(මුදිතා දයානන්ද)
කොටි ත‍්‍රස්තවාදීන් විරුවන් කර සැමරීමට ඉඩ දෙන්නේ නම් ඔවුන් තරමට දරුණු නැති බන්ධනාගාරගත සිරකරුවන් සියලූ දෙනා නිදහස් කරන්න යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (17) පැවසීය.
ගම්මන්පිල මහතා මෙසේ පැවසූයේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වන අතර ඔහු තවරදුටත් මෙසේද පැවසීය.
රාජිත සේනාරත්න ඇමැතිවරයා කියනවා අපේ රටේ ජනතාව කොටි සැමරුවාට කමක් නැහැ කියලා. එතුමා කියනවා මට යුද්ධය ගැන හොඳ හැගීමක් තිබෙනවා. මගේ පක්ෂය දාලා ඇවිත් තමයි යුද්ධයට සහය දුන්නේ කියලා. එතුමාට අමතක වුණාට රාජිත සේනාරත්නලාගේ යුද විරෝධී පෙරමුණේ හා වෙනත් විවිධ සිවිල් සංවිධාන ජාත්‍යන්තර බලවේග යුද්ධය එපා කියල උද්ඝෝෂණ කරද්දි තමයි අපිට යුද්ධය කරන්න සිදුවුණේ.
රාජිත සේනාරත්න ඇමැතිතුමන්ලා එදා ත‍්‍රස්තවාදය යුද්ධයෙන් අවසන් කරන්න බැහැ කියලා මාත් එක්ක පවා මාධ්‍ය සාකච්ඡා වලදී තර්ක කළා. එහෙම කරපු රාජිත මහත්තයා යුද්ධය දිනුවාට පස්සේ තිස් වසරක යුද්දෙ නිමයි තිස් වසරක් රජුත් නුඹයි කියලා මහින්ද රාජපක්ෂ මහතාගේ සහ තමන්ගේ ඡායාරූප සමග බැනර් දැම්මා.
රාජිත ඇමැතිතුමා කොටි හා ජවිපෙ සමාන කරමින් අහනවා ජවිපෙට ඉල් මහවිරු සමරුව කරන්න පුලූවන් නම් කොටි සමරන්න බැරි ඇයි කියලා. මේ දෙකේ වෙනස තේරුම් ගන්න බැරි රාජිත මහත්තයා ඇමැතිකමක් දැරීම ගැන අපිට ලැජ්ජයි. ජවිපෙ මේ රටේ තහනම් සංවිධානයක් නෙවෙයි.
එහෙත් එල්ටීටීඊය කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ රටවල් රැසක තහනම් සංවිධානයක්. ඒ වගේම ජවිපෙ කැරලි ගැහුවේ රාජ්‍ය බලය ගන්න. ලෝකයේ එහෙම රාජ්‍ය බලය ගත්ත සමාජවාදී පාලනය පවතින රටවල් කිපයක් තිබෙනවා. ඒවා බලය ගත්තේ කැරලි ගහනා ප‍්‍රජාතන්ත‍්‍ර වීරෝධී ලෙස වුණත් ඉන්පසුව ප‍්‍රජාතන්ත‍්‍රවාදි ලෙස රට පාලනය කර තිබෙනවා. ඔවුන් බලය ගන්නා ක‍්‍රමය අපි අනුමත කරන්නේ නැහැ. එහෙත් කොටි සංවිධානය කියන්නේ රටෙන් කොටසක් ඉල්ලා යුද්ධ කළ දරුණුම ගණයේ ත‍්‍රස්තවාදී සංවිධානයක්. මේ දෙක එකිනෙකට සම කරන්න බැහැ.
