . මුන්ට ගහන්න ඕනි මඩු වලිගෙන්
ගුවන් තොටුපොළේ තිබෙන එකම සේවාව තමයි මේක පගා ගන්න බැරි සේවාව. ඉතින් මේ ගොල්ලෝ සේවාව කරන්නේ අලුගෝසුවෝ වගේ. මුනේ කිසිම සිනා පාටක් නැහැ. එක දවසක් අපි නැවත රටට එනකොට එක්කෙනෙක් රට කජු කකා සර්ව් කරනවා. තව එක්කෙනෙක් අනිත් කවුන්ටරේ ඉන්න නිලදාරියා එක්ක කතා කර කර පාස්පෝට් බලනවා.
මේගොල්ලන්ගේ මුස්පේන්තු මුහුණු බල බලා ගුවන් ගත වෙන මගීන්ට තමයි තෑගී දෙන්න ඕන. කිසිම ආචාර ධර්මයක් දන්නේ නැති , වෘත්තීය ගරුත්වයක් කියලා දෙයක් අහලාවත් නැති මිනිස්සු කොටසක්......
ප්‍රේමදාස කාලේ වගේ දෙන්න තියෙන්නේ ..මිට මාස 2, 3 කට කලින් ගුවන්තොටුපළ අය උත්ඝෝෂණ කරලා පඩි වැඩිකරගත්ත 10000 කින්, දැන් අයෙත් උත්ඝෝෂණ කරනවා තව කට්ටියක් , අරහේ පැය 3කත කලින් එන්නලු ගුවන්තොටුපලට, මොන මලකරදරයක්ද රටේ සාමාන්‍ය මිනිස්සුන්ට විදින්න වෙලා තියෙන්නේ, මේවා හොද පෞද්ගලික ආයතනයකට දීල දන්නා ඕන ලැබ ලබන හැටි පෙන්නන්න
මේගොල්ලෝ පන්නා දමලා අර පාරේ රස්සාවල් ඉල්ලන උපාධි ධාරීන්ට රැකියාවල් දෙන්න.
විදේශ දූත මණ්ඩලවලට ආගමන විගමන නිලධාරින් අනුයුක්ත කිරීම මෙයාලගේ එක ඉල්ලීමක්, හරි ෂෝක්.
කට්ටිය පටලවාගෙන වගේ. මෙයාල පඩි වැඩි කරන්න කියලා නෙමෙයිනේ කියන්නේ.