කොටින්ට කිරි පොවන්න හදන මේ ආණ්ඩුවේ ලොක්කන්ට අපි මතක් කරනවා 71 කැරැල්ලක් ගහපු ජවිපෙ 89 දෙවැනි කැරැල්ලක් ගැහුවා නම් 2009 පරාජයට පත්කළ කොටි සංවිධානයට යළි ත‍්‍රස්තවාදය සමඟ නැගිටින්න ඉඩකඩ හදන්න ලෑස්ති වෙන්න එපා කියලා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙන්නම එකම කාසියේ දෙපැත්ත වගේ තමා. වැඩි වෙනසක් නැත
කවුද අප්පේ එහෙම කීවේ? ශ්‍රී මහා බෝධිය, ශ්‍රී දළඳා මාලිගාව, අරන්තලාව වගේ තැන්වල සමුල ඝාතන සැලසුම්කර ඒවාට අණදුන් කරුණා අම්මාන් හෝදලා අරගෙන පක්ෂයේ උප ලේකම් කම පුජා කරලා නළව නලවා සුර සැප දෙන්න හොඳයි දෙමල අම්මා කෙනෙක් මරුන දරුවෙකුට පහනක් තියන එක වැරදී. අනේ අනේ...
තමුන්නාන්සෙ ආන්ඩුවෙ පඩියක් ගන්නවා නේද? දෑන් මන්ත‍්‍රී කෙනෙක් වශයෙන් ඔබතුමා කරන්නෙ ආන්ඩුව විවේචනය කරන එක විතරද? ජනතා සේවය මේකද? මේව ඈයි මේ මාධ්‍යට කියන්නෙ. ඔයා ඉන්නෙ පාර්ලිමේන්තුවෙනෙ.
අම්මප, මුන්නහෙගේ කටට මොනවා වෙලාද මන්දා? කට ඇරියොත් චක බක ගානවා. තොර තෝංචියක් නැහැ. කන් කරච්චලේ.
තමුන් බලයේ හිටි කාලේ ලොකු කොටි දෙන්නෙක්ට හොදට කන්න බොන්න සැප දීලා තියාගත්තේ අහවල් කෙන්ගෙඩියකට ද? මාලිගාවට බෝම්බ ගහපු කරුණා අම්මාන්ව ඔඩොක්කුවේ තියාගත්තේ කව්ද ? එතකොට කොටින්ට නැව් පිටින් නොයෙකුත් විදිහේ අවි ආයුධ ගෙන්නපු KP ට කොළඹ සුවිසල් මන්දිරයක රජසැප දුන්නේ කවුද ? එහෙම බලනකොට පොඩි කොටි කෙරුවේ මොනවාද ? මෙයාගේ කට ඇරියෝතින් මොලේ ෂෝර්ට් වෙනවා .. ගණන් ගන්න එපා
මම මොකටද ඔල මොට්ටලයින් නිසාම මගේ ලේ රත්කරගන්නේ !!
මෙවැනි අවස්තාවකදී පක්ෂ පාට වාද බේද වලින් තොරව ඇත්ත ඇති හැටියෙන් දැකිය යුතුයි. මහින්ද, ගෝඨාභය, සරත් ෆොන්සේකා ඇතුළු ආරක්ෂක හමුදා රණවිරුවන් විසින් මේ රට ප්රභාකරන් සහ ඔහුගේ කොටි සංවිධානයෙන් බේරා ගත්තා. ඒ නිසා මේ බව අප ඉතා ගෞරවයෙන් සිහිපත් කලයුතුයි. එහෙම නොකර අතීතය අමතක කරනවානම් අප මහා ගුණමකුවෝ.
වෙලාවකට හිතෙනවා මේවයේ අදහස් දන්නා ආණ්ඩුව වෙනම කට්ටියක් පත්කරලද කියල. දල තියෙන අදහස් දැක්කහම. මොකද ඒවාට තියෙන ගොඩක් ප්‍රතිචාර හොද නැති ඒවා. ඔය අදහස් දන්නේ රටේ සමනය ජනතාවගේ නියැදියක් නම් , එම අදහස් වලට දන ප්‍රතිචාර වැඩි ප්‍රමාණයක් dislike කරපුව. එතකොට , පෙන්නේ මහජනයාගේ බහුතර අදහස නෙමෙයි. මෙතෙන අදහස් වලින් කියන්නේ.. ගොඩක් අය මෙතුමාගේ අදහසට පක්ෂය වගේ..